Tuesday, May 19, 2009

ජයග්‍රහණය වෙනුවෙන්... ඇත්ත ඇති සැටියෙන්...

සිංහලයින්ට ලෝකයේ තිබුණේ එකම එක රටකි. එදත් අදත් එය එසේමය. අනාගතයේදීද එය එසේම වනු ඇත. භූගෝලීය පිහිටීම, සශ්‍රීකත්වය හා ස්වාභාවික සම්පත් වලින් අනූන වීම වැනි නොයේකවිධ කාරුණු කාරණා නිසා සිංහලයන් සතු මේ ස්වර්ණභූමිය ඉතිහාසය පුරා පරදේසක්කාරයින්ගේ ආක්‍රමණ වලට ගොදුරු වී ඇත. මහාවංශය වැනි ඉතිහාස වාර්තා අනුව ගත්කළ පසුගිය වසර 2550ක පමණ කාලපරිච්ඡේදය තුල සිංහලයින් විදෙස් ආක්‍රමණ 30කට ආසන්න ප්‍රමාණයකට මුහුණ දී ඇත. එයින් බහුතරයක් නෙහොත් ආක්‍රමණ 26ක් ම දකුණු ඉන්දීය ද්‍රවිඩයින් විසින් සිදුකළ ආක්‍රමණයන්ය.

වාර්තාගත තොරතුරු අනුව ක්‍රි.පූ.237 දී පාණ්ඩ්‍යයින් වන සේන ගුත්තිකගේ ආක්‍රමණයෙන් ආරම්භ වන දකුණු ඉන්දීය ආක්‍රමණ රැල්ල ක්‍රි.පූ.205 දී එළාර, ක්‍රි.පූ.161 දී එළාර බේරාගැනීමට පැමිණි භල්ලුක, ක්‍රි.පු.103 දී එල්ල වූ සත් මහ ද්‍රවිඩ ආක්‍රමණය, ක්‍රි.ව.112 දී චෝලයෙන් ආ කරිකාලන්, ක්‍රි.ව.429 දී පාණ්ඩ්‍යයෙන් ආ පණ්ඩු, ක්‍රි.ව.600 දී පල්ලව ආක්‍රමණය, ක්‍රි.ව.621 දී ශ්‍රීනාග, ක්‍රි.ව.835 දී හා ක්‍රි.ව.887 දී ආ පාණ්ඩ්‍ය ආක්‍රමණ, ක්‍රි.ව. 946 දී හා 955 දී දෙවරක් ආ චෝල ආක්‍රමණ, ක්‍රි.ව.960 දී පාණ්ඩ්‍යයේ රජු වල්ලභ ගේ ආක්‍රමණය, ක්‍රි.ව.1018 දී 1025 දී හා 1044 දී වු අතිශය විනාශකාරී චෝල ආක්‍රමණ, ක්‍රි.ව.1111 දී දකුණු ඉන්දීය වීරදේවගේ ආක්‍රමණය, නැවතත් ක්‍රි.ව.1208 දී චෝල, ක්‍රි.ව.1210 දී ලෝකේස්වර, ක්‍රි.ව.1213 දී පාණ්ඩ්‍ය, ක්‍රි.ව.1215 දී කාලිංග මාඝ, ක්‍රි.ව.1247 දී චන්ද්‍රභානු, ක්‍රි.ව.1269 දී ජවක හා පාණ්ඩ්‍ය ආක්‍රමණය, නැවතත් ක්‍රි.ව.1281 පාණ්ඩ්‍ය ආක්‍රමණය, ක්‍රි.ව.1308 දී ආර්ය චක්‍රවර්තී හා වර්තමානයේ (ක්‍රි.ව.1976 සිට) වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ආක්‍රමණය දක්වා ගලා එමින් පැවතින.

කෙතරම් ප්‍රබල ආක්‍රමණ පැමිණියත් සිංහලයින් කිසිදා තම මාතෘභූමිය වෙනත් ජාතියකට යටත් කරගැනිමට ඉඩ තබා නැත. යටත් කරගැනීමට හැකිවන්නේ ද නැත. ඒ බව නැවත වතාවක් සිංහලයින් ලෝකයට හඬනඟා කී ඵෙතිහාසික දිනය අදයි. එනම් 2009 මැයි මස 19 වනදායි.

ඵෙතිහාසික දෙමළ සිහිනය වන "මුම්මුඩ චෝල මණ්ඩලම්" අධිරාජ්‍යය බිහිකිරීමේ එළාර, කාලිංඝ මාඝ පරපුරේ වර්තමාන පුරුක වන ප්‍රභාකරන් දුටු සිහිනය දුටුගැමුණු, විජයබාහු, වලගම්බා පරපුරේ සිංහලයින් විසින් නැවත වතාවක් බොඳකරන ලද ඵෙතිහාසික දිනය අදයි. දශක තුනක් තිස්සේ ලංකාවටම හිසරදයක් වූ, පිළිලයක් වූ ප්‍රභාකරන් නම් මිලේච්ඡ ත්‍රස්තවාදියා සහ ඔහු‍ගේ වානර හමුදාව එලොව යවා සිංහල දේශය නැවත වතාවක් නිදහස් කරගත් මේ මොහොතේ අප සිහි තබාගත යුතු එක් කාරණාවක් මකත් කළ යුතුව ඇත.

එනම් "ඉතිහාසයේ සිදුවීම් නැවත නැවතත් සිදුවෙමින් පවතී. එබැවින් ඉතිහාසයෙන් පාඩම් උගෙන අනාගතය සැලසුම් කරගැනීම වටී" යන්නයි.

ත්‍රස්තවාදය පරාජය කිරීමට ඇප කැප වූ අපගේ මීලඟ කාර්යභාරය විය යුත්තේ අනාගතය උදෙසා සිංහල ජාතිය පරිණාමය කිරීමයි. ඒ සඳහා සුදුසු පරිසරය දැනටමත් නිර්මාණය වී ඇතැයි සිතමු.

ත්‍රස්තවාදය පරාජය කිරීමට ඇප කැප වූ රණවිරුවන් හා අනෙකුත් සියලු දෙනාට අපගේ උත්තමාචාරය!

Thursday, September 11, 2008

ජෙට් යුගයේ වාර්තාගත ගුවන් ප්‍රහාරය

පසුගිය සැප්තැම්බර් 09 වනදා අළුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොටි ත්‍රස්තවාදීන් සතු Zlin Z-143 වර්ගයේ සැහැල්ලු ගුවන් යානාවක් මුලතිව් වලට ඉහළ අහසේදී පහරදී විනාශ කරන ලදි. මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ සන්ධිස්ථානයක් මෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු මෑතකාලීන ලෝක ඉතිහාසයේද ප්‍රථම ගුවනේ සිට ගුවනට එල්ල කරන ලද පළමු ප්‍රහාරය වේ. දෙවන ලෝක යුද්ධයේදී සතුරු ගුවන් යානා විනාශ කිරීම සඳහා විවිධ රටවල් වල ගුවන් හමුදා විසින් ගුවනේ සිට ගුවනට එල්ල කරන ලද ප්‍රහාර වලින් පසු ප්‍රථම වතාවට එවන් ප්‍රහාරයක් සිදුකරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් විසිනි. ඊට හේතුව දැනට ගුවන් යානා යොදාගනිමින් ප්‍රහාර එල්ල කරන සතුරන් සිටින්නේ ශ්‍රී ලංකාවට පමණක් වීමය.

කොටි ත්‍රස්තවාදීන් සතුව Zlin Z-143 වර්ගයේ සැහැල්ලු ගුවන් යානා 2ක් හෝ 3ක් ඇති අතර Robinson වර්ගයේ කුඩා හෙලිකොප්ටර් යානාවක් හෝ දෙකක්ද ඇති බවට වාර්තා වී ඇත. කොටින් විසින් එම Zlin වර්ගයේ සැහැල්ලු ගුවන් යානා වෙනස් කර ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රහාරක යානා වශයෙන් සකස් කරගෙන ඇත.

read more...

Wednesday, August 27, 2008

ජලය නැත! සඳු ද නැත!

එන්-ගා-කු හි බු-කෝ නම් ගුරුවරයා යටතේ සෙන් ඉගෙනගනිමින් සිටී මෙහෙණියක වූ චීයෝ-නෝ හට දිගු කලක් ගතවුවත් භාවනාවෙහි ඵල නෙලාගැනීමට නොහැකි විය.
එක් සඳු ඇති දිනෙක උන පතුරකින් බැඳ තිබූ පැරණි දිය බඳුනකින් ඇය දිය ගෙන එමින් සිටියාය‍. උන පතුර කැඩී බඳුනෙහි පතුල ගැලවී වැටුනි, ඒ මොහොතේ ඇය අවබෝධය ලබාගත්තාය.

එය සිහිකිරීම වස් ඇය මෙම කවිය ලියා තැබුවාය;

මම නොයෙක් අයුරින් වෙර දැරිමි,
දිරාගිය උන පතුර නිසා දුබල වී
බි‍ඳෙන්නට යන දිය බඳුන රැකගන්න,
එහි පතුල ගැලවී වැටෙන තෙක්ම.
තවත් බඳුනෙහි ජලය නැත!
තවත් ජලයෙහි සඳු ද නැත!



(මෙය පහත දැක්වෙන No water! No moon! නම් සෙන් කතාවෙහි පරිවර්ථනයකි.)

No Water, No Moon

When the nun Chiyono studied Zen under Bukko of Engaku she was unable to attain the fruits of meditation for a long time.

At last one moonlit night she was carrying water in an old pail bound with bamboo. The bamboo broke and the bottom fell out of the pail, and at that moment Chiyono was set free!

In commemoration, she wrote a poem:

In this way and that I tried to save the old pail
Since the bamboo strip was weakening and about
to break
Until at last the bottom fell out.
No more water in the pail!
No more moon in the water!

Source: http://www.ashidakim.com
Picture curtsy of www.apebbleonthewater.com

Friday, August 22, 2008

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ දැනුම්දීමයි!

ඉක්ටා (ICTA) ආයතනය සහ සිංහල බ්ලොග්කරුවන් අතර සිංහල ෆයර්ෆොක්ස් සමබන්ධව ඇතිවී තිබෙන ප්‍රශ්නය ගැන මෑතකදී ඇතිවෙමින් පවතින තත්වයන් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. ඉක්ටා ආයතනයටත්, ඩනිෂ්ක නවීන්ටත්, සිංහල බ්ලොග්කරුවන්ටත් විරුද්ධව එල්ල වෙමින් ඇති මඩ ප්‍රහාර, අසත්‍ය ප්‍රකාශ පිළිබඳව ඇත්ත තත්වය එමඟින් හෙළිකර ඇත. එය පහත දැක්වේ.

දැනුම්දීමයි!

සිංහල ෆයර්ෆොක්ස් සම්බන්ධව දැනට ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අදහස් කළෙමු.

දැනට මේ ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අපගේ අවධානය යොමු නොවූ පැතිකඩක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර පළමුව දැනට ඇති වී තිබෙන තත්වයේ පසුබිම මදක් පැහැදිලි කරගනිමු.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින් කිහිප දෙනෙක් විමින් ඉක්ටා (ICTA) ආයතනයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් බ්ලොග් සටහන් ලියුවේ ආසන්න වශයෙන් පහත සඳහන් කරුණු පාදක කරගනිමින් ය.

1. මෝසිලා ආයතනය යටතේ ඇති විවෘත හා නිදහස් මෘදුකාංගයක් වන සිංහල ෆයර්ෆොක්ස් බ්‍රවුසරය ඉක්ටා ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක්ය යනුවෙන් හුවාදැක්වීමට ගත් උත්සාහයත්,

2. ඒ පිළිබඳව මාධ්‍ය ආයතන වලට ඔවුන් විසින් පෙන්වූ වැරදි චිත්‍රයත්,

3. මාධ්‍ය ආයතන විසින් කළ වැරදි ප්‍රචාරය නිවැරදි නොකිරීම සම්බන්ධවත්,

4. පසුව සිංහල බ්ලොග්කරුවන් වෙත නිකුත්කළ කිසිම නිල තත්වයක් නැති මාධ්‍ය ප්‍රකාශයත්,

5. මොරටුව විශ්ව විද්‍යාලයේ හා ICTA විසින් ෆයර්ෆොක්ස් ඔවුන්ගේ නිෂ්පාදනයක්ය යනුවෙන් මාධ්‍යන්ගේ ගිය ප්‍රකාශත්,

මෙම කරුණු එකක් හෝ කිහිපයක් අලලා ලියැවුනු සිංහල බ්ලොග් සටහන් නිසා පැනනැගුනු තත්වය මත අප සංගමයේ කාලිංග ඇතුලත්මුදලි මහතා සහ ඉක්ටා ආයතනයේ වසන්ත දේශප්‍රිය මහතා අතර සුහඳ ලිපි හුවමාරුවක් ද සිදුවිය. සිංහල බ්ලොග්කරුවන් කිසිවිටෙකත් ඉක්ටා ආයතනය සමඟ ප්‍රශ්න ඇතිකරගැනීමටවත්, වෛරබැඳ ගැනීමටවත් මේ නිසා අදහස් නොකළ අතර එසේ විවේචන ඉදිරිපත් කලේ පැහැදිලිවම පෙනෙන වැරදි කිහිපයක් ඉක්ටා ආයතනය මගින් සිතාමතා හෝ නොසිතා සිදුවී තිබූ නිසාය. එවන් ඇතැම් කරුණු ගැන වසන්ත දේශප්‍රිය මහතා විසින් අපට පැහැදිලි කිරීම් ඉදිරිපත් කළ අතර සිදුවී තිබූ ඇතැම් වැරදි ගැන කණගාටුව ද ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඔහු ලබාදුන් ඇතැම් පිළිතුරු සම්බන්ධයෙන් අපේ නොසතුට හා විරුද්ධත්වයද ප්‍රකාශ විය.

ඩනිෂ්ක නවීන් විසින් ඔහුගේ අන්තිම බ්ලොග් සටහනේ කියා තිබූ ආකාරයට "ඉක්ටා ආයතනය යනු සිංහල ෆයර්ෆොක්ස් නිර්මාණය සඳහා දායක වුනු ප්‍රජාවේ එක් පාර්ශවයක්" පමණි යන්න අපද එකහෙළා ප්‍රකාශ කර සිටිමු. ඒ ෆයර්ෆොක්ස් සිංහලයට පර්වර්ථනය කිරීම සඳහා යම්කිසි කාලයක් එම කටයුත්තෙහි පූර්ණකාලීනව යෙදී සිටී ඩනිෂ්ක නවීන් හට මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දක්වමින්ය. රෙඩ්හැට් ආයතනයද ඒ අයුරින්ම ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කිරීම සඳහා ඩනිෂ්ක හට මූල්‍ය අනුග්‍රහය ලබාදීමෙන් මෙම කටයුත්තට දායක වූ තවත් ආයතනයකි. එමෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයද එහි සාමාජිකයින්ද එම කාර්යය සඳහා නන් අයුරින් සහාය දැක්වීය.

ඉහත ආයතන වල අනුග්‍රහය යටතේ කටයුතු කිරීමට ඩනිෂ්කට ඔවුන් සමඟ ගිවිසුම් වලට එළඹීමට සිදුවී ඇති බවද අපි දනිමු. ගිවිසුම් වල අන්තර්ගත වූ කරුණු පිළිබඳව අපි දැනුවත් නැතත් ඉක්ටා ආයතනයේ වසන්ත මහතා විසින් කාලිංග වෙත එවා තිබූ අවසන් ලිපියේ සඳහන් පරිදි ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කිරීම ඩනිෂ්ක ඔවුන් සමඟ ඇතිකරගත් ගිවිසුමේ පරිදි "contractual deliverable" (භාරදිය යුතු කටයුත්තක්) බව පැවසේ. ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කරන්නේ ඉක්ටා ආයතනයේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා නම් එම ගිවිසුමේ පරිදි ඩනිෂ්ක විසින් කාර්යය නිමකර එය ඉක්ටා ආයතනයට අවශ්‍ය පරිදි භාවිතා කිරීමට දීම හෝ ගිවිසුම් ප්‍රකාරව එහි අයිතිය ඉක්ටා ආයතනයට ලබාදීම පිළිබඳව කිසිඳු ප්‍රශ්නයක් අපට නැත.

නමුත් ඉක්ටා ආයතනයේ ගිවිසුම ප්‍රකාරව ඩනිෂ්ක විසින් ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කර භාරදිය යුත්තේ ඉක්ටා ආයතනයට වුවත් එය ඇත්ත වශයෙන්ම භාර දී ඇත්තේ (ඉක්ටා අනුදැනුමද ඇතිව) මෝසිලා ආයතනය වෙතය. එමෙන්ම ඉක්ටා ආයතනයට ගිවිසුමකින් බැඳී සිටී ඩනිෂ්ක ඔහුගේ රාජකාරිය කළේද මෝසිලා ආයතනයේ දැක්ම, මෙහෙවර, අරමුණු, සහ ඉලක්ක (goals) වෙනුවෙන් ඔවුන්ගේ deadlines අනුවය. ඒ අනුව ඩනිෂ්ක විසින් මෝසිලා ෆයර්ෆොක්ස් 3.0 නිකුතුව සමඟ සිංහල අනුවාදයද 2008 ජූනි 17 දින නිකුත් කිරීම සඳහා භාරදුන්නේ මෝසිලා ආයතනය වෙතයි. ඉන්පසු මොසිලා වෙබ් අඩවිය ඔස්සේ ලංකාවේ මෙන්ම ලොව පුරා බොහෝ පිරිසක් ෆයර්ෆොක්ස් හි සිංහල අනුවාදය බාගත කරගන්නා ලද බව අපි දනිමු.

ඒ අනුව පෙනීයන්නේ ඉක්ටා ආයතනය විසින් ඩනිෂ්ක වෙත ඉදිරිපත් කළ ගිවිසුම විවෘත සහ නිදහස් මෘදුකාංග පිළිබඳව කිසිඳු සිතාබැලීමකින් තොරව, කිසිඳු ආකාරයකින් තර්කානුකූල නොවන, පදනම් විරහිත කොන්දේසි සහිත ලියවිල්ලක් බවත්, එම ගිවිසුම සඳහා මෝසිලා ආයතනයට හෝ ඩනිෂ්කට කොන්දේසි ඇතුලත් කිරීමට අවස්ථාවක් නොලැබී ඇති බව හෝ අවස්ථාවක් ලැබුනත් ඔවුන් විසින් කොන්දේසි ඇතුලත් කර නැති බවයි. එය වැඩිදුර නොසිතීම නිසා සිදුවූවක් විය හැකිය. (එවන් කොන්දේසි තිබේදැයි අපි නොදනිමු)

එමෙන්ම ඉක්ටා ආයතනය මෝසිලා ආයතනයේ කිසිඳු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් (Policy Statement) හදාරා නොමැතිව එම ගිවිසුම් සකස් කර ඇති බවත් පෙනී යයි. මක්නිසාද ඉක්ටා ආයතනයේ ගිවිසුම පරිදි ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ අයිතිය ඉක්ටා ආයතනය සතුබව ප්‍රකාශ කළද, මෝසිලා දේශීයකරණ ව්‍යාපෘති සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශයේ (Mozilla Trademark Policy for Localization Projects : http://www.mozilla.org/foundation/trademarks/l10n-policy.html ) සඳහන් පරිදි නිල ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ එම කාර්යය සිදුකළ කණ්ඩායමේ නායකයාට (නොහොත් හිමිකරුට) බව "The L10n team owner is the module owner for the translation" ලෙස පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව ඉක්ටා ආයතනය හා ඩනිෂ්ක නවීන් අතර කුමන ගිවිසුමක් ඇති වුවද ඊට පෙර සිට තිබූ මෝසිලා ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ ඒ සඳහා මූලිකත්වය ගත් කණ්ඩායම් නායකයා වූ ඩනිෂ්ක නවීන් හටය. එයද මෝසිලා වෙබ් අඩවියේ "Browser/toolkit owner - Danishka Navin " (https://wiki.mozilla.org/L10n:Localization_Teams#Sinhala_.28si.2Csi-LK.29 ) යනුවෙන් පැහැදිලිව දක්වා ඇත.

තවත් අයුරකින් බැලුවත්, ඉක්ටා ආයතනය රාජ්‍ය ආයතනයක් නිසා දැනට අප භාවිතා කරන සිංහල ෆයර්ෆොක්ස් මෘදුකාංගය නිපදවීම සඳහා පූර්ණකාලීනව කටයුතු කළ පුද්ගලයාට මූල්‍යමය අනුග්‍රහය සපයා ඇත්තේ මහජනතාව විසින්මය. එය හරියට ගමක ප්‍රජාශාලාවක් ගොඩනැගීම සඳහා ග්‍රාම සංවර්ධන සමිතිය මඟින් මේසන්බාස් කෙනෙකුට ‍වේතනයක් ගෙවා අවශ්‍ය ගොඩනැගිල්ල සාදවාගත්තා හා සමාන කටයුත්තකි.

මෙම ඉක්ටා ආයතනය-සිංහල බ්ලොග්කරුවන්-ඩනිෂ්ක යන පාර්ශව අතර ඇතිවී ඇති තත්වයයෙන් තම අරමුණු මුදුන්පත් කරගැනීමට වෙර දරණ තවත් පාර්ශවයක්ද සිටින බව පෙ‍නී යයි. එම කරුණ පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය ලිවීමට අදහස් කළ අතර පසුබිම පැහැදිලි කිරීමට ඉහත කරුණු ඉදිරිපත් කළෙමු.

සිංහල යුනිකේත සම්බන්ධ ඉතිහාසයය ගැන සලකාබැලීමේදී සිංහල යුනිකේත පිළිබඳව මත දෙකක් දරණ පිරිසක් ලංකාවේ සිටින බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. ඉක්ටා ආයතනය ප්‍රමුඛ බහුතරයක් සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවත් නොමැති බවත්, එය ඕනෑම කෙනෙක්ට ඕනෑම පරිගණක පද්ධතියක් තුල භාවිතා කර නිවැරදිව සිංහල ලිවීමට හා කියැවීමට හැකි පරිදි මෙවලම් නිර්මාණය කර ඇති බවත් ප්‍රකාශ කරද්දී, තමන්ගේ පටු වාණිජ පරමාර්ථ මුදුන් පමුණුවාගැනීමට වෙර දරණ එක් පුද්ගලයෙකු සමඟ සිටින ඉතා සුළු පිරිසක් සිංහල යුනිකේත වල අඩුපාඩු ඇතැයි පවසමින් ඒ සඳහා විකල්පයක් තමන් සතුව ඇතැයි මොර දෙති. ඒ බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි.

ඩනිෂ්කගේ මූලිකත්වයෙන් සිංහල ෆයර්ෆොක්ස් එලිදැක්වීමත් සමඟ මෙම සිංහල යුනිකේත විරෝධී කල්ලියට තරු වීසි වී ඇත්තේ සිංහල යුනිකේතය සඳහා ප්‍රායෝගිකව ජාත්‍යන්තර පිළිගැනීමක් සිංහල ෆයර්ෆොක්ස් නිසා ලැබීම හේතුවෙනි. සිංහල යුනිකේත භාවිතයෙන් නිකුත්වූ ලොව ජනප්‍රියතම මෘදුකාංගය ෆයර්ෆොක්ස් වන බැවින් මෙම සිංහල යුනි‍කේත විරෝධී කල්ලි‍යේ "සිංහල යුනිකේත දෝෂ සහිතයි" යන තර්කය නිරායාසයෙන්ම බිඳී ඇත. එමෙන්ම ඔහුගේ විකල්ප සිංහල යුනිකේත මාලාවේ ඉරණමද ඒ සමඟම තීරණය වී ඇත. එම නිසා එම කල්ලියේ අලුත්ම සතුරන් වී ඇත්තේ ඩනිෂ්ක නවීන්, සිංහල ෆයර්ෆොක්ස් සහ සිංහල බ්ලොග්කරුවන් ය.

එමෙන්ම සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවක් නැතැයි කියා කීමටද ඉක්ටා ආයතනය ඇතුලු සිංහල යුනිකේත ප්‍රජාවට ඇති ප්‍රබලම සාධකයද සිංහල ෆයර්ෆොක්ස් බව අවිවාදයෙන් කිව හැකිය.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මඟුල් කීවා සේ, ඉක්ටා ආයතනය, ඩනිෂ්ක නවීන් සහ සිංහල බ්ලොග්කරුවන් අතර ගැටුමක් ඇතිවී ඇති මේ මොහොතේ සිංහල යුනිකේත විරෝධී කල්ලියට රජ මඟුල් අවස්ථාවකි. එම නිසා එම කල්ලිය විවිධ බ්‍ලොග් අඩවි ඔස්සේ මෙම ඇතිවී ඇති තත්වය හැකි තරම් උණුසුම් කර, අවුල් කර ඉක්ටා ආයතනය සහ සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්කත් කෙටවීමට උත්සාහ කරන බවක් පෙනේ. මෙම ප්‍රශ්නකාරී තත්වය දුරදිග ගොස් ඉක්ටා ආයතනයත්, සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්ක නවීනුත් විරසක වුවහොත් ඉන් උපරිම වින්දනයක් ලබන්නේ එම සිංහල යුනිකේත විරෝධී කල්ලියයි. එමෙන්ම එම තත්වය යටතේ සිංහල ෆයර්ෆොක්ස් හි ඉදිරි සංවර්ධන කටයුතුද කඩාකප්පල් වීමට ඉඩ ඇත.

කෙසේ වෙතත් මෙම කරුණ ගැන කිසිඳු තැකීමක්, දුරදිග සිතීමකින් තොරව කටයුතු කළ සහ කරන ඉක්ටා ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා සිංහල යුනිකේත විරෝධී කල්ලියේ අයට ඇති තරම් මඩ බාල්දි ප්‍රමාණයක් රැස්කරගත හැකිවී ඇත. අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඉක්ටා ආයතනයටත්, ඩනිෂ්ක නවීන්ටත්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත්, එහි සාමාජිකයින්ටත් එරෙහිව අසත්‍ය ප්‍රකාශ සහ මඩ ප්‍රහාර ඔවුන් විසින් දියත් කරමින් පවතී.

ඔවුන් පවසන පරිදි ඉක්ටා ආයතනය විසින් මහජන මුදලින් ඩනිෂ්ක නවීන්ගේ කැනඩා සංචාරය සඳහා මුදල් වියදම් කර නැති බවත්, ඔහු කැනඩාවේ සංචාරයක නිරත වූයේ මෝසිලා ආයතනයේ ආරාධනාවක් මත "‍2008 ෆයර්ෆොක්ස් සමුළුවට" සහභාගීවීම සඳහා බවත්, ඒ සඳහා සියළු වියදම් මෝසිලා ආයතනය විසින් දරා ඇති බවත් ෆයර්ෆොක්ස් සිංහල කිරීමේ කටයුතු වලට හවුල් වූ පාර්ශවයක් වශයෙන් අප අවධාරණයෙන් කියා සිටිමු.

එබැවින් කරුණාකර එම පිරිසගේ අසත්‍ය ප්‍රචාර වලින් නොමඟ නොගොස් ක්‍රියා කරන ලෙසද, එවන් බ්ලොග් අඩවි වලට ගොස් අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසද සැමගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ඉක්ටා ආයතනයට හෝ වෙන යම් පිරිසකට/පුද්ගලයෙකුට පන්න පන්නා පහර දීමේ ප්‍රතිපත්තියක් සිංහල බ්ලොග්කරුවන් අතර නැති බවද කිව යුතුය.

තවද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින්ගේ බ්ලොග් සටහන් හෝ ප්‍රකාශ ඒ ඒ සාමාජිකයින්ගේ පුද්ගලික අදහස් වන බවද, ඒවා සංසදයේ අදහස් හෝ ප්‍රකාශ ලෙස වටහා නොගන්නා ලෙසද මතක් කර සිටිමු.

එමෙන්ම දුරදිග සිතා කටයුතු කරන මෙන්ද, තම නිලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපය සොයාබලා වගකීමෙන් කටයුතු කරන ලෙස අවවාද කරන ලෙසද ඉක්ටා ආයතනයේ වගකිවයුතු ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

සිංහල බලොග්කරුවන්ගේ සංසදය


Wednesday, August 6, 2008

බුදුහාමුදුරුවන්ට පස්ස පෙන්නන අපේ රටේ නායක හිමිවරු!

කවුරුහරි අද (අගෝ.06) දිවයින කියෙව්වද? මුල් පිටුවේ තිබෙන පින්තූරය සහිත පුවත දැක්කද? (http://www.divaina.com/2008/08/06/news09.html) මමත් උදෙන්ම කියෙව්වා. හැබැයි වැඩි නිච්චියක් තිබ්බේ නැහැ. ඒ ප්‍රවෘත්තියේ තිබුණේ ලංකාවේ ආගමික නායකයින් පිරිසක් සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා අතර සාකච්ඡාවක් පැවැත්වුන කතාවක්. මම වැඩිය ගණන් ගත්තතේ නෑ.

ඒත් දෙලොව රත් උනේ "සිංහලයෝ" කණ්ඩායමේ මිතුරෙක් "So Called Religious Leaders" කියන ශීර්ෂය යටතේ එවල තිබ්බ සටහන කියෙව්වට පස්සෙයි. මෙන්න ඒ සටහන,

"We Are Talking About How Foreigners and People in Other Religions insult The Buddha and Buddhism, But see How our so called religios leaders have insult the The Buddha.....

Can Anyone accept the way they stand for the picture? Why they focus their asses to the Buddha?
"

ඊට පස්සේ තමයි මමත් මේ පින්තූරය දිහා හොඳට බැලුවේ. අනේ අම්මපා මේ අපේ රටේ නායක හාමුදුරුවරුද? ඔක්කොම හාමුදුරුවරු ඡායාරූපයට මුහුණදීම සඳහා හිටගෙන ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ පිලිමයට පස්ස හරවගෙන. එතන වැඩි හරියක් ඉන්නේ එන්ජීඕ හාමුදුරුවරු බව ඇත්ත, ඒ අය නම් කමක් නෑ කියමුකෝ, වැඩේ කියන්නේ ලංකාවේ ඉන්න වැදගත්ම කියන හාමුදුරුවරු දෙන්නෙකුත් මෙතන ඉන්න එකයි. ඒ වෙන කවුරුවත් නෙමෙයි, බෙල්ලන්විල විමලරතන හිමි සහ ඉත්තෑපාන ධම්මාලංකාර හිමි යන දෙදෙනායි.

අපේ රටේ දහම්පාසැල් යන පොඩි ළමයින්ගේ ඉඳලා දන්න දෙයක්, කරන දෙයක් තමයි බුදුහාමුදුරුවොන්ගේ පිළිමයට, බෝධීන්වහන්සේට, වෙහෙරවහන්සේට, ධාතු කරඬුවට ආදී පූජ්‍ය වස්තූන් වලට පස්ස හරවාගෙන සිටීම නොකළ යුත්තක් බව. ඡායාරූපයක් ගත්තත් ඒ අදාල පූජ්‍ය වස්තුවට පසෙකින් සිටගෙන ගන්නවා මිස තමන්ගේ පස්ස ඒ දෙසට යොමා අදාල වැඩේ කරගැනීමේ සිරිතක් ලංකාවේ බෞද්ධයින් අතර නැහැ. එහෙව් එකේ ලංකාවේ ඉන්න බෞද්ධ නායක හිමිවරු මේ වගේ අසමජ්ජාති වැඩ කරනකොට ඊළඟ පරම්පරාව බුද්ධාගමට මොනවා නොකරයිද?

මෙන්න මේ සම්බන්ධව ඉහත කී මිතුරාම එම සංවාදය සඳහා එවපු පිළිතුරක්.

"But even a Daham Pasal student knows it is not good to stand like this for a picture. If Buddhist leaders do like this, how can they give advices to children? If they want to take a picture why can't they avoid Buddha's statue or pictures keeping behind them??? Yes I agree there are more dangers than this to Buddhists, but this is not also some thing that I can accept as a Buddhist. I can never agree since these are some of top Buddhists religious leaders.

Some Monks have started making Asapu and making people Anagarika…Some monks have started applying for driving license saying it is a human right. Some do business of Vasheee Vasheeee Vasheeeee…Gurukam….Lots more to come like this which will disgarece our religion…now if Buddhists leaders also break our customs like this…I don't know how this will going to end up……

Before blaming others, we have to hold a real Sangayanawa and make the monks in correct Vinaya…..
"

මේ වගේ ආගමික නායකයින්ගෙන් අපේ ශාසනයට වැඩක් තියේද? දානෙ ගිලලා බුදියගන්න කිසිම විනයක් නැති (බුදුපිළිමයට පිටුනොපා ඉන්න තරම්වත් විනයක් නැති) හාමුදුරුවරුන්ට "නායක හිමිවරු" යැයි ආමණ්ත්‍රණය කිරීම කොතරම් යුක්තිසහගතද?

මීට හපන් වැඩ පෙන්වන තවත් හාමුදුරුවරු කොට්ඨාෂයක් තමයි ලංකාවේ අලුතින් බිහිවන "අසපු හාමුදුරුවරු" සහ "රැළ්ලට බණ කියන හාමුදුරුවරු". ඒ අයට නම් කිසිම විනයක් නෑ. සමහර අය ප්‍රසිද්ධියේම කියල තියනවා තමන් "විනය" කියන දේ පිළිගන්නේ නැහැ කියලා. මේ අය කරන්නේ බුදුදහමට හෙණ ගැහුවත් මොන ගිනිවිජ්ජුම්බරේ දාලා හරි තමන්ටම කියලා ශ්‍රාවකයෝ ලක්ෂ ගාණක් හදාගන්න දඟලන එක. මේ අය විවිධ උපක්‍රම මේ සඳහා යොදාගන්නවා. සරල සිංහලෙන් බණ කීම (සරල සිංහලෙන් බණ කීමට මමත් කැමතියි, හැබැයි බොළඳ වචන දාලා නෙමෙයි), ත්‍රිපිටකය සරල සිංහලට පරිවර්ථනය කිරීම, බණ කියද්දී වචන ඇදීම, ප්‍රසිද්ධියේ කඳුලු පිසීම හා ඇඬීම, මේකප් දැමීම, දිලිසෙන වැඩදමාපු පාට වෙනස් සිවුරු ඇඳීම, ආදී නොයෙක් විදියේ උපක්‍රම පාවිච්චි කරනවා. එහෙම කරලා මහා ප්‍රාඥයෝ වගේ බණ කියලා අර අහිංසක මිනිස්සු (විශේෂයෙන් තරුණ පරම්පරාව) ටික රවට්ටා ගන්නවා. ඊට පස්සේ ඉතිං විවිධ අලුත් අලුත් අත්හදා බැලීම් කරමින් අර පරණ උපක්‍රම ටික එක එක විදියට යොදවමින් යැපෙනවා ඇරෙන්න බුදුදහමේ ව්‍යාප්තියට, ශාසනයේ චිරපැවැත්මට කිසිම ආකාරයක ක්‍රියාවක් කරන්නේ නැහැ.

මම පෞද්ගලිකව දන්න දුෂ්කර දිවි පෙවෙතක් ගත කරන, හරියට දානයක් නොලැබෙන එහෙත් මිනිස්සුන්ට, ශාසනයට විශාල ‍සේවාවක් කරන යතිවරු බොහෝ පිරිසක් ලංකාවේ විවිධ පළාත්වල ඉන්නවා. ඔවුන්ට මේ ආකාරයේ බලාපොරොත්තු නෑ. සමහර හිමිවරුන්ට තියෙන්නේ එක සිවුරයි, අඳනකඩෙයි. ලංකාවේ සමහර ගම්මාන කොටින්ගෙන් මෙන්න මිෂනාරි ආක්‍රමණිකයින්ගෙන් බේරිලා තියෙන්නේ ඒ වගේ යතිවරු නිසා. (visit: http://www.sadahamvijaya.org)

ඒත් මේ ලංකාවේ සෝබන හාමුදුරුවරුන්ට ඇයි බැරි අර වගේ දුප්පත් අහිංසක විශාල ශාසන මෙහෙවරක් කරන හිමිවරුන්ට උදව් කරන්න? මේ කොළඹට වෙලා "මෙගා බණ" කියන හාමුදුරුවරු බුද්ධ ශාසනේ ආරක්ෂා කරගන්න කරලා තියෙන්නේ මොනවද? කඩන් වැටෙන පන්සලකට එක ගඩොල් කැටයක් අල්ලලා තියද?

මේ අය ශාසනෙන් අතුගාලා දාන්න සංඝායනාවක් රජයේ මැදිහත්වීමෙන් හෝ බෞද්ධ නායකයින්ගේ මැදිහත්වීමෙන් නොකෙරෙන්නේ ඇයි?

ඡායාරූපය: දිවයින පුවත්පතින් උපුටාගන්නා ලදි.