කවුරුහරි අද (අගෝ.06) දිවයින කියෙව්වද? මුල් පිටුවේ තිබෙන පින්තූරය සහිත පුවත දැක්කද? (http://www.divaina.com/2008/08/06/news09.html) මමත් උදෙන්ම කියෙව්වා. හැබැයි වැඩි නිච්චියක් තිබ්බේ නැහැ. ඒ ප්‍රවෘත්තියේ තිබුණේ ලංකාවේ ආගමික නායකයින් පිරිසක් සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා අතර සාකච්ඡාවක් පැවැත්වුන කතාවක්. මම වැඩිය ගණන් ගත්තතේ නෑ.
ඒත් දෙලොව රත් උනේ "සිංහලයෝ" කණ්ඩායමේ මිතුරෙක් "So Called Religious Leaders" කියන ශීර්ෂය යටතේ එවල තිබ්බ සටහන කියෙව්වට පස්සෙයි. මෙන්න ඒ සටහන,
"We Are Talking About How Foreigners and People in Other Religions insult The Buddha and Buddhism, But see How our so called religios leaders have insult the The Buddha.....
Can Anyone accept the way they stand for the picture? Why they focus their asses to the Buddha?"
ඊට පස්සේ තමයි මමත් මේ පින්තූරය දිහා හොඳට බැලුවේ. අනේ අම්මපා මේ අපේ රටේ නායක හාමුදුරුවරුද? ඔක්කොම හාමුදුරුවරු ඡායාරූපයට මුහුණදීම සඳහා හිටගෙන ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ පිලිමයට පස්ස හරවගෙන. එතන වැඩි හරියක් ඉන්නේ එන්ජීඕ හාමුදුරුවරු බව ඇත්ත, ඒ අය නම් කමක් නෑ කියමුකෝ, වැඩේ කියන්නේ ලංකාවේ ඉන්න වැදගත්ම කියන හාමුදුරුවරු දෙන්නෙකුත් මෙතන ඉන්න එකයි. ඒ වෙන කවුරුවත් නෙමෙයි, බෙල්ලන්විල විමලරතන හිමි සහ ඉත්තෑපාන ධම්මාලංකාර හිමි යන දෙදෙනායි.
අපේ රටේ දහම්පාසැල් යන පොඩි ළමයින්ගේ ඉඳලා දන්න දෙයක්, කරන දෙයක් තමයි බුදුහාමුදුරුවොන්ගේ පිළිමයට, බෝධීන්වහන්සේට, වෙහෙරවහන්සේට, ධාතු කරඬුවට ආදී පූජ්‍ය වස්තූන් වලට පස්ස හරවාගෙන සිටීම නොකළ යුත්තක් බව. ඡායාරූපයක් ගත්තත් ඒ අදාල පූජ්‍ය වස්තුවට පසෙකින් සිටගෙන ගන්නවා මිස තමන්ගේ පස්ස ඒ දෙසට යොමා අදාල වැඩේ කරගැනීමේ සිරිතක් ලංකාවේ බෞද්ධයින් අතර නැහැ. එහෙව් එකේ ලංකාවේ ඉන්න බෞද්ධ නායක හිමිවරු මේ වගේ අසමජ්ජාති වැඩ කරනකොට ඊළඟ පරම්පරාව බුද්ධාගමට මොනවා නොකරයිද?
මෙන්න මේ සම්බන්ධව ඉහත කී මිතුරාම එම සංවාදය සඳහා එවපු පිළිතුරක්.
"But even a Daham Pasal student knows it is not good to stand like this for a picture. If Buddhist leaders do like this, how can they give advices to children? If they want to take a picture why can't they avoid Buddha's statue or pictures keeping behind them??? Yes I agree there are more dangers than this to Buddhists, but this is not also some thing that I can accept as a Buddhist. I can never agree since these are some of top Buddhists religious leaders.
Some Monks have started making Asapu and making people Anagarika…Some monks have started applying for driving license saying it is a human right. Some do business of Vasheee Vasheeee Vasheeeee…Gurukam….Lots more to come like this which will disgarece our religion…now if Buddhists leaders also break our customs like this…I don't know how this will going to end up……
Before blaming others, we have to hold a real Sangayanawa and make the monks in correct Vinaya….."
මේ වගේ ආගමික නායකයින්ගෙන් අපේ ශාසනයට වැඩක් තියේද? දානෙ ගිලලා බුදියගන්න කිසිම විනයක් නැති (බුදුපිළිමයට පිටුනොපා ඉන්න තරම්වත් විනයක් නැති) හාමුදුරුවරුන්ට "නායක හිමිවරු" යැයි ආමණ්ත්‍රණය කිරීම කොතරම් යුක්තිසහගතද?
මීට හපන් වැඩ පෙන්වන තවත් හාමුදුරුවරු කොට්ඨාෂයක් තමයි ලංකාවේ අලුතින් බිහිවන "අසපු හාමුදුරුවරු" සහ "රැළ්ලට බණ කියන හාමුදුරුවරු". ඒ අයට නම් කිසිම විනයක් නෑ. සමහර අය ප්‍රසිද්ධියේම කියල තියනවා තමන් "විනය" කියන දේ පිළිගන්නේ නැහැ කියලා. මේ අය කරන්නේ බුදුදහමට හෙණ ගැහුවත් මොන ගිනිවිජ්ජුම්බරේ දාලා හරි තමන්ටම කියලා ශ්‍රාවකයෝ ලක්ෂ ගාණක් හදාගන්න දඟලන එක. මේ අය විවිධ උපක්‍රම මේ සඳහා යොදාගන්නවා. සරල සිංහලෙන් බණ කීම (සරල සිංහලෙන් බණ කීමට මමත් කැමතියි, හැබැයි බොළඳ වචන දාලා නෙමෙයි), ත්‍රිපිටකය සරල සිංහලට පරිවර්ථනය කිරීම, බණ කියද්දී වචන ඇදීම, ප්‍රසිද්ධියේ කඳුලු පිසීම හා ඇඬීම, මේකප් දැමීම, දිලිසෙන වැඩදමාපු පාට වෙනස් සිවුරු ඇඳීම, ආදී නොයෙක් විදියේ උපක්‍රම පාවිච්චි කරනවා. එහෙම කරලා මහා ප්‍රාඥයෝ වගේ බණ කියලා අර අහිංසක මිනිස්සු (විශේෂයෙන් තරුණ පරම්පරාව) ටික රවට්ටා ගන්නවා. ඊට පස්සේ ඉතිං විවිධ අලුත් අලුත් අත්හදා බැලීම් කරමින් අර පරණ උපක්‍රම ටික එක එක විදියට යොදවමින් යැපෙනවා ඇරෙන්න බුදුදහමේ ව්‍යාප්තියට, ශාසනයේ චිරපැවැත්මට කිසිම ආකාරයක ක්‍රියාවක් කරන්නේ නැහැ.
මම පෞද්ගලිකව දන්න දුෂ්කර දිවි පෙවෙතක් ගත කරන, හරියට දානයක් නොලැබෙන එහෙත් මිනිස්සුන්ට, ශාසනයට විශාල සේවාවක් කරන යතිවරු බොහෝ පිරිසක් ලංකාවේ විවිධ පළාත්වල ඉන්නවා. ඔවුන්ට මේ ආකාරයේ බලාපොරොත්තු නෑ. සමහර හිමිවරුන්ට තියෙන්නේ එක සිවුරයි, අඳනකඩෙයි. ලංකාවේ සමහර ගම්මාන කොටින්ගෙන් මෙන්න මිෂනාරි ආක්‍රමණිකයින්ගෙන් බේරිලා තියෙන්නේ ඒ වගේ යතිවරු නිසා. (visit: http://www.sadahamvijaya.org)
ඒත් මේ ලංකාවේ සෝබන හාමුදුරුවරුන්ට ඇයි බැරි අර වගේ දුප්පත් අහිංසක විශාල ශාසන මෙහෙවරක් කරන හිමිවරුන්ට උදව් කරන්න? මේ කොළඹට වෙලා "මෙගා බණ" කියන හාමුදුරුවරු බුද්ධ ශාසනේ ආරක්ෂා කරගන්න කරලා තියෙන්නේ මොනවද? කඩන් වැටෙන පන්සලකට එක ගඩොල් කැටයක් අල්ලලා තියද?
මේ අය ශාසනෙන් අතුගාලා දාන්න සංඝායනාවක් රජයේ මැදිහත්වීමෙන් හෝ බෞද්ධ නායකයින්ගේ මැදිහත්වීමෙන් නොකෙරෙන්නේ ඇයි?
ඡායාරූපය: දිවයින පුවත්පතින් උපුටාගන්නා ලදි.
Wednesday, August 6, 2008
බුදුහාමුදුරුවන්ට පස්ස පෙන්නන අපේ රටේ නායක හිමිවරු!
Subscribe to:
Post Comments (Atom)







25 comments:
චේතනාහාන් භික්කවේ, කම්මං වදාමී කියලා තියනවානේ. ඒ නිසා මමනම් හිතන්නේ නැහැ, පින්තූරයේ කිසිම වැරද්දක් ඇතැයී කියා. මම එහෙම කියන්නේ, අපහාස කිරිමේ චේතනාවක් නැහැයී කියලා හිතාගෙනයී. කිසිවෙකුට හානී කිරීමේ හෝ තමාට හානි කරගැනීමේ අදහසක් නැතැයී කියායී. අනික බුදුහාමුදුරුවෝ කියන්නේ පස්ස හරවලා වගේ ක්‍රියාවක් කොරලා අපහාස කොරන්නෙ පුලුවන් පුද්ගලයෙක් නෙවෙයී.
මේ කාරනය දුටුවාම මට අජාන් බ්රහම්මවන්සෝ හාමුදුරුවෝ කියපු කතාවක් මතක් වෙනවා, ගන්තනමෝබේ කදවුරේ කුරානය වැසිකිලි කටට දමා ගාසා යැවීම ගැන. මතක ඇතිනේ, ලෝකෙ පුරා මුස්ලිමානුවන් අපහාස කොලා කියලා, පාරට බැහල, කල කෝලහාල කොරලා, ලෝකය පුරාම පන්සීයකට වඩා මලා. ත්රිපිටකේ වැසිකිලියට දමලා එවෙනී අපහාසයක් කලෝතිය් බෞධදයෝ මොකද කරන්න ඕනේ කියලා උන්නාසෙගෙන් ඇහුවහම, උන්නාසෙ කීවා, පයීප්ප බාස් කෙනෙක් කතාකරල හිරිවෙච්ච පයීප්ප ටික සුද්ද කරගන්න කියලා. මම හිතන්නේ, බෞධ්දයෝ මේ වගේ “අපහාස” කාරනා දිහා බැලිය යුතු ආකාරය එහෙමයී.
මම කියන්න උත්සාහ කලේ බුදුහාමුදුරුවොන්ට අපහාස කිරීම ගැනම නෙමෙයි. ලංකාවේ බෞද්ධයෝ විදියට ආරක්ෂා කරන ගුණධර්ම, සිරිත් විරිත් මේ වගේ අසමජ්ජාති විදියට නායක හාමුදුරුවරු විසින්ම කඩලාදාන එක ගැන. අපහාස කිරීමේ චේතනාවක් තියෙන්න නැතුව ඇති, නමුත් බෞද්ධ හාමුදුරුවරු කියන්නේ කරන්නන්වාලේ ඕන දෙයක් කරන පුද්ගලයින් නෙමෙයි. තමන්තුල තියාගන්න ඕන මූලික වත් පිළිවෙත් ටික රැකගන්න බැරි මිනිස්සු කොහොමද බුද්ධ ශාසනේ ආරක්ෂා කරන්නේ?
අසම්ජ්ජාතිය කියන වචනය පාවිච්චි නොකරන එක තරමක් හොද නැද්ද. ඕක ගැන මට ඉස්සෙල්ල ලියන්න බැරි උනා. දෙමාපියන් කසාද නොබැදීමේන් පුද්ගලයෙක් පහත්වීමේ අදහස තියෙන්නේ කතෝලික ගුණධර්ම පද්දතිය තුලයී. බෞධද ක්‍රමයට අදාලව පුදගලයෙකුගේ ක්‍රියාවෙන් මිසක, උපතින් පහත් වන්නෙ නැහැ. අපි නොදැනුවත්වම මෙවනි වචන පාවිච්චියෙන්, අපේ බෞධ්ද අදහස් කොච්චරක් අමතක වෙලා, ඒ වෙනුවට අනෙකුත් ගුණ ධර්ම ඇතුලත් වෙලාද කියලා පේනවා. (ඕවා අපි හිතලා පාවිච්චි කරනවා නෙවෙයී. ඒ තරමට අනෙකුත් ගුණධර්ම අපි තුලට මුල් බැසගෙන ගිහිල්ලා)
Very true. Even though we go on to blame NGOs, extremist religious groups and western countries, the biggest enemy lies within ourselves. Buddhism will be better off without these fancy monks.
Sam, අසමජ්ජාති කියන වචනේ යොදන්නේ ක්‍රියාව පහත්කොට සැලකීමට මිසක් ජන්මය පහත්කොට සැලකීමට නෙමෙයි.
මම ඒ වචනෙ පාවිච්චි කලේ නොහිතා නෙමෙයි, හොඳට හිතල බලලා අදාල තැනට ගැලපෙන විදියට.
බෞද්ධ බෞද්ධ කියලා හැමදේටම "සුවපත්වේවා", "සාදු සාදු" කියන බෞද්ධයෝ ඉන්න නිසා තමයි මේ හාමුදුරුවරු ඩෙඟා නටන්නේ.
දයාවංශ ජයකොඩි මහතා විසින් අද දිවයින පුවත්පතට මෙම නොහොබිනා ක්‍රියාව ගැන ලිපියක් ලියා තිබෙනවා.
http://www.divaina.com/2008/08/07/news19.html
Showing one's back to a Buddha statue is not an offence in universal *Buddhist* tradition. Thai monks always sit with their back to Buddha statues when they chant and it is not treated as a disrespect. (just one example: http://www.youtube.com/watch?v=iHym-GfRiF0)
(On the other hand, Thais treat it a great offence to sit with their feet towards a Buddha statue.)
So if it an offence, it is within the framework of so called *Sinhalese Buddhism* only.
Having said that, when there is no real need why break traditions accepted in society and rock the boat unnecessarily?
This is like the great Buddhist Mahinda Rajapakse wearing slippers to temples. What is the big need? Why cannot he simply remove his slippers when visiting a temple?
(Just for the record some of the *cheevaradharis* in this photo do greater damages to Buddhism than this. I would not say it hear because that should not be good for fragile *Sinhalese Buddhist* egos)
Few more instances where monks/laymen show their backs to Buddha statues (in Sri Lanka).
http://cache.daylife.com/imageserve/0f9perNbw8272/340x.jpg
http://cache.daylife.com/imageserve/01xr7kz6ux207/340x.jpg
http://apps.carleton.edu/campus/chaplain/buddhist_vesak/?image_id=304127
http://www.lankanewspapers.com/news/profiles/newsimages/jhu.jpg
I do not want to comment on the morality issue at each photo. (for example the soldier does it unintentionly)
This is just to emphasise that we should take each from the angel of චේතනාහාන් භික්කවේ, කම්මං වදාමී as Sam suggested.
මුචලින්ද, ඔයා එවල තියන පින්තූර එකකවත් හාමුදුරුවරු බුදුපිළිමයට පිටුපාලා නැහැ. සියළුදෙනාම බුදුපිළිමයට පසෙකින් ඉන්නේ. ඔයාගේ තර්කෙ හැටියට එහෙනම් කිසිම කෙනෙක්ට බුදුපිළිමයක් ඉස්සරහින් ඇවිදින්නවත් බැහැනේ...
සොල්දාදුවා බුදුපිළිමයට පිටුපාලා නැහැ, ඔහු ඉන්නේ වෙනත් කෝණයකින්. කැමරාකරු තමයි ඡායාරූපය ඒ විදියට ඇරන් තියෙන්නේ.
විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලත් හාමුදුරුවරු දෙනම ඉන්නේ පසෙකින්, මීටර් ගණනක් ඈතින්.
DammaTalk කියන පින්තූරයෙත් කිසිම හාමුදුරුනමක් බුදුපිළිමයට පිටුපා නැහැ. පිටුපාලා ඉන්නේ පිටරැටියෙක් පමණයි.
සුමංගල හිමි සහ එල්ලාවල හිමි සිටින පින්තූරයෙත් හාමුදුරුවරු ඇවිදිමින් සිටින මොහොතක ගත්ත එකක්.
එහෙම බැලුවොත් මේ ලංකාවෙ මොන පැත්තට හැරිල හිටියත් බුදුපිළිමයකට පිටුපාලා තමයි මිනිස්සු ඉන්නේ.
මම පෙන්වාදුන්නේ ඒ වගේ පටු බොළඳ දෙයක් නෙමෙයි. මේක ලංකාවේ බෞද්ධයින්ගේ සදාචාරය, වත්පිළිවෙත් පිළිබඳ ප්‍රශ්නයක්. කරුණාකරලා ලිපියෙන් ඉදිරිපත් කරන කරුණු කාරණා තේරුම් ඇරගෙන අදහස් දක්වන්නේ නම් හොඳයි.
Nilaksha,
Have you seen Ven Uduwe Dhammaloka and other theros in the photo? Aren't they showing they back to the Buddha statue?
Muchalinda,
man, are you blind? the monks in that picture are moving...
Addaddaa,
Bellanwila haamuduruwoth passa harawagena inne...
saadhu saadhu!
මුචලින්ද සාධාරණීකරනය කරන්න හදන්නෙ මොකක්ද?
ලංකාවට ආවේනික බෞද්ධ සංස්කෘතියක් නෑ කියන එකද? තර්කානුකූල උනත් නැති උනත් අපි පවත්වාගෙන එන සම්ප්‍රදායන් රැසක් තියිනව. එවා කඩන එක සංස්කෘතියට වැරදියි.
ආගමට අනුව ප්‍රශනයක් නැති වෙන්න පුළුවන්.
@සෑමි හැමතැනම කියන මූලීක බුද්ධාගම අනුව මෙය ගැටළුවක් නොවෙයි තමයි.
චේතනාව තමයි හැම එකටම මුල කියල තියෙනව. ඒ වුනාට ක්‍රියාව තමයි දර්ශනය වෙන්නෙ. පාරට බැහැල කෑ ගහන්න ඔනේ නෑ තමයි. නමුත් එයට විරුද්ධව යමක් කියන එක යුතු කමක්. මොකද ඒක කරන්නෙ හොඳ උගත් හාමුදුරුවරු නිසා.
ගිහි විනය (පන් සිල්) සහ විදසුන් වඩා රහත් වීමට උත්සාහ කිරීම හැර වෙන ඕනෑම දෙයක් බුදු දහම නොවේ යයි තැකීමට හැකි. නමුත් නිලක්ෂ ලියා ඇත්තේ එ වැන්නක් ගැන නො වේ.
ගරු කිරීමට, නිගරු කිරීමට ඒ ඒ පෙදෙසේ, රටේ විවිධ ක්‍රම ඇත. උදාහරණයක් ලෙස, අපේ රටේ හිටගෙන වැඳීම ආචාර කිරීමක්, නමුත් දන ගසා වැඳීම ගෞරව දැක්වීමක්, බුදුන්ට පසුපස හරවා හිඳීම අගෞරවයක්. මේවා අපේ හැදියාවේ කොටස්. වෙනත් රටවල් ගැන සසඳා හෝ, බුදු දසුනෙහි හරය හා සසඳා ඒවා බැහැර කිරීමෙන් තමන් "ජාත්‍යන්තරව සිතන" කෙනකු හෝ "රැඩිකල්" බව පෙන්වීමට සිතන අය අප කොතෙකුත් දැක ඇත. අනුකම්පා කරමු.
මම මේ පින්තූරය දුටු මුල් අවස්ථාවෙ ම තිගැස්සී ගියා. මේක පහත් නීච ක්‍රියාවක්. මේ සංඝ පරිහානිය ගැන මම මීට පෙර ලිපියක් ලීවා. (http://sanhindha.blogspot.com/2008/06/blog-post_17.html) ඇත්තට ම අද බුදු සසුන අන්තයට පිරිහිලා. බොහෝ දෙනාට සුදුසු නම ගනින්නාන්සේ කියන එක. අපට අතීතයෙන් උරුම වුණු සම්ප්‍රදායක් සංස්කෘතියක් තියෙනවා. ඒ පිළිබඳ යම් හෝ හැඟීමක් තියෙන පිරිසක් සිටීම ගැන සතුටුයි. ඒ වගේ ම රටේ තාම සුදු සෙවනැලි හොල්මන් කරන හැටි මේ සංවාදය අතරතුර කදිමට පෙනෙනවා. ඒ ගැන අපි එතරම් කලබල විය යුතු නැහැ. මේ පරයින් ස්වභාවික වරණයට ලක්වෙන බව සහතිකයි.
රටට අවැසි හුදු නිවන සොයන ඕල්කට් බෞද්ධයින් නොව රට දැය සමය ගැන සිතන ධර්මපාල බෞද්ධයින් බවත් මෙරට ශිස්ටාචාරයක් බිහි කළේ එමග ගත් අප මුතුන් මිත්තන් බවත් අවසන් වශයෙන් ලියා තබමි.
අනිකුත් රූප නිසා හොද කාරනනයක් මතු වුනා. පිලිමෙකට පසුපස හරවා සිටීම නොකල යූතු කාරනයක් නම්, ඒ සදහා තියෙන මිනුම් කියුම් කුමක්ද? එහෙම නැත්තම් ඒසදහා මිනුම් සාදා ගත යුතුද? උදාහරනය විදිහට, චලනය වෙන ගමන් පිටුපස හැරවීමේ වැරදක් නැති බව කියවුනා. ඈතින් ඉදන් පිටුපස හැරවීම සාදාරන බව කියවුනා. එම වපසරිය, කොතරම් ඈත විය යුතුද? මේ රූපය, බුදුන් යටින් සිටගෙන ඉන්නවායැයී පහදන්න පුලුවන්, මොකද බුදු රූපය සියලු දෙනාටම උඩ තියෙන නිසා. එහෙම වෙනවානම් උස කොතරම් උස විය යුතුද. සමූහයක් සිටගෙන ඉන්නා විට, (මේ රූපයේ වාගේ ) පැත්තෙන් සිටගෙන ඉන්නා අයත් අපහාසය කරනවාද? බුදුරූපය අති විශාලනම් (ශරීරයට සාපේක්ශව )( වෙහෙරහේනේ වාගේ ), පිටුපස හරවා සිටීම නරකද? පිලිමය ශරීරයට සාපේක්ශව ඉතා කුඩානම් නීතිය එලෙසම බලපානවාද? මම මෙහෙම කීවේ, මේ රූපය ගැන පමනක් නොවෙයී, දැන් හැම මර්ග සලකුනක් ලගම පිලිමයක් තියෙන නිසා, මේ පිලිබද හරි චාරිත්ර සියලු දෙනා දැනගෙන සිටීම වටිනා නිසා. එහෙම නැත්තම් පන්සල් ගිහිල්ල ගෙදර යන බෞධදයෙක්ගෙන් කන පිරෙන්න අවවාදයක් අහන්න හොද අවස්තවක් තියෙනා නිසායී.
මුස්ලිම් ආගමේනම් මේවගේ කාරනා අගල් වලින් මිනුම් වලින් අංක වලින් අගේට අකුරට දක්වලා තියෙනවා. වැරදීමක් වෙන්න කිසිම ඉඩක් තියෙලා නැහැ. රැවුල අගල් කීයද, වැසීය යුතු තැන් මොනවාද, දින කීයද.. අකුරට තියෙනවා. අපිට එහෙම නැති නිසා තමයී මේ වගේ පුරස්න ඇති වෙන්නේ.
"යමෙකුගේ බුද්ධියේ තරම ඔහුගේ ශරීරප්‍රමාණයෙන් මැනිය නොහැක. නමුත් ඔහුගේ වචන වලින් මැනිය හැක"
ආගම යනු සත්‍ය නොව සත්‍යයයි පිළිගැනීම බව අප අවබෝධ කර ගත යුතු ය. කුරානයට අපහාස කිරීම පිළිබඳ සිද්ධියෙන් අප උගත යුතු පාඩම කිසිවකුගේ ඇදහීම්වලට අප නිගරු නොකළ යුතු බව මිස ඉවසීම නම් කඩතුරාවට මුවා වී දීන නිවටයින් ලෙස පලා යාම නොවේ. ඒ ගැන කදිම පාඩමක් විමලරත්න කුමාරගමගේ 'අයියනායක' පැදි පෙළෙහි අඩංගු ය.
බුදු රුව බිකිණියට හා අත් පිස්නාවලට යෙදීම ද ධර්මචක්‍රය සපත්තු අඩියට යෙදීම ද බුදු රුව මත වාඩි වි පින්තූර ගැනීම ද යහපත් චේතනාවෙන් කරයි නම් කිම දැයි අසන කාලය වැඩි ඈතක නොවේ.
මෛථුන කාර්යයේ දී තිරිසන් ලෝකයේ මව පියා හෝ සහෝදර බැඳීම් නොසලකන හෙයින් ද යහපත් චේතනාවෙන් කරන ඕනෑ ම දෙයක් බුදු රදුන් අනුමත කළ හෙයින් ද බෞද්ධයින් ඒ දහම අනුමත කළ යුතු යයි මේ මානසික රෝගීන් පැවසුව හොත් පුදුම නොවන්න.
මිනිසා වසර දහස් ගණනක් තිස්සේ වර්ධනය කර ගත් හර පද්ධතිවලට ආචාර ධර්මවලට වශ්වාසයන්ට සිනාසෙන්නෝ ඊට ආගන්තුකයෝ ය. එය නිරුවත් වානරයෙක් (ඇඳුම් අඳින) ශිෂ්ටාචාරගත මිනිසාට සිනාසීමට නොදෙවෙනි ය.
'තර්කය සත්‍යයේ පරම ප්‍රතිපක්ෂය වේ' යන මාක්ස්ගේ කියමන යළි යළිත් සනාථ කිරීමකි මේ. බුද්ධිමතා සහ උගතා අතර පරතරය හදුනා ගැනීමට ද කදිම අවස්ථාවකි. එහෙත් කිසි ම සංවාදයක් නිසි මග ගෙන යාමටත් එමගින් සැබෑ සුසංවාදයක් සමාජයය තුළ ගොඩනැඟීමටත් මේ මනෝවිකාර මහත් බාධාවකි.
නාමල් කතාව හරියට හරි. එක එක නම් වලින් අපේ බ්ලොග් වල බහුබූත ලියන අය නිසා බ්ලොග් ලිවිල්ලත් එපා වෙනවා වෙලාවකට. ඇයි ඉතින් අපි ලියන ඒවට අකමැති අය එක එක වෙස්මූණු දාගෙන බහුබූත එවනවා.
මේකටත් ඔය එක එක අන්වර්ථ නාම වලින් තව කමෙන්ට්ස් දෙක තුනක් එවලා තිබ්බා මාව ඇවිස්සීමේ චේතනාවෙන්. මම කමෙන්ට්ස් මොඩරේට් කරලයි තියෙන්නේ. ඒක නිසා ඒවා දැම්මේ නැහැ. අනික ඔය බහුබූත වලට ප්‍රතිචාර ලියලා මගේ කාලෙ නාස්ති කරගන්න මම කැමති නැහැ. මේ ඉදලා හිටලා බ්ලොග් සටහනක් ලියන්නෙත් හරි අමාරුවෙන්.
සෑම්ගේ කමෙන්ට්ස් වලට ඉඩ දෙන්නේ සෑම් මීට කලිනුත් "වැඩකට ඇති" ප්‍රතිචාර දක්වලා තියෙන නිසා. හැබැයි සෑම්ගේ ඇතැම් කමෙන්ට්ස් ඔලොක්කුවට දාලා ඇති හැඩයි.
මම මගේ බ්ලොග් එකෙන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මිනිස්සුන්ට හිතන්න පුළුවන් ආකාරයේ, බුද්ධිමය කතාකාවක් ඇතිකරගත හැකි ආකාරයේ රටට ජාතියට වැදගත් වෙන කරුණු. වල් පල් කතා කරන්නේ නෑ. ඒක නිසා වෙනත් සමහර බ්ලොග් වල වගේ මේකත් පිස්සන්ගේ තිප්පොලක් ගාණට දාගෙන හිතනවා නම් වැරදියි.
ඔබේ බ්ලොග් සටහනේ ලිපි කිහිපයක් කියවාගෙන ගිය විට පෙනී ගියේ ලංකාව තුල බුදු දහම පිරිහී ඇති බව හුවා දැක්වීමට උත්සාහ ගෙන ඇති බවයි.
ඡායාරූපයේ පෙනී සිටින අය පමණක් නොව ඡායාරූප ශිල්පියාද මෙයට වගකිව යිතුයි. ඔවුන්ගේ අරමුණ වන්නට ඇත්තේ තමන් පන්සලක සිට ඡායාරූපයට පෙනී සිටින බව පෙන්වීමට බව මගේ අදහසයි. බුදු පිලිමයට පසෙකින් සිටගත් විට ඡායාරූපයේ වැඩි ඉඩක් වැය වනු ඇත. පුවත් පතක පල කල විට එහි මුහුනු හඳුනාගත නොහැකි වනු ඇත. මෙය ප්‍රායෝගික සත්‍යයයි.
තමාගේ අදහසක් හුවා දැක්වීමට මෙවැනි සුලු සිද්ධි ගාවාගන්න එක හොඳද මංදා...
ලංකාව තුල බුදුදහම පිරිහී ඇති බවට හුවා දැක්වීමට දෙයක් නෑ... ඒක කවුරුත් දන්න සත්‍යයක්. පිරිහීම දැක දැක සද්ද නැතුව ඉඳීමෙන් වෙන්නේ මේ පිරිහීම නතර නොවෙන එක. ඒක නිසා එවන් කරුණු සම්බන්ධයෙන් කතිකාවක් ඇතිවීම ධනාත්මක දෙයක්.
ලංකාවේ බුද්ධ ශාසනයේ පිරිහීම ගැන මට තියෙන්නේ ලොකු කණගාටුවක්. ඒ නිසා බුදුදහම සම්බන්ධව ලියැවෙන මගේ ලිපි වලින් ඒ වැරදි හොලාදැකීම මම සිදුකරනවා. අනිත් කාරණාව ලංකාවේ බුද්ධ ශාසනයේ ඇතිකරගෙන තිබෙන සහ ඇතිවෙමින් පවතින විකාර, බෙදීම් වැනි දේවල් වලට මම එලිපිටම පහර ගැසීමට පැකිලෙන්නේ නැහැ. නිකාය භේදයට මම තදින්ම විරුද්ධයි. ඒ සම්බන්ධව මම ඕනෑම මොහොතක හෙලාදකින්නත්, තර්ක කරන්නත් ලෑස්තියි.
අපේ දේවල් කිය කියා වැරදි දැක දැක නොදැක්කා සේ සිටීමෙන් අපි අපිටම කරගන්නේ හානියක්.
මේ සිද්ධිය සුළුදෙයක් කියලා මම නම් හිතන්නේ නැහැ. මේක සුළු සිද්ධියක් කියලා සැලකුවත් මේ වගේ දේවල් වලින් පටන් ගන්න "චාරිත්‍ර වාරිත්‍ර කැඩීම" කොතනින් කෙළවර වෙයිද දන්නේ නෑ.
ඡායාරූප ශිල්පියාට මෙම ඡායාරූපය බෞද්ධ සිද්ධස්ථානයක සිට ගත්තායැයි ප්‍රකාශ කළ හැකි කොතරමි දර්ශනතල පන්සලක් තුල තිබෙනවාද?
මේක ඡායාරූප ශිල්පියාගේ වැරැද්ද නෙමෙයි. ඡායාරූපයට පෙනීසිටින හාමුදුරුවරුයි දැනගන්න ඕන තමන්ගේ චාරිත්‍ර පිළිපදින්න.
ඔබ ඔබේ වියුණු සටහන මඟින් කරගෙන යන සේවය අති මහත්. සිංහළ හැදියාව ගැන නො දන්නා යමෙක් මෝඩ අදහස් පළ කළා කියා ඔබ ඔබේ කාර්‍යයට එය බාධාවක් කර ගන්න එපා.
අඟල්වලින් අඩිවලින් මීටර්වලින් හැදියාව ගැන අහන්නෙ, හැදියාව කියන වදනත් මේ සටහනෙන් මුල් වතාවට දැකපු අය තමයි.
තමන්ගේ පක්‍ෂාත් භාගය ඕනෑම කෙනෙකු දෙසට හැරවීම, නිගරුවක් කියල ඕනෙම කෙනෙක් දන්නවා. වරක් බුදු පිළිමයක හිස මත සිටගෙන සිටින මිනිසෙකු ගේ රුවක් සහිත පෝස්ටරයක් වූ චිත්‍රපටියක් හොලිවුඩ් හි තිරගත වුණා. මේ සඳහා ඔවුන් දුන් නිදහසට කාරණය නම් එය නිගරුවක් කිරීමේ අදහසින් නො කළ බව. එහෙත් සිහි ඇති ඕනෑම කෙනෙක් දන්නවා පුද්ගලයෙකුගේ හිස මත පා තැබීම නිගරු කිරීමක් වන බව.
බුදු පිළිමයකට, පිදිය යුතු දෙයකට පසු පස හැරවීම නො දැන වෙන්න පුළුවන් දෙයක්, ඒ වගේම එදිනෙදා දිවියේ දි, සිදු වෙන්න පුළුවන් දෙයක්. එහෙත් වෙනස තිබෙන්නේ එසේ පසු පස හරවා ගෙන පෙනී සිටීම යි. (posing).
බුදු පිළිමයට තම පසු පස නො හැරවීම සිංහළ බොදු සිරිතක් (පමණක්) යැ යි කියන ඇතැමුන් අමතක කරනවා, ඉංගිරිසින් තම රැජින හමුවේ සිටින කල ඇය දෙසට පසු පස නො පාන බව. ඔවුන් ඇය සිටින කාමරයෙන් ඉවත් වන්නට දොර ළඟට යන්නේත් පස්සෙන් පස්සට.
ඒ වගේම අප වුවත් බුදු හිමියන්ට මල් පූජා කිරීමෙන් අනතුරුව අඩි දෙකක් පමණ පසු පසට විත් හැරී යාම තමයි කරන්නේ. එය නිතැතින් ම සිදුවන දෙයක්. එය අපේ හැදියාවේ කොටසක්. මා පියන් අපට හුරු කළ දෙයක්. එය අමුත්තක් ලෙස පෙනෙන්නේ කළු-සුදු හැදියාවට හිස නමන පර ගැත්තන් බව පැහැදිලි යි.
සෑම් නමැත්තා ගේ Blogger Profile හි සඳහන් වන අයුරින් ඔහු ගේ ප්‍රියතම සංගීත අතර Budhdha Bar තිබෙනවා. ඔහුගේ හැදියාව පෙන්නන්න එය ම ප්‍රමාණවත්. ඔහු ලියන දේ කියෙව්වොත්, හැදියාවක් ඇති මිනිසෙකුට ඔහු ගැන පහළ වන්නේ අනුකම්පාවක්.
සිංහළ හැදියාව මනින්නේ සිංහළ අපේ මනසින්, අපේ සිතුවිලි වලින් මිසක්, බටහිර සංකර මිනුම් දඬු අනුව නො වන බවත් කිව යුතු යි. එහෙත් දුකට කරුණ නම්, බටහිර වෙසෙන ශිෂ්ට මිනිසුන් පවා මෙවැනි ගුණ දහම් පිළිපදින බව ඊනියා බටහිර ගැත්තන්ට නො තේරීම ම නො වේ ද?
හරියට හරි රජිත්! ඔයිට වැඩිය මොන නිදසුන්ද? :)
නිකම්ම නිකන් මිනිහෙක් ඔහේ ඉබාගාතෙ හැදෙන්න ඇරියට ඔහු පරිපූර්ණ මිනිසෙක් වෙන්නේ නෑ. යමෙක් පරිපූර්ණ වෙන්නේ තම සංස්කෘතියට අයත් හර පද්ධතිය තුලින්.
සිංහලයෙක් සිංහල වෙන්නේ සිංහල බෞද්ධ හර පද්ධතිය තුලින්. ඉංග්‍රීසිකාරයෙක් ඉංග්‍රීසි වෙන්නේ ඔහුගේ සංස්කෘතියට අයිති හර පද්ධතිය තුලින්.
ඔය දෙක අතර අතරමං උන අය තමයි හැමදාම ඉබාගාතෙ යමින් තමන්ගේ ගොන්කං ප්‍රදර්ශනය කරන්නේ.
ලංකාවේ බුදු සසුන පිරිහිලා කියන එක පිළිගන්න මගේ සිංහල බෞද්ධකම මට බාධාවක් විය යුතු නැහැ. ඉතිහාසය පුරා බුදු සසුන පිරිහුණු අවස්ථාවල ඒ බව මුලින් ම දුටුවේ බෞද්ධයෝ. ඒ අය ඒ සඳහා ධර්ම සංගායනා කොට ථේරවාදී බුදු දහමේ චිරස්ථිතිය තහවුරු කළා. අපි අපේ රටට බුදු දහමට ආදරය කරන මිනිස්සු විදිහට ගත යුතු මඟත් ඒකයි. එසේ නොවුණොත් ඒ වැරදි අපේ සතුරන් අතට පත්ව මුළු සසුන ම අභාවයට යාවි.
වැලිවිට සරණංකර මාහිමි චාරිතාපදානය කියවා එකල සිටි ගණින්නාන්සේලා සහ අද සිටින සාධුලා අතර වෙනස කුමක්දැයි සිතා බලන මෙන් මම ඉල්ලා සිටිනවා. එහෙත් මඩ වගුරක නෙළුම් මල් වගේ
සුසිල්වත් ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අදත් සිටිනවා. උන්වහන්සේලා තමා මේ ධර්ම සංගායනාවට පෙරමුණ ගත යුතු.
පෙර කල මෙරට සිටියේ එක් සංඝරාජ හිමි කෙනෙක් විතරයි. එකල ගහට පොත්ත වගේ බුදු සුන සහ රාජ්‍ය පාලනය එකට බැඳී තිබුණා. අධ්‍යාපනය පන්සල් ආශ්‍රිත පිරිවෙන් මගින් කළ නිසා රජ වුණේ පරිපූර්ණ මිනිසෙක්. බෞද්ධයෙක්. එත් යටත්විජිතවාදියෝ සූක්ෂම ලෙස සසුන බෙදුවා. අපේ සඟ පුරපුරත් අවසන ඊට බිලි වුණා. දැන් හැම පර්චසයක් ගානේ නායකලා අනුනායකලා.
රජිත්ගේ කතාව හරියට හරි. පෙරපර දෙදිගම සංස්කෘතීන්ට හර පද්ධතිවලට ආගන්තුක අහිකුණ්ඨකයෝ සිය සංස්කෘතීක දරිද්‍රතාවයේ හර පද්ධති විහීනත්වයේ ජුගුප්සාජනක හෙළුව අපිට පානවා. අනුකම්පා කරනු හැර කුම් කරම් ???
Post a Comment