වර්තමානයේ බොහෝ සිංහලයින්ට ඇති දෙගිඩියාවන් කිහිපයක් වන්නේ මේ 'සිංහලකම' නවීනත්වය සමඟ මුසුකොට තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යනවාද, නැතිනම් එය අතහැර බටහිර සංස්කෘතිය වැළඳගන්නවාද, නැතිනම් කොමියුනිස්ට් යුගයක් ගැන සිහින මවමින් මාක්ස්වාදී පෙළපාලියට එක්වනවාද, එසේත් නැතිනම් වෙනත් සුළඟකට හසුවී යන අතකට ගසාගෙන යාමට ඉඩහැර සිටිනවාද යන්නයි. වර්තමානයේ මෙම විවිධ මතයන්ගේ එල්ඹ සිටින්නන් ආගමික, දේශපාලනික, සංස්කෘතිකමය වශයෙන් බෙදී ඉහත ඒවායින් කුමක් තොරාගන්නවාද යන්න සඳහා පොරයක යෙදී සිටිති.
උදාහරණයක් වශයෙන් ලංකාවේ දේශපාලන බලුපොරය මේ වන විට බොහෝ පැහැදිළි ලෙස පිල් බෙදී සිටිති. එක්සත් ජාතික පක්ෂය බටහිර කඳවුර වෙනුවෙන්ද, පොදු පෙරමුණ-හෙළ උරුමය සිංහල ජාතික කඳවුර වෙනුවෙන්ද, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වමේ පක්ෂ මාක්වාදී කඳවුර වෙනුවෙන්ද සටනක යෙදෙති. ලංකාවේ බොහෝ තීරණ දේශපාලනික බලය මත රඳාපවතින (තීරණය වන) නිසා මෙම ප්‍රධාන කඳවුරු තුනෙන් බලවත් වන්නන්ගේ මතය 'සිංහලකමේ' අනාගතය තීරණවීමට විශාල වශයෙන් බලපෑමක් එල්ල කරනු ඇත. (එය එසේ නොවීමටද පුළුවන.) කෙසේ වුවත් 'සිංහලකමේ' අනාගතය අපේ දර්ශනයට අනුව කලින් තීරණය වී හෝ තීරණය කර නොමැති නිසා අනාවැකි කීමට නොයමි.
සිංහලකම යනු අඛණ්ඩව සංස්කරණය වන (අළුතින් දේ එකවන, නොගැලපෙන හෝ යල්පැනගිය දේ ඉවත්වන) සම්මුතියකි. නමුත් බටහිර සුළඟ හෝ පෙරදිග සුළඟ මගින් ගසාගෙන එන කුණුකන්දල් සියල්ලම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව වද්දා ගන්නට තරම් විවෘත හෝ මෝඩ සම්මුතියක් නොවේ. එමෙන්ම අපට ආවේණික දේ කිසිඳු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව පිටතට දෙන හෝ අනුන් මත බලෙන් පටවන සම්මුතියක්ද නොවේ.
'සිංහලකම' වර්තමාන/අනාගත වියවුල් ලෝකයට පරමාදර්ශයකි. ආධ්‍යාත්මිකත්වය සමඟ මුසු වූ, සොබාදහම සමඟ බද්ධ වූ, යථාර්තය හා නිර්ව්‍යාජත්වය මත පදනම් වූ සිංහලකම බටහිර වියවුල් සමාජ සංස්කෘතික ව්‍යුහයටත්, කිසිදා සැබෑ නොවන (සැබෑ වුවොත් මානවයාගේ පැවැත්ම අවසන් වන) මාක්ස්වාදීන්ගේ කොමියුනිස්ට් මනෝරාජ්‍යයටත් විසඳුමකි, විකල්පයකි, මැරෙන්නට පෙර එක් දවසක් හෝ සැනසිල්ලේ ගතකල හැකි නවාතැනකි!
Friday, November 16, 2007
සිංහලකම - සිංහලකම ඉදිරියට ගෙනයා යුතුද? (2)
මතුසම්බන්ධයි...
Subscribe to:
Post Comments (Atom)







0 comments:
Post a Comment