දිනක් වනයක් හරහා යමින් සිටි පුදගලයෙක් වෙත එක්වරම කොටියෙක් කඩා පැන්නා. දුවන්නට පටන්ගත් ඔහු පසුපස කොටියා පනාගෙන ආවා. ප්‍රපාතයක් වෙත ලඟා වූ මිනිසා පහලට එල්ලී තිබූ වැලක එල්ලුනා. දැන් කොටියා ඔහුගේ හිසට ඉහලින් ගොරවමින් සිටින අතර ප්‍රපාතය පහල බැලූ ඔහුට තවත් කොටියෙකු තමා වැටෙන තුරු කැරකෙමින් සිටින බව දුටුවා. ඔහුගේ ඉරණම තිබුනේ එල්ලී සිටි වැලේ පමණයි.
මොහොතකින් ප්‍රපාතයේ ගුලකින් එලියට පැමිණි කලු සහ සුදු පැහැති මීයන් දෙදෙනෙක් ඔහු එල්ලී සිටින වැල හපන්නට පටන් ගත්තා. වටපිට බැලූ ඔහුට අතපොවන මානයේ ඇති හොඳින් වැඩුනු පඳුරක රසවත් ස්ට්‍රෝබෙරි ගෙඩියක් පෙනුනා. එක් අතකින් වැලේ එල්ලුනු ඔහු අනෙක් අතින් ස්ට්‍රෝබෙරි ගෙඩිය කඩාගෙන කටේ දාගත්තා. ෂා පුදුම රසයි!
Friday, April 18, 2008
උපමාව
Monday, February 25, 2008
ලංකාවට පුරාවිද්‍යා පර්යේෂකයින් ඕනෑකර තිබේ...
මම මේ දින වල ලංකාවේ ඉපැරණි යුගයන්ට සමගාමී ලෝකයේ වෙනත් ශිෂ්ටාචාරයන් පිළිබඳව කරුණු සොයමින් සිටිමි. විශේෂයෙන්ම ලංකාවේ රාවන යුගය හා සමගාමීව පැවත ඇති ඉන්කා, මායා, ඇස්ටෙක්, බැබිලෝනියන් හා ඊජිප්තු වැනි ශිෂ්ටාචාරයන් පිළිබඳව මේ වන විට පුරාවිද්‍යාඥයින් හා පර්යේෂකයින් විසින් කර ඇති අධ්‍යයනයන් පිළිබඳව සොයාබලමින් සිටිමි.
පුදුමයට හා දුකට කරුණ නම් මෙතරම් විශ්මය දනවන නිර්මාණ, තාක්ෂණයන් හා ශිල්පක්‍රම පැවති අපේ සිංහල ශිෂ්ටාචාරය පිළිබඳව ලෝකයේ අවධානයට ලක්ව ඇත්තේ ඉතාමත් නොසැලකියහැකි තරමේ ප්‍රමාණයකිනි. එවන් අයුරින් හෝ කතාබවහට ලක්වී ඇත්තේ අපේ රටේ පර්යේෂකයින්ගේ උත්සාහය නිසා නොව වෙනත් පුරාවිද්‍යා පර්යේෂකයින් විසින් වෙනත් ශිෂ්ටාචාරයන්ගෙන් මතුකරගන්නා ලද ලංකාව හා රාවන රජු ගැන තොරතුරු නිසාය. එම පර්යේෂකයින් ඉතා උද්යෝගයකින් ඉහත කී වෙනත් ශිෂ්ටාචාරයන් පිළිබඳ හෙළිදරව් කරගෙන ඇති පුදුමසහගත තොරතුරු හා ඒ ඔස්සේ සිදුකරගෙන යන පර්යේෂණ පිළිබඳව සොයා බැලීමේදී මට ඇති වූයේ විශාල කනගාටුවකි. මක්නිසාද, අප රටේ අතීතයෙන් උරුම වී දැනට පවතින හා පැවතුනු බවට සාධක ඇති විශ්මය දනවන දෑ පිළිබඳව සලකා බැලීමේදී අපගේ පුරාණ ශිෂ්ටාචාරය මීට වඩා සිය දහස් ගුණයකින් ලෝකයේ අවධානයට පාත්‍ර විය යුතුයැයි හැඟෙන බැවිනි.
රාවන යුගයේ පටන් අනුරාධපුර, පොළොන්නරු හා මහනුවර යුගයන් දක්වා අප පුරාණ ශ්ෂ්ටාකාරයේ පැවති නිර්මාණ, තාක්ෂණයන්, ශිල්පක්‍රම ආදී අපට අනන්‍ය බොහෝ දෑ පිළිබඳව සැලකීමේදී තවමත් අප සිංහල ශිෂ්ටාචාරය මියැදී නැත. අප ශිෂ්ටාචාරයේ පවතින එම යම්තරමක හෝ ජීවමාන ස්වභාවයම, එය අවධානයට පාත්‍ර නොවීමට හේතුවක් වී දැයි සැකයක්ද මට ඇති විය.
වාරි කර්මාන්තය, පාරම්පරික සිංහල වෙදකම, පාරම්පරික කෘෂිකර්මය හා බැඳුනු තාක්ෂණයන්, බලි තොවිල්, ශාන්තිකර්ම, රූකඩ කලාව ආදී අවුරුදු දහස් ගණනක් පැරණි සංස්කෘතිකාංග, සටන්කලාව, නටබුන් අතරින් මතුවන ගොඩනැගීම් ශිල්පක්‍රම, වානේ තාක්ෂණය, හා රාවන යුගයේ පැවති ගුවන් යානා තාක්ෂණයන් ආදී මෙකී නොකී බොහෝ දෑ බාහිර ලෝකයේ අවධානයට තවමත් ප්‍රමාණාත්මක අයුරින් ලක් වී හෝ ලක් කර නොමැති බව හැඟේ.
මගේ අවසාන නිගමනය වූයේ අපේ ඉතිහාසය හා ඉතිහාසයෙන් උරුම වී තවමත් පැවත එන දෑ පිළිබඳව පර්යේෂණ පවත්වා ලෝකය හමුවේ තැබීමට රාජ්‍ය මට්ටමින් හෝ ස්වේච්ඡා මට්ටමින් හෝ ඇත්තේ අල්ප උත්සාහයක් බවයි. එමෙන්ම දැනට සිදුකරන පුරාවිද්‍යා පර්යේෂණ පවා සිදුවන්නේ හුදෙක් උපාධියක් හෝ පශ්චාත් උපාධියක් ලබාගැනීමට මිස සැබෑ උවමනාවකින් නොවේ. එවන් ආකාරයෙන් ආචාර්ය, මහාචාර්ය පට්ටම් ගත්තවුන්ගෙන් අපේ අනන්‍යතාවයන් ලෝක මට්ටමට ගෙනයා නොහැක. එමනිසා ලාංකික අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙනයෑමට නම් ලංකාවට සැබෑ උවමනාවකින් යුතු පුරාවිද්‍යාඥයින් හා පර්යේෂකයින් උවමනා කර තිබේ!
Monday, December 24, 2007
ජීවිතය?
ජීවිතය ගැන කියවෙන ලස්සන සෙන් කවියක් හමුවුනා...
Yo no naka wa
nani ni tatoen
yamabiko no
kotauru koe no
munashiki ga goto
[by Monk Ryokan (1758-1831)]
මේ මිහිමත අපේ ජීවිතය
මා කුමක් සමඟ සසඳම්ද?
එය දෝකාරයක් වැනිය
කඳු අතර රැව්පිලිරැව් දී
හිස් අහස් ගැබ වෙත නික්ම යන
මඩගොහොරු පාර
ටැන්-සන් සහ අයි-කී-ඩෝ යන සෙන් හිමිවරුන් දෙදෙනා වැසි සහිත දිනයක මඩ ගොහොරු සහිත පාරක් ඔස්සේ ගමන් කරමින් සිටියා.
අලංකාර සිල්ක් කිමෝනාවක් හැඳගත් ඉතා රූමත් තරුණියක් වංගුවක පාර වෙන්වන සේ සෑදුනු මඩ වලක් අසල එයින් එතෙර වීමට නොහැකිව ලතවෙමින් සිටිනු දුටු ටැන්-සන්, ''එන්න" කියා මඩ වගුරෙන් එතෙරට තරුණියව ඔසවාගෙන ගොස් තබා සුපුරුදු ගමන යලි ඇරඹුවා.
මේ සිද්ධිය දැක තුෂ්නිම්භූත වූ අයි-කී-ඩෝ රාත්‍රී නවාතැන්පලක් වෙත පැමිණෙන තෙක්ම ටැන්-සන් සමඟ කිසිවක් කතා කලේ නැහැ.
ඉවසාගත නොහැකි තැන අයි-කී-ඩෝ තරහින්, "අපි හාමුදුරුවරු! කාන්තාවන් අසලට කිට්ටු වෙන්නවත් හොඳ නෑ..., විශේෂයෙන්ම රූමත් තරුණ අය ලඟට, ඒක බොහොම භයානක වැඩක්! ඇයි ඔබ ඒ වගේ නොහොබිනා වැඩක් කලේ?" යැයි ටැන්-සන්ගෙන් විමසුවා.
"මම ඇයව එතන තියලයි ආවේ... ඔබ තවමත් ඇයව ඔසවාගෙනද සිටින්නේ?" යැයි පැවසුවා.