යමෙකුගේ ජාතිමාමකත්වය ඔපදමන්න ජාතිකාභිමානී ගීත බොහෝ පිටිවහලක් සපයනවා.
මේ එවන් එක් සුමිහිරි ජාතිකාභීමානී ගීයක පදවැල්.....
සමනොල මුදුනේ සිරිපද සිඹ සිඹ
උදා ඉරක් පායයි...
සැනසිලි සුව දෙන නව මල් සුවඳින්
දැහැමි දැයක් පිබිදෙයි//
කුල මල ජන බල නොතක හෙළ දැය
සුදු බුදු රැස් පැතිරෙයි
සමනෙත් කරුණා බුදු බණ පදයක
සිහිනෙන් ගත සැනහෙයි
සමනොල මුදුනේ සිරිපද සිඹ සිඹ
උදා ඉරක් පායයි...
සැනසිලි සුව දෙන නව මල් සුවඳින්
දැහැමි දැයක් පිබිදෙයි//
මිනිසා මිනිසෙකු විලසින් එළඹෙන
නව යුගයක් ඇරඹෙයි
තුන් සිංහලයම අත්වැල් බැඳගෙන
නිවහල් සුවය විඳියි//
සමනොල මුදුනේ සිරිපද සිඹ සිඹ
උදා ඉරක් පායයි...
සැනසිලි සුව දෙන නව මල් සුවඳින්
දැහැමි දැයක් පිබිදෙයි//
අහලත් බලන්න>>
0 comments:
Post a Comment