මෙන්න තවත් අර්ථවත් සෙන් කතාවක්:
ටේ-සූ-කී නම් තම ගුරුවරයාගේ අභාවයට දින 3 කට පෙර ගා-සාන් ඔහු අසල වාඩි වී සිටියා. ඒ වන විටත් තමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ටේ-සූ-කී විසින් ගා-සාන් ව තෝරාගෙන තිබුණා.
ගා-සාන් සිටියේ ටිකදිනකට පෙර ගිනිගෙන විනාශ වූ පන්සල නැවත ගොඩනඟමිනුයි. "පන්සල සාදා නිම වූ පසු ඔබ මොකද කරනනේ?" යැයි ටේ-සූ-කී ඔහුගෙන් ඇසුවා.
"ඔබේ අසනීප තත්වය පහ උනාම ඔබ ලවා එහි දේශනයක් කරවන්නයි හිතාගෙන ඉන්නේ" යැයි ගා-සාන් පැවසුවා.
"මම ඒ වෙනකොට හිටියේ නැත්නං ?"
"එහෙම උනොත් අපි වෙන කෙනෙක් හොයා ගන්නවා..", ගා-සාන් පැවසුවා.
"ඔබට වෙන කෙනෙක් හොයා ගන්න බැරි උනොත්?", ටේ-සූ-කී ඇසුවා.
ගා-සාන් ටිකක් හයියෙන්: "ඔය වගේ මෝඩ ප්‍රශ්න අහන්න එපා! ගිහින් නිදාගන්න"
(සමහර සෙන් කතා මතුපිටින් බැලුවම අභ්‍යන්තර අර්ථය පැහැදිළි නෑ. සෙන් කතා ගැන අපැහැදිලි තැන්, ප්‍රශ්න තියනම් comment එකක් දාන්න. මම පුළුවන් විදියට reply කරන්නම්)
Saturday, April 19, 2008
ගිහින් නිදා ගන්න
Labels:
buddhism,
zen stories
Subscribe to:
Post Comments (Atom)
2 comments:
මේකේ තේරුම ?????
සෙන් ගැන කතාකරන්න, දේශනයක් කරන්න ඉන්න එකම කෙනා ටේ-සු-කී නොවන බවයි.
එයින් අදහස් කරන්නේ යම් දෙයක් කිරීමට හපන් එකම කෙනා තමන් බව සිතාගෙන ඉන්න අයට ඒක එහෙම නෙමෙයි කියන එකත්, ගෝලයා (ගා-සාන්) තමන්ගේ ගුරුවරයා පමණයි සියල්ල දන්නේ යැයි සිතා සිටිනවාදැයි ගුරුවරයාට (ටේ-සු-කී ට) පරික්ෂා කිරීමට අවශ්‍ය වීම නිසා එවන් ප්‍රශ්න ඇසීමත් බවයි මගේ වැටහීම.
Post a Comment