Tuesday, October 23, 2007

සිංහලකම - අපේකම හා සිංහල සම්මුතිය

සිංහලකම, අපේකම ගැන කතාකරන, විවේචනය කරන බෝහෝ දෙනක්ට මේ "සිංහලකම", "අපේකම" කියන වචන වලට හරි නිර්වචනයක් නැහැ. සමහරු හිතන්නේ ඉතිහාසේ ගැන කතා කරන එක සිංහලකම කියලා. සමහරු හිතන්නේ සිංහල විදියට අඳින පළඳින එක තමයි සිංහලකම කියලා. එහෙම නැත්නම් සිංහලෙන් කතාකරන එක හෝ ලියන එක සිංහලකම කියලා. එහෙමත් නැත්නම් සිංහල ජාතියේ අනන්‍යතා, සංස්කෘතික ලක්ෂණ, ජෛව ලක්ෂණ, තාක්ෂණය හා අයිතීන් ආදිය ගැන කතාකරන එක, පෙනීසිටින එක සිංහලකම කියලා. සිංහලකම ගැන ඇතැම් අය දරණ අන්තගාමී මත කිහිපයකුත් තිබෙනවා.
සමහරු කියනවා සිංහලකම කියන්නේ රජකාලේ සිංහලයෝ හිටියා වගේ ජීවත්වෙන එක, එහෙම නැත්නම් ඒ විදියට සමාජ ව්‍යුහය වෙනස් කරන එක කියලා. තවත් සමහරු කියනවා පිටරටින් එන (විශේෂයෙන් ඇමරිකාව, යුරෝපය ඇතුළු බටහිරින්) සංස්කෘතිය, ඇඳුම් පැළඳුම්, තාක්ෂණය, දැනුම ආදී සියළුම දෙවල් ප්‍රතික්ෂේපකර අපටම ආවේණික අපේම විකල්ප ඒවාට ගොඩනගාගත යුතුයි කියලා.

මේ දෙවර්ගයේම පිරිසට පිටින් සිංහලකම ගැන හාත්පසින් වෙනස් අදහස් දරන පිරිසක්ද සිටිනවා. ඔවුන් කියන්නේ සිංහලකම කියා දෙයක් නැහැ, ඕක මනෝවිකාරයක් විතරයි. අනික එහෙම දෙයක් තිබ්බත් අද කාලෙට ඒක වලංගු නැහැ කියලා. එහෙමත් නැත්නම් සිංහලකම කියන්නේ යල්පැනගිය සංස්කෘතියක්, ඔය සිංහලකමෙන් කිසි දෙයක් කරන්න බෑ, සුද්ද තමයි නවීන ‍ලෝකය ගොඩනැගුවේ. ඒ සුද්දගේ ලෝකෙ තුල මේ ජීවත්වෙන ටික කාලෙ "ෆුල් ආතල්" එකේ ඉඳලා මැරිල යනවා කියලා.

මෙන්න මේ විදියට "සිංහලකම", "අපේකම" ගැන විවිධ මත, දුර්මත දරන පිරිසක් අද අපේ රටේ ඉන්නවා. සිංහලකම ගැන සාමාන්‍ය මිනිසුන් අතර තිබෙන සංකල්ප හා මත මෙන්ම සිංහලකම පිළිබඳව දාර්ශනික මත කිහිපයකුත් පවතිනවා.

යමෙක් සිංහලකම කියන්නේ සංස්කෘතිකයම දෙයක් ලෙසද, යමෙක් සිංහලකම කියන්නේ ජීව විද්‍යාත්මක (ලේ වලින් පැවතෙන) දෙයක් ලෙසද, තවත් සමහරෙක් සිංහලකම යනු සංස්කෘතිකමය හා ජීව විද්‍යාත්මක (ලේ වලින් පැවතෙන) යන දෙයාකාරයන්ම පැවතෙන දෙයක් ලෙසද දකිනවා.

මෙයින් තුන්වනත තර්කය, එනම් "සිංහලකම යනු සංස්කෘතිකමය හා ජීව විද්‍යාත්මක යන දෙයාකාරයෙන්ම පැවතෙන දෙයක්" යන්න සිංහලකම ගැන පුළුල් දෘෂ්ඨියකින් බැලූ විට වඩාත් පිළිගත හැකි තර්කය ලෙස සලකන්න පුළුවන්. නමුත් ඇතැම් අවස්ථාවලදී මේ තර්ක තුනටම පටහැනි සිංහලකම් පවතිනවා.
උදාහරණයක් වශයෙන් සිංහලයින්ගේ අන්තිම රජු ලෙස පිළිගැනෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමායි. නමුත් ඔහු සංස්කෘතියෙන්වත්, ලේ නෑකමෙන්වත් සිංහලයෙක් නෙමෙයි. සිංහලයින්ගේ වීරයින් ලෙස සැලකෙන කැප්පෙටිපොළ මහඅදිකාරම, පුරන් අප්පු වගේ අයත් එහෙමයි.

එතකොට මොකක්ද මේ සිංහලකම?

සිංහලකම කියන්නේ සම්මුතියක්. ඒකට අපි කියන්නේ සිංහල සම්මුතිය කියලා. උපතින් සිංහල නොවන කෙනෙක්ට උනත් සිංහල සම්මුතිය පිළිගන්නවා නම් සිංහලයෙක් වෙන්න පුළුවන්. මේ වගේ සම්මුතිය මත පදනම් වුනු ජාතිකත්වයන් ලෝකයේ තිබෙන්නේ කිහිපයක් පමණයි.

සිංහල ජාතිය භූගෝලීය වශයෙන් දූපතක ඇතිවී, පැවතෙන ජාතියක් වුනත් බොහොම විවෘත ජාතියක්! වෙනත් සංස්කෘතීන්ගෙන් හොඳ දේ උකහා ගන්නත්, නරක දේ බැහැර කරන්නත් පෙරහණක් ලෙස භාවිතා වන්නේ "සිංහල සම්මුතිය" යි. ඒ වගේම සිංහලකමට පටහැනි සහ විරුද්ධව සිදුවන ක්‍රියාකාරකම් වලක්වන්නත්, බැහැර කරන්නත් මෙය පෙරහණක් ලෙස භාවිතා වනවා.

තවත් එක් වැදගත් කරුණක් තිබෙනවා. සිංහල සම්මුතිය කියන්නේ සදාතනික දෙයක් නෙමෙයි. එය කාලීනව සංස්කරණය වෙන (වෙනස් වන) දෙයක්.


මතු සම්බන්ධයි....

Monday, October 22, 2007

නවීන යුද්ධය හා ගෝත්‍රික යුද්ධය

සමහර අය කියනවා දේශපාලකයෝ යුද්ධ කරන්නේ කටින් විතරයි, යුද්ධය ගැන කතා කරන්න සොල්දාදුවන්ට හැර දේශපාලකයින්ට හා රටේ අනෙකු ජනතාවට යුද්දෙ ගැන කතා කරන්න අයතියක් නෑ කියලා.

ප්‍රබල ජාතියක් වෙන්න ආයුධ වලින් යුද්ධ කරන සටන් පෙරමුණක් විතරක් මදි... මුළු ඔක්කොම එකතුවෙල ආයුධ ඇරගෙන සටනට බැස්සේ ගෝත්‍රිකයෝ... සිංහලයෝ ඊට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න ජාතියක!
ආයුධ සන්නද්ධ මෙන්ම මානසික, තාක්ෂණික, ප්‍රචාරක, දේශපාලනික හා මතවාදී වැනි යුධ පෙරමුණුත් නවීන ලෝකය තුල යුද්ධයකට අත්‍යාවශ්‍ය සාධකයන්.
අපි ප්‍රභාකරන් එක්ක කරන්නේ නවීන යුද්ධයක්! ගෝත්‍රික යුද්ධයක් නෙමෙයි. ඒ යුද්දෙදි සියළුදෙනාටම වගකීමක් තියනවා. වගකීම පැහැර හැරලා යුද්දෙටත්, යුද්ධකරන මිනිස්සුන්ටත් බැන බැන ඉන්නේ සතුරාගේ මානසික යුධ පෙරමුණේ කාඩරයින්!

යුද්ධයට බය කවුද?

රනිල්ගේ නපුංසක සේනාව පස්සේ යන කළුසුද්දන්ට යුද්දෙ මැජික් එකක් උනාට නියම සිංහලයින්ට යුද්දෙ අමුතු දෙයක් නෙමයි. සිංහලයෝ කියන්නේ අවුරුදු 20ක් දෙමළුත් එක්ක යුද්ධ කරපු ජාතියක් නෙමෙයි, අවුරැදු 2500ක් දෙමළුත් එකක් යුද්ධ කරපු ජාතියක්! ඒක නිසා සිංහලයින්ට යුද්දෙ හොදට හුරුයි. අපේ ලේවල තියෙන්නේ රණකාමීත්වය. සිංහල කියන්නේ රණකාමී ජාතියක්! ඒක අවබෝධ කරගන්න ඉතිහාසේ කියවන්න ඕනම නෑ... බලන්න සිංහලයින්ගේ නම් දිහා... රණවීර, වීරසිංහ, ජයවිර, රණසිංහ, අමරවීර, අමරසිංහ, වීරක්කොඩි, ජයසේකර, සේනානායක, වික්‍රමසිංහ, කොබ්බෑකඩුව, මාරසිංහ, සෙනෙවිරත්න... තව අනන්තවත් තියනවා...

ඉතින් යුද්ධයක් කියන්නේ මිනිසුසු මැරෙන, මරන්න සිද්ධ වෙන ක්‍රියාදාමයක් තමයි. ඒක කරන්න සිද්ධ වෙන්නේ අපිටත් ඊළග පරම්පරාවලටත් නිදහසේ ජීවත්වෙන්න... එහෙම නැත්නම් නපුංසක කතා කිය කිය ඉදලා හැදිගෑවිලා යන්න තමයි වෙන්නේ...

ඔය පණ්ඩිතයෝ මොන කෙහෙල්මල කිව්වත් යුද්ධය කියන්නේ ජෛවීය පෙළඹවීමක් ඇති ක්‍රියාදාමයක්. හරි කවුරුහරි ගහන්න ආවොත් පැනලා දුවන කට්ටිය කීදෙනක් ඉන්නවද? ටික දෙනයි. ඒ දුර්වලයෝ. වැඩිදෙනක් ඉන්නේ ගුටි කාගෙන හරි ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන මිනිස්සු. ඒ වගේ තනි පුද්ගලයෙකු සතු "ගැහුවොත් ගහන" ස්වභාවික ගතියම තමයි කණ්ඩායම, රැළ, ගෝත්‍රය, ජාතිය කියන ව්‍යුහ වලත් ස්වභාවික ගතිය.

ලෝකය, ශිෂ්ඨාචාරය කොච්චර දියුණු වුනත් මනුෂ්‍යයා සතු ගොඩක් ජීවී ලක්ෂණ අතුරුදහන් වෙන්නේ නෑ... (ඔය ඉටහිර චින්තනේ ඔළුව උඩ තියාගෙන යන පණ්ඩිතයෝ කියන විදියට...)

යුද්ධය, සටන් කියන්නෙත් ජීවීය පදනමක් ඇති ක්‍රියාදාමයන්. ශිෂ්ඨාචාරය කොච්චර දියුණු වුනත් යුද්ධය මිනිස් සමාජයෙන් ඈත් වෙන්නේ නැහැ.

අනික යුද්ධ නැතිනම් ශිෂ්ඨාචාරය දියුණු වන්නේද නැහැ. ඒක තමයි ඇමරිකාව කොච්චර දියුණු උනත් ලෝකෙ කොහේ හරි තැනක යුද්ධයක් පවත්වාගෙන යන්නේ... තමන්ගේ අළුත් ආයුධ අත්හදා බැලීමත්, තම හමුදාව පුහුණු කිරීමත් කියන කාරණා දෙකම එයින් ඉෂ්ඨ වෙනවා. එහෙම කරන ඇමරිකාව අපේ මෝඩයෝ රැළක් ඩොලර් දීලා රවට්ටාගෙන යුද්දේ කරන්න එපා කියලා අපිට කියනවා...

ඇමරිකන්කාරයෝ කියන ඒව අපේ අයියලත් ඉස්මුදුනින් පිළිගන්නවානේ... ඉතින් තත්කාලීන යථාර්තයක් මවාගෙන උඩදාගෙන කෑගහනවා යුද්දෙ එපා. සාමය ඇතිකරන්න කියලා.

නියම යථාර්තය දන්නේ ඇමරිකන්කාරයොයි. ප්‍රභාකරනුයි විතරයි. මොකක්ද "යුද්ධයකින් පමණයි ජාතියක පැවැත්ම ස්ථිර කරගත හැක්කේ" කියන යථාර්තය!

අපේ අයියලත් ඔය තත්කාලීන යථාර්තයෙන් මිදිලා නියම යථාර්තය දැන්මම ඔළුවට දාගත්තොත් නරකද?