M.I.A. නමින් හැදින්වෙන දෙමළ බිරිතාන්‍ය ගායිකාවක වන මාතංගී අරුල්පරගාසම් යනු ඊරෝස් (ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංවිධානය) සංවිධානයේ නිර්මාතෘ සහ එල්ටීටීඊ සංවිධානයේ පබල සාමාජිකයෙකු වන අරුල්පරගාසම්ගේ එක් දියණියකි. ඇය විසින් නිකුත් කළ Arular ගීත ඇල්බමය සහ Kala ගීත ඇල්බමය හරහා කොටි සංවිධානයේ මිලේච්ඡත්වය සාධාරණිකරණය කරමින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයට "කඩේ යමින්" සිටී. කොටි සංවිධානය නිදහස් අරගලයක යෙදෙන බව හුවා දක්වන්නට මෙම ගායිකාව උත්සාහ දරා ඇති අතර ඇගේ ගීත ඔස්සේ "ඇඟට නොදැනෙන ලෙස" ඊළාම් මතවාදය ලෝකය පුරා ව්‍යාප්තකරමින් ජාත්‍යන්තරය රැවැට්ටීමේ උත්සාහයක් නිරත වී සිටී.
මැයගේ මෙම නින්දිත උත්සාහය හෙළිදරව් කිරීම සහ එල් ටීටීඊ සංවිධානයේ මිලේච්ඡත්වය ලෝකයට හෙළිදරව් කිරීම සඳහා එක්සත් ජනපදයේ උපත ලබා හැදීවැඩුනු ඇමරිකන් රැප් තරුවක් වන ඩිලෝන් ජයසිංහ නම් රැප් ගායකයා ඉතා විශිෂ්ඨ උත්සාහයක නිරත වෙමින් සිටී. MIA විසින් "Paper Planes" වැනි ඇගේ ගීත නිර්මාණ ඔස්සේ මිලේච්ඡ ත්‍රස්තවාදීන්ට උදව් කරන බවත්, එල්ටීටීඊ ත්‍රස්තවාදය යනු ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය බවත් පවසමින් ඩිලෝන් විසින් "M.I.A. - Paper Planes (Diss by Delon)" නමින් වීඩියෝ පටයක් අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය කිරීම ආරම්භ කර ඇත. Youtube වෙබ් අඩවියට එකකර තිබූ මෙම වීඩියෝපටය UMG (Universal Music Group) සංවිධානයේ ඉල්ලීමක් මත ඉවත් කළ බව Youtube වෙබ් අඩවිය පවසයි. මෙය ත්‍රස්තවාදීන්ගේ බලපෑම මත සිදුවූවක් බව ඩිලෝන් සහ වෙනත් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන් ප්‍රකාශ කරති. නමුත් මෙම ඉවත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් "MIA DISS (RESPONSE TO UMG AND MIA) BY DELON" නමින් තවත් වීඩියෝපටයක් ඩිලෝන් විසින් නිකුත් කර ඇති අතර "ඔබලාට මාව නතර කළ හැකිමුත් සියල්ලන්ම නතර කළ නොහැකියි" යනුවෙන් පවසමින් UMG හා MIA ඇතුලු කොටි හිතවාදීන් ඉතා දැඩි විවේචනයක් ලක්කරයි.
කෙසේ වෙතත් ඩිලෝන් විසින් මෙම වීඩියෝ පට ඕනෑම අයෙකුට බාගත කරගැනීමට හැකි පරිදි අන්තර්ජාලයේ ස්ථාන කිහිපයක රඳවා ඇත. එමෙන්ම ලඟදීම තවත් වීඩියෝපටයක් නිකුත්කරන බවද ඔහු පවසයි.
ලංකාවේ ඉපදුන, ලංකාවේ හැදුනු වැඩුනු එකම කලාකාරයෙකුවත් කොටි සංවිධානයේ මිලේච්ඡත්වය ලොවට හෙළිකරන හෝ හෙළාදකින ආකාරයේ නිර්මාණ මනුෂ්‍යත්වනයේ නාමයෙන් බිහිකර නැත. නමුත් ඇමරිකාවේ උපත ලබා ඇමරිකාවේ හැදීවැඩී බටහිර සංස්කෘතියේ අභාෂයලත් ඩිලෝන් ජයසිංහ තම මව්බිමේ නාමය වෙනුවෙන් දිවිය සහ තම වෘත්තිය පරදුවට තබා අමිල මෙහෙයක් ඉටු කරයි.
ලංකාවේ කලාකරුවෝ කරන්නේ කුමක්ද? මානව අයිතිවාසිකම්, සාමය, සාධාරණය වැනි මාතෘකා ඉදිරියට දමාගෙන කොටි ත්‍රස්තවාදයේ ගැත්තන් වී ඩොලර් කීයක් හෝ වෙනුවෙන් නිර්මාණ කිරීමයි. නමුත් ඔවුන් තමන්ගේ හෘදයසාක්ෂියෙන් විමසූවොත් සැබැවටම මානවඅයිතිවාසිකම්, සාමය හා සාධාරණත්වය විනාශ කරන්නේ කොටි ත්‍රස්තවාදීන් බව දනිති. එහෙත් ඔවුන් තම හෘදයසාක්ෂිය උකසට තබා මුදල් වෙනුවෙන් ජාතිය පාවා දෙති, ජාතිය පමණක් නොව මනුෂ්‍යත්වයද පාවා දෙති.
ලංකාවේ ඊනියා කලාකරුවනි, ඔබ "ලැජ්ජයි" යනුවෙන් සටහන් කළ බෝඩ් ලෑලි උස්සාගෙන පෙළපාලි ගියා අපට මතකය. කියන්නට ඇත්තේ "ඔබලාට ලැජ්ජයි නම්, අපිට විලි ලැජ්ජයි" යනුවෙනි.
සැබෑ කළාකරුවෝ කවුද? තීරණය ඔබට බාරයි.
මට නම් ඩිලෝන් සැබෑ දේශප්‍රේමියෙකි. ඊටත් වඩා ඔහු සැබෑ අවංක මනුෂ්‍යයෙකි.
ඩිලෝන්, දේශයේ නාමය වෙනුවෙන්, මනුෂ්‍යත්වයේ නාමය වෙනුවෙන් ඔබ කරන "රැප් විප්ලවය"ට අපගේ ආචාරය.
ඩිලෝන්ගේ වීඩියෝපට නරඹන්න. ඔබටත් හෘදයසාක්ෂියක් තිබේ නම් එසේ සිතේවි. එසේ නම් ඩිලෝන්ගේ මෙහෙවරට ඔබට හැකි අයුරින් සහයෝගය දෙන්න. ජාතිය නිසා නොව, මනුෂ්‍යත්වය වෙනුවෙන්!
Delon (Diss M.I.A.)
MIA DISS (RESPONSE TO UMG AND MIA) BY DELON
මෙන්න තවත් විස්තර සඳහා සබැඳුම්:
Download the Video - http://public.me.com/Ceylonrecords
Delon's Website - http://www.ceylonrecords.com
Delon's Blog - http://delonmusic.com/blog/blog.html
http://en.wikipedia.org/wiki/M.I.A._(artist)
http://en.wikipedia.org/wiki/Arul_Pragasam
සටහන:
ඔබ නරඹන විට මෙම වීඩියෝ පට Youtube අඩවියෙන් ඉවත්කර තිබුනහොත් "MIA, MIA Diss, Delon" වැනි keywords යොදා Search කර බලන්න. හැකි සෑම කෙනෙක්ටම මෙම වීඩියෝපට නැරඹීමට සලස්වන්න. හැකිනම් Youtube හා එවැනි වෙනත් අඩවි වලට මෙම වීඩියෝපට Upload කරන්න.
Sunday, August 3, 2008
Delon - A rapper with a mission [the best patriotic artist I've ever seen]
Subscribe to:
Post Comments (Atom)







10 comments:
Delon!!.. U r the Man.. keep it up.
- Don
err i dont think i would call him patriotic. he cant even speak the national language....
when was the last time he was in sri lanka?
@ the curious monkey,
Yes, I know Delon could speak just a few words in Sinhala, and living in US.
Patriotism is not something depends on language you speak, and the place you live on the earth. It's all about someones love for his/her country/nation.
i think i mis-spoke. i did not go deep into the article and the video..
I still think that he can do more and has more or less neglected sri lanka till now, but i guess better now than never..
I do admire him for taking a stand against MIA and Terrorism and your right nilaksha. patriotism does not depend on the language you speak but on actions..
@ the curious monkey
cheers ! :)
Good job Delon.
Keep it up.
Do not worry abt Sinhala.
There are loads of people speak in Sinhala but do not give a damn abt Sri Lanka.
Its not where you live. Its not the language you speak. Its how your heart ache....abt SL and its people. Thats what matters.
Great work - totally admirable!!!
නියමයි නිලක්ෂ නියමයි delon..ගොඩක් අය delon මෙහෙම දෙයක් කළා කිව්වාම හෑල්ලුවට ලක් කරල කථා කරේ නමුත් අද ඒක වෙනස් වෙලා...සම්පත්
Great blog post and don't get upset by the plagarists who copy others work. You have done a great job and will post a link in my blog also.
Keep up the good work.
මෙන්න තවත් link එකක්.
http://idisk.mac.com/ceylonrecords-Public?view=web
මෙතනින් කෙලින්ම බාන්න පුලුවන්
Post a Comment