කොටි ත්‍රස්තවාදයට විරුද්ධ බොහෝ දෙනා "ප්‍රභාකරන්ගේ අවසානය, මේ යුද්ධයේ අවසානය" යැයි පවසනු මට නිතරම ඇසෙන කරුණකි.
නමුත් මේ යුද්ධයේ මූල හේතුව ප්‍රභාකරන් නොව දකුණු ඉන්දීය ද්‍රවිඩයින් අවුරැදු 2400ක් තිස්සේම ලංකාව අල්ලාගැනීමේ වෑයම අත්නොහැරීම බවත්, සිංහලයින් අවුරැදු 2400ක් තිස්සේ දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණයට මුහුණ දිය හැකි ජාතියක් ලෙස පරිණාමය වී නොමැති බවත්, ප්‍රභාකරන් ජනිත වන්නේ එවන් පසුබිමක් තුල මෙම කාලවකවානුව තුල ද්‍රවිඩ ආක්‍රමණය මෙහෙයවීම සදහාය යන්න මාගේ මතයයි.
පහත දැක්වෙන්නේ ඒ පිළිබද මාගේ සිතිවිල්ලයි.

සිංහලයින්ගේ හතුරා, වේලුපිල්ලේ ප්‍රභාකරන් හා ඔහුගේ මිලේච්ඡ කොටි රැළ ගැන අපට ඇත්තේ පිළිකුලකි. ප්‍රභාකරන්ගේ කොටි රැළ සිංහලයින්ට එරෙහිව මිලේච්ඡ ආක්‍රමණයක් දියත් කර දැනට දශක දෙකක් පමණ වේ. සිංහලයන්ට විශාල විනාශයක් සිදුකල කොටි ත්‍රස්තවාදය නැගෙනහිර දී ඉතාමත් දරැණු පරාජයක් ලබා මේ වන විට සිටින්නේ වන්නියට කොටු වී ඉතාමත් බැරෑරුම් අවධියකය.
ලංකා හමුදාවේ වීර වික්‍රමයන් අභියස දණින් වැටී සිටින කොටි ත්‍රස්තවාදය ලංකා හමුදාවේ මීලග වන්නි මෙහෙයුම් හමුවේ තම අන්තිම හුස්ම හෙළීමට සූදානමින් සිටී. කෙසේ වුවත් මෙය කොටින්ව අවතක්සේරැ කිරීමක් නොවේ.
කොටි ත්‍රස්තවාදයට විරුද්ධ බොහෝ දෙනා සිතන්නේ ප්‍රභාකරන්ගේ හා කොටි සංවිධානයේ අවසානය යුද්ධයේ අවසානය බවයි. නමුත් මා සිතන්නේ එසේ සිතීම සිංහලයින් තම අනාගතය අනතුරේ හෙලීමක් බවයි. මක්නිසාද යත්, ඉන්දියාවට කිලෝමීටර් 30ක් පමණ ආසන්නයේ තිබෙන ලංකාවට ඇතිවන අන්තිම ආක්‍රමණය කොටි ත්‍රස්තවාදයේ ආක්‍රමණය යැයි මා නොසිතන නිසාවෙනි. ඉතිහාසයේ වාර්තාවන පරිදි පසුගිය වසර 2500ක පමණ කාලසීමාව තුල ලංකාව ප්‍රධාන ආක්‍රමණ 30කට පමණ ගොදුරු වී ඇති අතර එයින් ආක්‍රමණ 25ක් පමණම දකුණු ඉන්දීය ආක්‍රමණයන්ය.එදා චෝල, චේර, පාණ්ඩ්‍යයන්ගේ සිට අද ප්‍රභාකරන් දක්වාම දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණය විවිධ ස්වරයන්ගෙන් නොනවත්වාම සිදුවෙමින් පවතී. එය ප්‍රභාකරන්ගේ විනාශයත් සමග නවතී යැයි සිතීම අඥාණකමකි.
සිදුවිය යුත්තේ ප්‍රභාකරන් හා කොටි ත්‍රස්තවාදය විනාශ කිරීමත් සමගම සිංහල ජාතිය අනාගතයේ දී ඇතිවියහැකි දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණයන්ට මුහුණදිය හැකි පරිදි සෑම අතකින්ම පරිණාමය වීමයි.

0 comments:
Post a Comment