මම දෙරණ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නරඹමින් සිටියෙමි. අද දින කටුබැද්දේදී හා පොල්ගොල්ලේදී සිදුවූ බෝම්බ ප්‍රහාර දෙක පිළිබඳව දෙරණ පුවත් වලට පසු "ඩොලර් හමුවේ පමණක් සැලෙන කිඹුල් කඳුළු" යන සිරස්තලය යටතේ දෙරණ ප්‍රවෘති විකාශය ඩොලර් කාක්කන්ට විරුද්ධව ඔවුන් හෙළාදකිමින් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළා. ජනමාධ්‍ය ප්‍රසිද්ධියේ මෙලෙස ඩොලර් කාක්කන්ට විරුද්ධව කට ඇරිය යුතුව තිබුණේ මීට බොහෝ කළකට පෙර වුවත් දෙරණ කළ එම ප්‍රකාශය අප ඉහළින්ම අගය කළ යුතුයි.
ත්‍රස්තවාදියෙකු හෝ ත්‍රස්තවාදීන්ට උදව් කරන අයෙකුට පොලිස් අත්තඩංගුවේදී හෝ වෙන ආකාරයක සුළු තරවටුවක් හෝ වන විට බැනර් ඔසවාගෙන, අත්වල කළුපටි බැඳගෙන පාරට බහින ඩොලර් කාක්කන් අහිංසක මිනිසුන් අමු අමුවේ ඝාතනය වෙද්දී මුනිවත රකිමින් සිටීම දෙරණ ප්‍රශ්න කළ අතර, වැරදීමකින් සිංහල නමක් සහිතව ඉපදුන, දෙමළ ජනතාව වෙනුවෙන් තම ජීවිතය වුවත් කැපකරන බවට දිවුරූ වික්‍රමබාහු කරුණාරත්න නම් ඊළාම්වාදියාගේ ප්‍රකාශයකුත්, ඊට පිළිතුරු සපයන එස්.එල්.ගුණසේකර මහතාගේ ප්‍රකාශයකුත් ඉදිරිපත් කළා.
කොටින්ට කඩේ යන ඊළාම්වාදයට උඩගෙඩි දෙන එන්ජීඕ සල්ලි මත යැපෙන ඩොලර් කාක්කන්ට විරුද්ධව ජනමාධ්‍ය හා මහජනතාව මීට බොහෝ කළකට පෙර අත්වැල් බැඳගත්තා නම්, ඔවුන්ගේ වසුරු වලින් අපේ මනරම් දිවයින අපිරිසිදු වීම වළත්වාගත හැකිව තිබුණි. කෙසේ වෙතත් දැන් හෝ එවන් ප්‍රවණතාවයක් ඇතිවීම සතුටට කරුණකි.
Friday, June 6, 2008
ඩොලර් හමුවේ පමණක් සැලෙන කිඹුල් කඳුළු... දෙරණට ප්‍රණාමය!
Labels:
anti-terrorism,
News,
NGO,
Terrorism
Subscribe to:
Post Comments (Atom)







6 comments:
ඒක හරියටම හරි. සමහර නාළිකාවල පළවන පුවත් දෙස මද්‍යස්තරව සිට බැලු කළ ඒවයේ ඇති පක්ෂපාතිත්වය හොඳින් පිළිබිඹු වෙනවා.නමුත් මේ අතින් ගත් කළ දෙරණ සහ ස්වර්ණවාහිණිය පහැදිලිවම මැදි මඟක ගමන් කරමින් මහඟු සේවයක් කරන බව පැවසිය යුතුය.තවද දකුණේ සිදුවන සිදුවීම් වලදී ඩොලර් කාක්කන් නිහඩව සිටීමද මෑත අතීතයේදී කෑපී පෙනෙන්නට තිබෙනවා. නමුත් ඔවුන් ගැන කතා කිර්‍රිමත් විහිළුවක්. පුළුවන්නම් එක පාර නැතිකරලාම දාන්න ඔනේ.
ඇත්ත!
Yeah . well said..MN.. Go Nilaksha Go!!!
well u ar right friend, & go ahead with ur ideas. & my salute to Derana
ඇත්තටම දැවට ලංකාවේ තියෙන ඉතාමත් මධ්‍යස්ථම නාලිකාව තමයි දෙරණ, ඒ වගේම එහි ප්‍රවෘත්ති වල ගුණාත්මක භාවය ටිකෙන් ටික වැඩි කරමින්, වඩා විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් ඔවුන් වෙතට එකතු කරගනිමින් සිටිනවා. මෙවැනි කිඹුල් කඳුලු හෙලන්නන් නිසා ලංකාවට ඇතිවෙන අහිතකර ප්‍රතිඵල නිසා විශාල දුකක් ඇතිවෙනවා. ඒ වගේම මේ ගැන මධ්‍යස්ථ ඇසින් දකින් දෙරණ වැනි මාධ්‍යයක් ජනයාගේ නෙත් පෑදීමට ගත් උත්සාහය නිසා දැනෙන්නේ විශාල සතුටක්.
දෙරණට ප්‍රණාමය
අපිට දෙරණ ගැන ආඩම්බරයි. නුඹ මේ ලක් දෙරණට ආභරණයක්.
බාහු,කුමාර් ඇතුලු ඩොලර් කාක්කන් ගැන අපේ රටේ මිනිස්සු මීට වඩා අවධානයෙන් ඉන්න ඕන.
Post a Comment