Thursday, March 27, 2008

චෙන්නායිහිදී "ප්‍රභාකරන්" අත්තඩංගුවට ගැනීම

පසුගිය අඟහරුවාදා (මාර්තු 25) ඉන්දියාවේ චෙන්නායි හි ජෙමිනි චිත්‍රාගාරයේදී "ප්‍රභාකරන්" නැමැති චිත්‍රපටියේ අධ්‍යක්ෂක තුෂාර පීරිස් හට ද්‍රාවිඩ දෙමළ ව්‍යාපාරයේ (Dravidian Tamil Movement) නායක සුභවීරපාණ්ඩ්‍යන් ප්‍රමුඛ කොටි හිතවාදීන් පිරිසක් විසින් පහරදී ඇති බව දැනගන්නට ලැබුනා. ඒ වගේම තුෂාරගේ කුළුඳුල් නිර්මාණය වන මෙම චිත්‍රපටයේ දළසේයාපටද එම චිත්‍රාගාරයේ යම් පිරිසකගේ අඩස්සියට පත්වී ඇති බවද එය නැවත ලබාදෙන තුරු තමන් උපවාසයක නිරතවන බවද දැනට කොළඹ රෝහල්ගතවී සිටින ඔහු පැවසනවා.

මෙම චිත්‍රපටයෙන් ඔහු ජාත්‍යන්තරයට ප්‍රභාකරන්ගේ වියරු ත්‍රස්තවාදය හා ළමා සොල්දාදුවන් පිළිබඳ ඛේදවාචකය පිළිබඳව හෙලිදරව් කිරීමට උත්සාහ දරා ඇති බවත්, එහි දෙමළ පිටපත සකසා ගැනීමට ඉන්දියාවට ගිය අවස්ථාවක මෙම ප්‍රහාරයට ලක්වූ බව එම චිත්‍රපටයේ නිල වෙබ් අඩවිය (http://www.prabhakaranfilm.com) පවසනවා.

කෙසේ වෙතත් මේ ගැන මගේ අදහස නම්, තුෂාරගේ මෙම උත්සාහය අගය කළ යුතු හා කාලීන අවශ්‍යතාවයක් වන අතර ප්‍රභාකරන් අබ්බගාත වී, කොටි සංවිධානය අනාථ වී, දෙමළ ජනයාගේ බලාපොරොත්තු සුන්වී ඇති මෙවන් වකවානුවක ඔහුගේ ඉන්දියානු ගමන නම් අනාරක්ෂිත හා නොසැලකි සහගත බවයි.
එමෙන්ම ලංකාවේ මහා ඊනියා කලාකාරයන්ගේ හා මාධ්‍ය සංවිධාන වල හඬ මෙම සිද්ධිය වෙනුවෙන් තවමත් නිකුත්වී නැහැ. කොහොමඋනත් කොටි වෙනුවෙන් කිඹුල් කඳුලු හලන එවන් ඩොලර් කාක්කන් නම් මේ වෙනුවෙන් හඬලන්නේ නැති වෙතැයි සිතේ.

දෙමළ ජනතාවගේ සිහිනය හා පැතුම වන "ඊළම" ත්, ඩොලර් කාක්කන්ගේ පැතුම වන "නොනවතින යුද්ධය" ත් කිසිදා සැබෑ නොවන බව සිහි කළ යුතුය.

1 comments:

Tyronne Wickramarathne said...

well said Nilaksha. this is the tragic situation that we're in.