ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් ගෙන වෙසෙන මිනිස්සූ
පොළවේ මිහි සයනේ ගොඩනැගූ මිනිස්සූ
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ
පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
ඉඳහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ
ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
සෙත්කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ
>> අහල බලන්න....
Monday, November 26, 2007
ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ....
Subscribe to:
Post Comments (Atom)







0 comments:
Post a Comment