Friday, June 6, 2008

බුදුන් වදාල ධර්මය හා බුදුන් නොවදාල ධර්මය...

බොහෝ කලක‍ට පෙර සිට ලියන්නට සිතමින් සිටි මාතෘකාවක් අද සිට කෙටි ලිපි වශයෙන් හෝ ලියන්න සිතුනා. මොකද මේ මාතෘකාව සම්බන්ධව මගේ අදහස ලියා ඒ සම්බන්ධව අනෙක් අයගේ (වැඩිය මුණනොගැසෙන අන්තර්ජාලයේ මිතුරන්ගේ) ප්‍රතිචාරය මොන වගේද කියා දැන ගැනීමට අවශ්‍යතාවයක් ඇතිවුන නිසා.

මම මේ කතාකරන මාතෘකාව ටිකක් රැඩිකල් ගණයේ එකක්. මේක ගැන මම විවිධ මට්ටමේ පුද්ගලයින් සමඟ අදහස් හුවමාරු කරගෙන ඇති අතර විවිධ ප්‍රතිචාර ඒ සඳහා ලැබුනා. දීර්ඝ විස්තරයට යන්න කලින් වැල්වටාරම් නැතුව කෙටියෙන් කියනවා නම් මම කියන්න යන්නේ "දැනට නා නා විධ විකෘති කිරීම් වලට ලක්ව ඇති බුදුදහම ප්‍රතිසංස්කරණයකට ලක් විය යුතුයි" යන්නයි. (හැබැයි මම මේ කියන්න යන්නේ අර යාපනේ ගිහින් ඊළාම් ජාතික ගීය කියපු සිංහල වල් බූරු මහාචාර්යවරයා පත්තර වල තප්පුලන "ප්‍රොතෙස්තන්ත බුදුදහම" ගැන හෝ එවන් ආකාරයේ විකාරයක් ගැන නෙමෙයි. ආ.. ඒ වගේම "සිංහල බුද්ධාගම" ගැනත් නෙමෙයි.)


මගේ ආගම බුදුදහම බවත්, බුදුරජාණන්වහන්සේ අනුශාසනා කර ඇති ආකාරයට සත්‍ය ගවේශකයෙකු වනවා මිස කිසිම වාදයක, යානයක (හීනයාන-මහායාන), නිකායක, පාර්ශවයක අනුගාමිකයෙකු නොවන බවත් මුලින්ම කිව යුතුයි. එමෙන්ම එසේ නොවනවා කියා මම ඒ කිසිවක් හෙළා දකින්නේ නැති අතර එම විවධ බෙදීම් අතර ඇති බුදුදහමට කිසිඳු හානියක් නොවන, බුදුදහමේ දීප්තිය තවත් වැඩිකරන හොඳ කරුණු අගය කිරීමද කරමි. එමෙන්ම තවත් කිවයුතු වැදගත් කරුණක් ඇත. එනම් මෙම මහායාන-ථේරවාද යන පාර්ශවයන් දෙකම මූලික ඉගැන්වීම් වශයෙන් බුදුදහමේ හරයාත්මක ඉගැන්වීම් ඉහලින්ම පිළිගන්නා අතර ඒ සම්බන්ධව නම් කිසිඳු විකෘති කිරීමක් සිදුවී නොමැති වීම සතුටට කරුණකි.

වර්තමානයේ බුදුදහමේ ඇති විවිධ විකෘතිකිරීම් වලට මූල හේතුව ලෙස මම දකින්නේ බු.ව.250 දී පමණ තුන්වන ධර්ම සංගායනාවෙන් පසු ඇතිවූ හීනයාන(ථේරවාද)-මහායාන බෙදීමයි. මෙම බෙදීම නිසා එම දෙපාර්ශවය විසින්ම තම තමන්ගේ මතය සනාථ කිරීමට පසුකාලීනව ගොඩනැගූ විවිධ විකෘතිකිරීම් හා මහායානය විසින් හීනයානයත්, හීනයානය විසින් මහායානයත් හෙළාදැකීමට ගොඩනැගූ කරුණු කාරණා වර්තමානයේ බුදුදහම නම් රන් වියනෙහි ගෑ මැටි තට්ටුවක් මෙන් පෙනෙන්නට තිබේ.

උදාහරණයක් වශයෙන් අප කුඩාකල සිටම පන්සලේ හාමුදුරුවනුත්, වැඩිහිටියනුත්, විවිධ පොත්පත් වලිනුත් ඉතා ඉහළින් වර්ණනා කලේ ථේරවාදය උතුම් බවත්, මහායානය ඉතාමත් පහත් ලෞකිකත්වයට බර වූ දහමක් ලෙසත්ය. එමෙන්ම දැනගන්නට ලැබුණු පරිදි මහායානිකයින්ටද, ථේරවාදීන් පිළිබඳව මෙවන්ම (හෙළාදැකීමේ) අර්ථකතනයක් ඇත. එනම්, ථේරවාදීන් යනු ඉතා ආත්මාර්ථකාමී, ස්වයංවිමුක්තිය පමණක් පතන පිරිසක් බවයි.

මෙසේ මෙම යාන දෙකෙහිම එකක් අනෙකට එරෙහිව යෑමේ හා තනිවම ගොඩනැගීමේ ප්‍රතිපත්ති නිසා බුදුදහමට ඉතා විශාල ප්‍රමාණයකින් අනවශ්‍ය මතාවාදමය, සංකල්පමය, තර්කවිතර්ක හා සංස්කෘතිකමය කරුණු එකතු වී ඇත. නමුත් දාර්ශනික වශයෙන් නම් මෙම දෙපාර්ශවයම තම තමන්ට ආවේණික ගුරුකුලයන් ගොඩනඟාගෙන තිබීම නම් බුදුදහමේ ව්‍යාප්තියට මහත් සේ උපකාරී වී ඇති බව පෙනේ.

මීළඟට බුදුදහමේ මූලික ඉගැන්වීම් කිහිපයක් වන "සමගිය", "එකමුතුබව", හා "සමානාත්මතාවය" යන කරුණුද මෙම භේදයන් නිසා යටපත්වී තිබේ. විශේෂයෙන්ම ලංකාවේදී තදින් ක්‍රයාත්මක වන "නිකාය" භේදය කිසිම සාධාරණ පදනමක් නැතිව බුදුදහමේ "සමඟිය" හා "සමානාත්මතාවය" යන කරුණු උල්ලංඝනය කර ඇත. ඇත්ත වශයෙන්ම ලංකාවේ නිකාය භේදය පිළිබඳව කල්පනාකිරීමේදී එය ඇතිවී ඇත්තේ සාපේක්ෂව ඉතාම බොලඳ හා විහිළුසහගත කරුණු කීපයක් මුල්කරගෙනය. එමෙන්ම එකිනෙක නිකායන විසින් තම තමන්ගේ නිකාය උසස් හා බුදුරජාණන්වහන්සේගේ වංශයට සම්බන්ධ යැයි ප්‍රකාශ කිරීමට ගන්නා උත්සාහයන් ඉතා හාස්‍යජනකය.

ලංකාවේ නිකාය වලට නම් වැටී ඇත්තේ එම නිකායන්ට උපසම්පදාව රැගෙන ආ රට අනුවය. සියම් රටෙන් (තායිලන්තයෙන්) උපසම්පදාව ගෙනා නිකාය "සියම් නිකාය" ලෙසත්, රාමඤ්ඤ දේශයෙන් (බුරුමයෙන්) උපසම්පදාව ගෙනා නිකාය "රාමඤ්ඤ නිකාය" ලෙසත්, අමරපුර දේශයෙන් උපසම්පදාව ගෙනා නිකාය "අමරපුර නිකාය" ලෙසත් නම්කරගෙන ඇත. එසේ ගෙනා තම තමන්ගේ සම්ප්‍රදායන්ට පසුව කුලවාදයද ඈඳාගෙන ඇත. ලංකාව තුල බුදුදහම වර්තමානයේ යම් පිරිහීමකට, තර්ජනයකට ලක්වී ඇත්නම් එයට මූලික හේතුව ලෙස මා දකින්නේ මෙම අමනෝඤ්ඤ නිකාය භේදයයි.

එමෙන්ම දැන් දැන් විවිධ කරුණු පාදක කරගනිමින් අලුත් නිකායන් හා බෙදීම්ද ලංකාව තුල ඇතිවෙමින් පවතී. (ඒ පිළිබඳව මෙහි අදහස් දැක්වීමට නොයමි).

බුදුරජාණන්වහන්සේ මෙලෙස තමන්වහන්සේගේ ශ්‍රාවකයින් බෙදී වෙන්වී යනු ඇතැයි කිසිසේත් සිතන්නට නැත. උන්වහන්සේගේ දේශනාවන් හැදෑරීමේදී පැහැදිලිවම පෙනී යන්නේ උන්වහන්සේගේ පරම පවිත්‍ර චේතනාව මිනිසුන්ට දුකින් මිදීමේ මාර්ගය පෙන්වාදීම බවයි.

නමුත් දැන් ඒ දුකින් මිදීමේ මාර්ගය කටුපඳුරු, බාධක වලින් වැසී ඇත! බුදුරජාණන්වහන්සේ විසින් නොවදාල ධර්මයක් විසින් උන්වහන්සේ වදාල ධර්මය වැසී ඇත! එම මාර්ගය හෙලිපෙහෙලි කල යුතු කාලය එළඹ ඇත, බුදුරජාණන්වහන්සේ වදාල ධර්මය මතුකළ යුතුව ඇත.

(මේ සම්බන්ධව ඔබ දරණ මතයත් කෙටියෙන් හෝ comment එකක් ලෙස ලියා තබනවා නම් සතුටුයි.)

40 comments:

Sam said...

ඔය පුරස්නය බොහොම ගැබුරට කතා කල හැකී කාරනයකී. ඕනෑම ධර්මයක්, ආගමක් වූකල, එහී ගති ස්බාවය වෙනස් වෙයී. අයීති කරුවන් ඇතිවෙයී. කුල ගෝත්ර ඇති වෙයී. බුද්ධ දර්මයට ඇතිවී තිබෙන්නේ ඔය කල දසවමැයැ.

තමන්ගේ ආගම මුදුන් කොට, අනේත් ආගම් පහත් කීරීම සෑම ආගමකම ගති ස්බාවයයී. ඒ නිසා බුද්ධ දර්ශනයත් ආගමක් වූ කල, අනෙත් දර්ශනයන්ට ගලක් දෙකක් ගැසීම ස්බාවිකය.

ලංකාවේ නිකය බේදය තරමට වඩා අබෞඩ්ද්ධ දෙයකට ලොකයේ ඇත්තේ, නීති කෙටුම් පත් කීරීමට, බදු එකතු කීරීමට, දායක වෙන ලංකාවේ මහනුන් පමනී.

මාර්ගය ඒලි පෙහෙලී කීරීම අලංකාර අදහසක් වුනාට එය ලේසී කාරනයක් නොවෙය. ස්ථාපිත ආගමීක චාරිත්ර වලට එකගව කතා නොකරන කල, කොන් කීරීම, අපහාස කීරීම, රැලෙන් පන්නා දැමීම වැනී කාරන මහගුව කීරීමට සෑම ආගමක්ම සමත්ය. එයට අමතරව, බුද්ධ දර්මයට එලී පෙහිලි කීරීම කෙලකෝටියක් අපහසුය. මක්කැයී, ඒ සදහා බුද්ධිය නම් මෙවල අත්යාවශ්ය නීසාය. බුද්ධිය සොයා ගැනීම බුදුන්ගේ කලත් අපහසුය, දැනුත් අපහසුය.

Nilaksha said...

Sam, ඔය පුරස්නේ ඒ තම් ගැඹුරු නෑ... ගැඹුරුයි කියලා පෙන්වන්න හදන්නේ මේ බෙදීම දිගටම පවත්වාගෙන යන්න කැමති අය. උදාහරණයක් ගත්තොත් නිකාය භේදයට විරුද්ධව කවුරුහරි කතා කරන්න ගත්තොත් ඌට පන්න පන්න ගහන්නේ නිකාය භේදයට කැමති සමහර අය.
පෙරදිග තියෙන කිසිම බෙදීමක් නැතුව බටහිර ලෝකයේ බුදුදහම ඔය ලස්සනට පැතිරෙන්නේ... කෝ බටහිරදි ඔය නිකාය හෝ වෙනත් බෙදීම් නැත්තෙ ඇයි? සංස්කෘතිය විසින් ඒක නිකම්ම ප්‍රතික්ෂේප වෙලා...
නමුත් ලංකාවේ නිකාය භේදය කුල මල, පන්ති, තරාතිරම්, සල්ලි, බලය එක්ක ගැටගැහිලා. පරමාර්ථය වසාලන සම්මුති බිහිවෙලා.
නමුත් බටහිරදී බුදුදහම ඔය කිසිම භේදයකින් ස්වායක්තව වෙනත් මුහුණුවර ඔස්සේ ව්‍යාප්ත වෙනවා. බුදුධාගමේ ආගමික ස්වරූපයට වඩා එහි දාර්ශනික අර්ථයෙන් තමයි වැදගත්.

ලංකාවේ හාමුදුරුවරු පාර්ලිමේන්තු යෑම බුදුදහමට පටහැනි වුවත් නොවුවත් එමගින් ඇතිවූ සමාජ දේශපාලනමය පෙරළිය විසින් ලංකාව දෙකඩවීමට තිබූ හැකියාව අහෝසිවීයෑම මම නම් දකින්නේ වැරදි තීරණයකින් ඇතිවූ හොඳ දෙයක් හැටියටයි.

මාර්ගය හෙළි පෙහෙළි කලේ නැත්නම් ඉදිරියට තව තවත් කටු කොහොල් එකතු වනු ඇති බවයි මගේ හැඟීම. ඒ නිසා රාජ්‍යයේ මැදිහත්වීමෙන් අඩුම තරමේ සංඝායනාවක් හෝ සිදුකළ යුතුයි. නමුත් ඒ සඳහා පෙළඹවීමක් සමාජයෙන් සිදුවිය යුතුයි.

Sam said...

පුරස්නය ගැබුරු නැතීබව සැබෑය. පුරස්නයක් ඇති බව දැන දැනත් තවමත් එය විසදී නැත්තේ, විසදුම ගැබුරු නිසාය. බටහිර බුද්ධ දර්මය පැතිරෙන්නේ ධර්මයක් ලෙසීනි. ලංකාවේ බුද්ධ ධර්මය ඇත්තේ ආගමක් ලෙසිනී.
//බුදුධාගමේ ආගමික ස්වරූපයට වඩා එහි දාර්ශනික අර්ථයෙන් තමයි වැදගත්. // අගනේය.

නීති කෙටුම්පත් කර ජනතාව හොදමග යැවීම (Legalism)ධර්මතායක් ලෙස ආරම්බ වූයේ ලී සීගේ කාලයේ චීනයේය. අබරංගේ ආගම් ගොඩනැගී තියෙන්නේත් එම පදනමේම ඉදලායී. උදාහරනයක් විදිහට, ජේසුතුමා, මෝසස් තුමා සහ සියලු දෙනා, ආගම යොදාගෙන දේශපාලන නායකයන් වුනේ හරියට අපේ ලංකාවේ හාමුදුරුවරුවරු වගේය. නමුත් ඔය අතරේ, දෙශපාලනය සහ නීති කෙටුම් පත් කිරීමෙන් පලක් නැතැයී කියා, එය ප්රතික්ශේප කල උන්දෙක් පහල උනේය. උන්දෑගේ නම බුදුන් වහන්සේය. කොලු කාලයේදීම උන්දෑට ඕනෑනම් යන්තම් මන්ත්රී කමක් නොව, මුලු ලෝකයේම විදායක ජනාදිපති විය හැකීව තිබිනී. අනේක් ආගම් නායකයන් රජකම ප්රකාශ කරද්දී, බුදු හාමුදුරුවෝ නීති රීති කෙටුම් පත් කිරීමේ අයීතිය ප්රතික්ශේප කරේය. බුදු වීමට පෙර නොදනුවත් කමට එසේ කලා විය නොහැක්කේ, බුදු වූ පසුත්, බුදු හාමුදුරුවේ දේශපාලනය ප්රතික්ශේප කල නිසාය. පිය රජු ඒ ගැන කොතරම් කම්පා වුනාදැයී අපි දනී. දැන් ලංකාවේත් පෝය දාට වෙනමම ආගමික නීතිය.

මහනුන් දෙශපාලනය කීරීමෙන් දීර්ග කාලීනව ලංකාවට ඇතීවූ හොදක් මටනම් පෙනෙන්නේ නැත්තේ, ආගම් දේශපාලනයට රිංගාගත් කල දුම්මල ගහලාවත් එලවන්න බැරි නිසාය. ඉතිහාවය කෑ ගසා නැවත නැවතත් කියන්නේ, ආගම දේශපාලනයට රිංගා ගත්කල, එලවිය හැක්කේ මහා ලේ වැගිරීමකින් පමනක් බවය. අපි දැන් ලංකාවේ නිකාය සහ කුල ගැන කතා කොරනවා වගේ, අපේ දරු මුනුපුරන් බුද්ධාගමේ දේශපාලනය ගැන කම්පාවී කතා කරනු ඇත.

සංඝායනාවක් නම් අලංකාර අදහසකී. නමුත් එය මාහා බරපතල කාරනයකි. අවංකව කල යුතු දෙයකී. වෙලාවට ලියුමක් බෙදන්න බැරී, බාලාන්සෙට ලමයෙක් තෝරාගන්න බැරී, ලංකාඩුවට එතරම් බරපතල කාරනයක් කල හැකීයැයී මම සිතන්නේ නැත.

නමුත් අපි ගිහියන් මේ කාරනා ගැන එලියේ කතා කිරීම බොහෝ වැදගත් බව මගේ අදහසයී. ඒ නිසා මේ ගැන ඔහේ බ්ලෙග් ලිවීම අගනේය.

Anonymous said...

හ්ම්... අදනං අල්ලගෙන තියෙන්නෙ බොහොම වැදගත් ඒ වගේම විසඳුමක් හොයන්ඩ බොහොම අමාරු ඒ වගේම විසඳුමක් ‍සෙවීමට යාමම ලොකු ප්‍රශ්නයක් විය හැකි මාතෘකාවක්.
හැබැයි සංවාදයක් ගොඩනගනවානං කාලෝචිත වගේම අර්ථවත් සංවාදයක් ගොඩ නැගෙන මාතෘකාවක්.
ඇත්තටම කුලවාද ගෝත්‍රවාද ආදිය ආසියාතික සමාජය සමඟම බද්දවී ඇති... තියෙන එකා රකින නැති එකා පිට පැනීමට උත්සාහ දරන දෙයක්. එය නැතිව තිබුනේ බුදු දහමේ පමණයි(ආසියාතික ධර්මයන් වලින්). එහෙත් කාලයාත් සමඟ යම් යම් ආකාරයන් ගෙන් බුදු දහමටද එය ඇතුලු වී ඇති සැටියක් දැකීමට තිබෙනමුත් එහි ආරම්‌භය අදක ඊයෙක නොව බුදුන්ගේ කල දක්වා දිවීමක් දක්නට පුලුවන්. උදාහරණයක් ලෙස දෙව්දත් තෙර පිහිටවීමට ගිය නිකාය දැක්විය හැක.
හැබැයි මට sam ගේ සමහර කියමන් වලට එකඟ විය නොහැකි තැන් තිබෙනවා.
"තමන්ගේ ආගම මුදුන් කොට, අනේත් ආගම් පහත් කීරීම සෑම ආගමකම ගති ස්බාවයයී. ඒ නිසා බුද්ධ දර්ශනයත් ආගමක් වූ කල, අනෙත් දර්ශනයන්ට ගලක් දෙකක් ගැසීම ස්බාවිකය."
නැවත සිතාබලන්න බුදු දහමේ හෝ දර්ශනයේ කො‍හේ හෝ තැනක මෙය තහවුරු කල හැකි තැනක් තිබේද කියා. "හාමුදුරුවරුන්ගේ බණ බුද්ධ ධර්මය යයි වැරදි ලෙස වටහා ගැනීම මෙවැනි මත වලට හේතු වේ"
අනෙත් කාරනය නම් නීති පැනවීමයි. බුදුන් වහන්සේද නීති පැනවීම ක‍ලේය. හැබැයි මහ සමාජයට නොව සංඝ සමාජයටය. මහ සමාජයටද නීති දැම්මේය. ඒවා ශික්ෂාපදය. මෙය පිලිපැදීම සුදුසුයැයි කීවා මිසක් මේවා පිලිපැදිය යුතුමයැයි කීවේ නැත. ඒ උන්වහන්සේගේ හැටිය.

මහායානික බුදුදහම ප්‍රචලිත වූ රටවල සංස්කෘතිය දිහා බැලූ විට පෙනීයන කාරනයනම් එය සාධාරන බවයි. ථේරවාදී දහමද එසේමය. එම නිසා ථෙරවාදී බුදු දහම හා මහායානය අතර ඇති අවුල විසඳීමට නොගොස් තිබෙන ආකාරයට තිබීමට හැරීම වඩා ගුනදායක බව මගේ හැඟීමයි.

එහෙත් ප්‍රශ්ණය ඇත්තේ එතැන නොව ලංකාවේ "නිකාය බේදය" පිලිබඳවයි. සංඝයා බේද කරවීය මහා පාපකර්මයක් බව අපට කියාදෙන භික්ෂූන් වහන්සේලාම සංඝ බේදයේ මහා කොටස්කරුවන්ගේ චරිතය කරයි.

සියම් රටෙන් ගෙනා බුදුදහම සියම් බුදුදහම
රාමඤ්ඤ දේශයෙන් ගෙනා බුදුදහම රාමඤ්ඤ බුදුදහම
සියම් රටෙන් ගෙනා බුදු දහමේ ශ්‍රාස්තෘ වරයා සියම් බුදුන්
රාමඤ්ඤ දේශයෙන් ගෙනා බුදු දහමේ ශ්‍රාස්තෘ වරයා රාමඤ්ඤ
බුදුන් නම්
සියම් නිකාය රාමඤ්ඤ නිකාය නෙමේ ඔනෑම බහුබූතයක් අතිශය සාදාරණය.
එහෙත් ප්‍රශ්නය ඇත්තේ ඒ සියල්ල එකක් වී හාමුදුරුවරුන්ගේ නිකාය පමනක් වෙනස් වීමයි.

එම නිසා ප්‍රශ්ණය තවත් සරල වී ඇත.
ගෞතම බුදුරදුන් ධර්මය බෙදුවේ එකම රාජ්‍යයක සිටයි. ඒ බුද්ධ රාජ්‍යයි.
එසේ හෙයින් පැවතිය හැක්කේ එකම නිකායක් පමණයි. ඒ බුද්ධ ශ්‍රාවක නිකායයි.

සඳගිර

Nilaksha said...

සඳගිර (තරිඳු), අනර්ඝ සටහනට ස්තුතියි.
මහායාන-ථේරවාද භේදය වෙනස් කරන්න නම් අවශ්‍ය නෑ තමයි. මොකද එක පැත්තකින් බැලුවම බුදුදහමේ චිර පැවැත්මට මේ යාන දෙකම ඉතා වැදගත් මෙහෙයක් ඉටුකර තිබෙන නිසා.
ඒ වගේම තවදුරටත් පරික්ෂාකර බැලිය යුතු වැදගත් කරුණක් තියනවා.
ඒ තමයි, ආසියාවේ මහායානික රටවල් සියල්ලම පාහේ ඉහළ සංවර්ධන මට්ටමක් අත්කරගෙන තිබීම සහ ථේරවාදී රටවල් තවමත් පහළ සංවර්ධන මට්ටමක තිබීම.
මම කළ කියවීම් අනුව නම් හැඟීයන්නේ මේ වෙනසට හේතුව ඒ ඒ රටවල් අතර ඇති ආකල්පමය වෙනස බවයි.
මම මහායානිකයකු හෝ ථේරවාදියෙකු නොවූවත්, මහායානික රටවල ඇති ඇතැම් සංස්කෘතිකමය හා සංකල්පීය ලක්ෂණ ථේරවාදී රටවල් විසින් උකහාගත යුතු බවයි හැඟීම. ඒක බටහිර සංස්කෘතිය අනුගමනය කරනවාට වඩා හොඳ විකල්පයක් නේද?

Sam said...

සදගිරි, වැරදියට තෙරුම් ගත් දෙයක් නිවරදි කීරීමක් (මගේ වැරද්ද, හරියට නොලිවීම)

1) සෑම ආගමක්ම අනේකුත් ආගම් වලට ගල් පොලු ගසයී. එයට හේතුව සෑම ආගමක්ම පරම සත්යට ඒකාදිපති අයිතිය ප්රකාශ කොරනා නිසාය. ඉස්ලාම් ආගම, කිතුනු දහම, සමජවාදය, නට්සිවාදය සහ මෙකී නොකී සියලු ආගම් ඔයීට අදාලය. ඔය කල කිරියාව ආගමක් අදුනා ගැනීමට හැකී හොද ලක්ශනයකී.

2) බුද්ධ ධර්මය පරම සත්යට අයීතිය ප්රකාශ කොරන්නේ නැත. එයට අමතරව බුද්ධ ධර්මයේ ආගමකට අයිතිවිය යුතු කිසිදු ලක්ශනයක් නැත. එම කාරනය නිසා, බුද්ධ ධර්මය කිසිදු අවස්තාවක ආගම් සමග තරගයක යෙදෙන්නේ නැත.

මා කියන්න වැර වෑයම් කලේ, බුද්ධ ධර්මය ආගමක් නොවුනත්, අපේ උන්දෙලා එයත් නිකම්ම නිකම් ආගමක් කරගෙන් තිබේ. “බුද්ධ දර්ශනයත් ආගමක් වූ කල” කියා කීවේ, බුද්ධ ධර්මය, ආගමක් ලෙස හරවා ගත් කල, .... යන තේරුමෙනී.

සංග සමාජයේ නීති ඇත. එකගය.

ශික්ෂාපද කිසි ලෙසකත් නිතී නොවේ. නීතිය යන්න සම්පූර්න වීමට විනිසුරුවෙක් සහ දඩුවමක් යන කාරනා තිබිය යුතුය. බුදුධහමේ එවෙනි කාරනා නැත. වෙසක් එකට විශේෂ නීති රීතී පැනවීම බුදු හාමුදුරුවන්ගේ ඔලුවට මූත්රා කීරීම වගේ අපහාසයක් වන්නේ ඔය කාරනය නිසාය.

මාතෘකාවෙන් පිට කතා කීරීම ගැන, සමාව අවසර.

Wiz Kun said...

බුදුදහම යනු අන්‍ය මත ඉවසීම අතින් ඉහලම තැනක් ගන්නා දර්ශනයකි. නමුත් දේශපාලනය වැනි මිනිසුන්ගේ හැසිරීම පාලනය කරන විශයක් තුලට බෞද්ධ දර්ශනය නියෝජනය කරන හාමුදුරු වරු ඇතුලු වීම ඊට පරස්පර විරෝධීයි. මෙය බොහෝ දුර දිග යා හැකි ප්‍රශ්නයක්.

බුදු දහම යනු අනෙක් ආගම් මෙන් බලෙන් පැටවිය නොහැකි දර්ශනයක්. අද එය ආගමක් බවට පත් වී තිබෙනවා. එමෙන්ම ඉතා සෘන ආකල්ප බොහෝමයක් ථේරවාද බුදු දහම තුලට එකතු වී තිබෙනවා. මහායාන බුදු දහම ප්‍රචලිත රටවල් වඩා දියුනු වී ඇත්තේ එම සෘන ආකල්ප මහායාන බුදු දහමට එකතු වී නොමැති නිසායි.

ඔබේ මතය හොඳයි. නමුත් රැඩිකල් යැයි කියා ගැනීමෙන්ම ඔබ විසින් පිරිපහදු කරන බුදු දහම අන් අය විසින් පිලිගත යුතුය යන අදහසක් අවබෝධ වනවා.

බුදුන් වදාල ධර්මය හෙලි පෙහෙලි කිරීම හොඳ දෙයක්. එය අන් අයටත් දැනගැනීමට සලස්වන්න, කැමති අය කියවා අවබෝධ කර ගනීවි, ඔබටත් පිනක් සිදු වේවි. නමුත් අන් අයගේ විශ්වාසයන් වෙනස් කිරීමට උත්සාහ කිරීම ගැන නැවත සිතා බලන්න.

Nilaksha said...

Wiz kun,
ඔබ කියන ආකාරයට දේශපාලනය විසින් මිනිසුන්ගේ හැසිරීම පාලනය වෙන්නේ නෑ. මිනිසුන් විසින් දේශපාලනය හැසිරවීමක් මිස.
මිනිස්සු ඉල්ලන නායකයෝ තමයි මිනිස්සුන්ට ලැබෙන්නේ‍.
ඔය හාමුදුරුවරු පාර්ලිමේන්තු යෑමේ ප්‍රශ්නෙට උත්තරෙත් ඕක තමයි. හාමුදුරුවරු බලෙන් පාර්ලිමේන්තු ගියේ නෑනේ. මිනිස්සු තමයි යැව්වේ. ඒකෙන් බුදුදහමට හොඳක් උනත් - නරකක් උනත් ඒ ගොං වැඩේ කළේ මිනිස්සු. ඒකේ හොඳ නරක තීරණය කරන්න තවම කල් මදි.
ටිබෙට් රටෙත් සම්පූර්ණයෙන්ම පාලනය කළේ හාමුදුරුවරු. ඒකෙන් ටිබෙටයට ගොඩක් හොඳ දේවල් සිද්ධ උනත්, අන්තිමේදී ශක්තිමත් හමුදාවක් ගොඩනගා නොතිබීම නිසා චීන ආක්‍රමණයට මුහුණ දෙන්න බැරිඋනා. ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගාගත්තත්, ලෞකික රාජ්‍යය බිඳවැටුනා.
දැනට තියෙන තත්වය අනුව, ලංකාවට උනේ ඒකේ අනිත් පැත්ත. හාමුදුරුවරු දේශපාලනයට පිවිසීමෙන් ආධ්‍යාත්මික වශයෙන් පිරිහීමක් සිදුවුනත්, රනිල් සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් දෙකට කඩා කොටින්ට දෙන්න ගිය ලෞකික රාජ්‍යය ආරක්ෂා උනා. දැන් අපිට දෙකම තියෙනවා. ටිබෙට් වැසියන්ට එකක්වත් නෑ.

අපි මාධ්‍යවලින්, දේශපාලඥයින් විසින් ගොඩනඟන තර්ක පුණරුච්චාරණය කරන ගිරා පෝතකයෝ උනාට වැඩක් නෑ. යම් ප්‍රශ්නයක් සැබෑ සන්දර්භයන් ඇතුලේ තනියම විශ්ලේශණය කරන්නේ නැතිව. රටේ ඒකීයත්වය ආරක්ෂාකරගැනීම හා සතුරාට මුහුණ දීම යන කාරණා අනුව පාර්ලිමේන්තු ගිය හාමුදුරුවරු උපක්‍රමශීලීව ගොඩනැගූ ජාතිකවාදී මතවාදී පෙරළිය රටේ ආරක්ෂාව පිළිබඳ තීරණාත්මක සාධකයක් උනා. සම්මුතිය කැඩුනත් පරමාර්ථය කරා යෑමට ඒක ඉවහල් වී තිබෙනවා.

රැඩිකල් යැයි කියාගැනීමෙන් මගේ මතය අන්අය පිලිගතයුතු යැයි කියන්නේ කොහොමද? රැඩිකල් යන්නෙහි තේරුම 'විප්ලවවාදී' වගේ අදහසක්. ඔබ කියන ආකාරයට මිනිස්සු රැඩිකල් මත පිළිගන්නවා නම්, ලංකාව අද මාක්ස්වාදී අනාගාමී රාජ්‍යයක්! :P
මගේ අදහස් වලට වැරදි අර්තකථන දෙන්න එපා. මම කවදාවත් බුදුදහම පිරිපහදු කරන්න කතා කළේ නෑ. අනික කාටවත් පිරිපහදු කරන්න දෙයක් බුදුදහමේ ඇත්තෙත් නෑ. ඒක බුදුහාමුදුරුවෝ ඒ දවස් වලම කරල තියෙන්නේ. :D

ඒ වගේම අන් අයගේ විශ්වාසයන් වෙනස් කිරීමට මට කිසිම අවශ්‍යතාවයක් නෑ. මම මගේ අදහස් අනිත් අයට බලෙන් පටවන්නෙත් නෑ.
නමුත්, කවුරුහරි වැරදි අවබෝධයක ඉන්නවා නම්, වැරැද්දක් කරනවා නම් මම ඒක වැරදිියි කියලා කියනවා. තම ණුවනින් සිතා බලා හරිද වැරදිද කියලා තීරණය කරන එක ඒ අයගේ වැඩක්!

Anonymous said...

නිලක්ෂගෙ කියමනත් එක්ක මටත් එකඟතාවයකට එන්ඩ පුලුවන්. පොඩ්ඩක් වෙනස් මතයක් තිබ්බත් වැඩි කතා දාන්ඩ ගියොත් සමහර ප්‍රසිද්ධ බකස්ල වගේ වෙන හින්ද - බටහිර සමාජයේ මිෂනාරි කුණුගොඩවල් රටේ පටව ගන්නවට වැඩිය මහායාන බුදුදහමේ අංග රටට එක්කර ගැනීම සුදුසුයි කියල විතරක් කියන්නං.

sam.. වැරදියට වටහහගන්ඩ එපා.. අහිතකින් කිව්ව නෙමෙයි දැක්ක වැරැද්දක් නිවැරදි කලා විතරයි. හැබැයි තාමත් මම කිව්ව එක එහෙමමයි. හාමුදුරුවරු කියන බණ බුදුදහම විදිහට වැරදියට තේරුම්ගන්ට එපා.

"සෑම ආගමක්ම අනේකුත් ආගම් වලට ගල් පොලු ගසයී. එයට හේතුව සෑම ආගමක්ම පරම සත්යට ඒකාදිපති අයිතිය ප්රකාශ කොරනා නිසාය. ඉස්ලාම් ආගම, කිතුනු දහම, සමජවාදය, නට්සිවාදය සහ මෙකී නොකී සියලු ආගම් ඔයීට අදාලය. ඔය කල කිරියාව ආගමක් අදුනා ගැනීමට හැකී හොද ලක්ශනයකී."
හැබැයි වැඩේ තියෙන්නෙ අදත් මට වෙලා තියෙන්නෙ විරුද්ධ මතයක් ප්‍රකාශ කරන්ඩ. සෑම ආගමක්ම කියන වචනෙ සාධාරන නැතිබව මගේ හැඟීමයි. බුදු දහමද යම් දේවල් සහ පුද්ගලයින් විවේචනය කල බව ඇත්තය. නමුත් ඒ ආගමක් විවේචනය කිරීමක් ලෙස නොව පුද්ගල චර්යාවන් විවේචනය කිරීම් ලෙසය.

මොහොමඩ් මුස්ලිම් ආගම ප්‍රචාරය කලේ කඩුව අතින් ගෙනය. ක්‍රිස්තියානින් ආගම ප්‍රචාරය කලේ තුවක්කුව හා සල්ලි මල්ල අතට ගෙනය. හැබැයි ඉතිහාසයේ කිසිම තැනක බුදුදහමේ එසේ සිදුකල තැනක් ඇතිනම් පෙන්වා දෙන්න.

"නීති කෙටුම් පත් කීරීමට, බදු එකතු කීරීමට, දායක වෙන ලංකාවේ මහනුන් පමනී." ඔබේ මෙම ප්‍රකාශයට පිලිතුරක් දීමට තබා හරිද වැරදිද සිතීමටවත් ප්‍රමාණවත් දෙයක් එහි නැත.

"මා කියන්න වැර වෑයම් කලේ, බුද්ධ ධර්මය ආගමක් නොවුනත්, අපේ උන්දෙලා එයත් නිකම්ම නිකම් ආගමක් කරගෙන් තිබේ. “බුද්ධ දර්ශනයත් ආගමක් වූ කල” කියා කීවේ, බුද්ධ ධර්මය, ආගමක් ලෙස හරවා ගත් කල, .... යන තේරුමෙනී." මම මෙහිනම් බොහෝ දේ වලට එකඟ අතර ආගමක් ලෙස හරවාගත් කල යන්නට එකඟ විය නොහැක. මන්ද කාටවත් මෙවන් දර්ශණයක් ආගමක් කල නොහැකි නිසාය. හැබැයි එවන් චිත්‍ර මවා පා රඟපාන හොඳ නලුවන් මෙහි හිඟ නැත. ප්‍රස්නය ඇත්තේ අන් සෑම තැනකම ඇති ප්‍රශ්ණය වන නිවැරදි දෙය තිබියදී වැරදි දෙයට මිනිසුන් ඇදී යාමය. සම්මා සංකප්පයෙහි බිඳවැටීම*

බුදු දහම කවදත් කලේ නියෝග දීම නොව වටහා දීමයි. ශික්ෂාවන් යනු අන් දෙයක් නොව තමා විසින් තමාව පාලනය කරගැනීමට පෙළඹවීමයි. එය නීතියකට වඩා රීතියක ස්භාවය ගන්නා බව හිසනමා පිළිගනිමි.

wizkan ට නං කියල පැහැදිලි කරන්ඩවත් දෙයක් තියෙනවද මන්ද....
එක්කෝ විස්කං ඉතිහාසය දන්නේ නැත. නැත්තං දේශපාලනය දන්නේ නැත. එහෙමත් නැත්තං කියන්නංවාලේ කියා ඇත.

"දේශපාලනය වැනි මිනිසුන්ගේ හැසිරීම පාලනය කරන විශයක් තුලට බෞද්ධ දර්ශනය නියෝජනය කරන හාමුදුරු වරු ඇතුලු වීම ඊට පරස්පර විරෝධීයි."
ලංකාවේ දේශපාලනයට හාමුදුරුවරු වූ සම්බන්ධය ඉතිහාසය කියවා දැනගන්න. එය මාහට පැහැදිලි කිරීමට අවශ්‍ය නොවන කරුනක් බව මගේ හැඟීමයි. අනෙත් කාරනය නම් ලංකාවේ නිදහස් සටන්වලදී සටන්කලේ ලේ හැලුවේ ජීවිත පූජාකලේ සිංහල භික්ෂූන් මිස මිෂනාරි පූජකයන් නොවන බවයි.

එසේම බුදුදහම බලෙන් පටවන තැනක් හෝ කෙනෙක් වේනම් ඒ කව්ද කොහෙද කියාත් ඔබ සතුව යම් අදහසක් ඇති.......

බුදුදහමේ ඍන ආකල්ප ඇතිබව ඔබ සොයාගත්තේ කෙසේදැයි මටනම් පුදුමත්හිතේ... ඔබ කර ඇති විශ්ලේෂණයන් මගින් ඒවා මහායාන ආගමට එක්වී නැතිබව ඔබ සොයාගෙන ඇතිබව මගේ විස්වාසයයි. උදාහරණ ටිකකුත් සමඟ පැහැදිලි කලානම් වටිනාකම මෙතැකැයි කිව නොහැක.

මටනම් බුදුදහම පිරිසිදු කිරීමටවත්. කාගේවත් විස්වාසයන් වෙනස්කිරීමටවත් කිසිම අවශ්‍යතාවයක් නැත. අනෙක බුදුදහම පිරිසිදුකිරීමට අවශ්‍ය මූලික කාරනය වන අපිරිසිදුවීමද සිදුවූ බවක් පෙනෙන්නට ඇත. ඔබ කෙසෙල් කන විට ලෙල්ල නොකන බව සිතමි. බුදුදහම දෙස බැලීමේදී සීනි පොත්ත ඉවත්කර හරය දෙස බලන්න.

සඳගිර

Anuradha Ratnaweera said...

යෙදීමට කැමති නම් පුංචි නිවැරදි කිරීමක්: "නො" කියන්නේ උපසර්ගයක් නො ව නිපාතයක් නිසා, එය "නො වදාල ධර්මය" විය යුතුයි.

Nilaksha said...

අනුරුද්ධ, වැරදි පෙන්වාදීම ගැන තුති! වැරැද්ද නිවැරදි කළා. මම ව්‍යාකරණ වලට එකඟව ලියන්න උපරිම උත්සාහ කළත් සමහර වෙලාවට නොදන්නා වැරදි ගොඩක් සිදුකරවා. ඒවා පෙන්වලා දෙන්න ඔබ වගේ අය ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. ස්තුතියි!

රාජිත උඩවල්‍‍පොල said...

WIZ KUN:
"එමෙන්ම ඉතා සෘන ආකල්ප බොහෝමයක් ථේරවාද බුදු දහම තුලට එකතු වී තිබෙනවා. මහායාන බුදු දහම ප්‍රචලිත රටවල් වඩා දියුනු වී ඇත්තේ එම සෘන ආකල්ප මහායාන බුදු දහමට එකතු වී නොමැති නිසායි."


පැහැදිලි කරන්න පුළුවන්ද?

Anonymous said...

Halo wizakunu, anik ayata muttiya allanne nathiwa thamange deyak karnna.

Sam said...

අනුන්ගේ දේට හොට දානවට සමාව.

තමුන්ගේ ආගමේ වැරදි අහන්න කිසිම පුද්ගලයෙක් කැමති නැහැ. විස්කුන් මුට්ටි අල්ලනවායැයී පුද්ගල අපහාස කිරීම සාමාන්ය ආගමික කාරනයක් වන්නේ ඒ නිසයී. ලංකාවේ බුද්ධාගමේ ඝෘන ආකල්ප නැතිවා නොවෙයී. මම බුද්ධාගම කියලා කියනේ බුද්ධ ධර්මයට නෙවෙයී. ඒ නිසා ඒ දෙක එකක් විදිහට පටලවා ගන්න ඒපා. සදගිර මගේ කතාවට උත්තර දීලා තියෙන්නේ, ඒ දෙක එකක් විදිහට සලකලායී. සදගිරි බුද්ධ ධර්මය ගැන කී සියලු දේ ගැන මම එකගය. නමුත් මා කියන්නේ බුද්ධාගම ගැනය.

දලදා වහන්සේ ලංකාවට ගෙන ආවේ, කාන්තාවක් උනත්, දලදා මාලිගවේ පාලන කටයුතු වලට සහබාගී වීමට කාන්තාවන්ට නොහැක. දලදා මාලිගාවේ චන්ද විමසීම් වලට සහබාගී වීමට කාන්තාවන්ට නොහැක. මොකැයී ගෑනු කිලිලූ. සිරිමා බෝදිය ලංකාවට ගෙනාවේ කාන්තාවක් උනත්, කැලනිය පන්සලේ උඩ මලුවට යන්න ගෑනුන්ට බැරීය.

වසර දොලහක් මට බලෙන් දවසට දෙවතාවක් ආගමික කටවතු වල යෙදෙව්වේ හරියට ඉරකයේ වගේය. කොලු කාලයේ, හරියට පන්සිල් නොගත්තෑයියී කියා, මානවක ගාථා කීවේ නැතැයී කියා දෙවියන් බුදුන් සිහිවෙන්න වේ වැල් පහර ගැහුවේ හරියට පකිස්තානයේ වගේය.

වසර ගන්නාවක් පන්සල් ගිය මට කවදාවක් ව්යාපාරයක් දියුනු කරගනා හැටී පිලිබද අවාදයක්වත්, දිරි ගැන්වීමක් ලැබුනේ නැත. (එසේ වුයේ බුද්ධ ධර්මයේ අඩුවක් නිසා නොවේ). ඈසු එකම දේ, මේ කුනු කය දිරනවා, පනුවො ගහනවා, ඔය ආදරේ කොරන ගෑනු පිරිමි ලමයීගෙත් කුනු කය දිරනවා, රැලි වැටෙනවා, සැරව ගලනවා, පනුවො ගහනවා, ගද ගහනවා වැනී කතාය. ඊට අමතරව යමක් ඇසුවේනම්, ඒ ඇසුවේ බටහිරට ගල් ගැසීමක් හෝ , නව පරපුරට දෙහි කැපීමකී.

අවශයනම් ඔවැනි ඝෘන ආකල්ප කෝටියක් කිය හැකිය. නමුත් මෙය මගෙන් ඇසූ පුරස්නයක් නොවන නිසා, ඔය ඇතිය.

මමනම් සිතන්නේ, අපිට අවශ්ය මහයනවයත්, තෙරවාදයවත් නොවේ, නිකම්ම නිකම් බුද්ධ ධර්මය බවය. සදගිරිගේ කෙහෙල් ගෙඩි කතාව මසුරන් වටින්නේ ඒ නිසාය.

Nilaksha said...

සෑම් කියන කතාවට මම 100% ක් එකඟයි.
බුදුදහම සහ බුද්ධාගම දෙකක් බව මමත් පිළිගන්නවා. නමුත් සුලු පිරිසකට හැරෙන්නට බහුතරයකට ඔය දෙකම එකයි. බුදුදහම සාමාන්‍ය ජනතාව අතරට යන්නේ බුද්ධාගම ලෙසයි. බදුදහම, බුද්ධාගම විසිනුත් - බුද්ධාගම, බුදුදහම විසිනුත් අර්ථ විවරණය වෙනවා. දැන් විකෘති වෙලා තියෙන්නේ බුද්ධාගමයි. එනිසා බුදුදහමත් එමගින් වැරදියට අර්ථ විවරණය වෙනවා. (ගවේශනය නොකරන, බණ පමණක් අහන බහුතරයකට)

කාන්තාවන්ට ඇති අඩු සැලකිල්ල මේ ලංකාවේ බහුබූතයක්. සෑම් කියන කතාව හරියටම හරි. දන්ත ධාතුවත් ශ්‍රීමහා බෝධියත් දෙකම ලංකාවට ගෙනාවේ කාන්තාවන්. ඒත් ඒ පූජ්‍ය වස්තූන් දෙකට කිට්ටු වෙන්නවත් කාන්තාවන්ට අයිතියක් නෑ. මොකද හේමමාලාටවත්,සංඝමිත්තා තෙරණියටවත් මාස ගාණක් ඉන්දියාවේ ඉඳලා එනකොට ඔය කියන කිලි ඇතිඋනේ නැද්ද?

මම හැමදාම නුවර යනකොට අතරමඟ ප්‍රසිද්ධ බෝධියක බැම්මේ මෙහෙම දැන්වීමක් දකිනවා... "කරුණාකර කාන්තාවන් මළුවට නැගීමෙන් වලකින්න" :D කසිප්පු බූලියක් බීලා ආවත්, සතියක් ගණිකා මඩම් වල ඉඳලා ආවත්, කවදාවත් නාන්නේ නැති උනත් පිරිමින්ට නගින්න පුළුවන්!

ඒ වගේම සෑම් කියන ආකාරයේ ඍන ආකල්ප වලට එහෙම කිව්වට වරදකුත් නෑ... මොකද බුදුහාමුදුරුවෝ "සංසාරය දුකයි" කියලා කිව්වේ කුණුකය දිරන නිසාවත්, ගෑණු ළමයින්ගේ හම රැළි වැටෙන් නිසාවත්, පණුවෝ ගහන නිසා හෝ ගඳ ගහන් නිසාවත් නෙමෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස් ඉතාමත් පළල් අර්ථයකින්. ඔය කියන කාරණා ඒ අසලින් තියන්නවත් බැරි තරම්. නමුත් ඇත්තම කියනවා නම් ගොඩක් හාමුදුරුවරු ඉස්මතු කරලා කියන්නෙම ඔය ටික තමයි.

Anuradha Ratnaweera said...

"නො" නිපාතය යෙදීම ගැන මා කියූ "නිවැරදි කිරීම" ගැන නැවත සොයා බැලුවා. ඒ අනුව, ක්‍රියා පදයක දී එය වෙනමත්, නාම පදයකදී, එකවත් ලියන බවයි පෙනෙන්නේ. "වදාල" යන්නට මේ රීතිය යෙදෙන්නේ කෙසේදැයි සොයා බලා පවසන්නම්. මා කලින් ඉදිරිපත් කල අදහස වැරදි නම් සමා වන්න!

Anonymous said...

sam, ඔන්න මම වරද පිලිගත්තා.... වැරදි වැටහීමක් ඇතිකරගෙනයි ඒ උත්තරය දුන්නේ. මම දන්නේ නෑ මේ කියන දේ හරිද වැරදිද කියලා. මම දැනං හිටපු තරමින් බුද්ධ ධර්මයයි - බුදු දහමයි එකක්. ධර්ම කියන්නේ පාලියෙ ඌරුවටයි. දහම කියන්නේ සිංහල ඌරුවටයි. හැබැයි බුද්ධ දර්ශණය කියන්නෙ නං වෙන දෙයක්. හරි ඒක එතනින් ඉවරයි.

අදත් එදත් තියෙන තිබුන ප්‍රධාන ප්‍රශ්ණයක් තමා උගන්වන පුද්ගලය අනුව උගන්වන දේ වෙනස්වෙන එක. මට නං ඔය පැත්තෙන් තියෙන්නේ ඔයිට වඩා හොඳ අත්දැකීමක් නිසා මට කියන්ඩ තියෙන්නේ බුද්ධ දර්ශණය පැව්ද්දන්ට අනිත්‍ය කියා දෙන ගිහියන්ට ජීවිතය ගෙන යන විදිහ කියා දෙන දර්ශනයක් කියල. ඒත් හුඟක් හාමුදුරුවරු බණ කියන්නේ වැඩ කරන්නේ කිසිම අවබෝධයක් නැති අය විදිහටයි. හැබැයි ඒක අවබෝධ කරගෙන සාමාන්‍ය මාර්ගයෙන් පිට පැනල ධර්මය කියා දෙන දීපු හාමුදුරුවරු ඉන්නවා.

පාසල්වල නං අපිට උගන්වන දේවල් සහ උගන්වන විදි කොහොමත් බහුබූත වගේනෙ. ඒක හින්දා ඒක ගැන කතාකරල වැඩක් නෑ.

සංඝමිත්තා තෙරණිය ගෙනාපු ශ්‍රී මහා බෝධ්යට හේමමාලා කුමරිය කෙස්වැටියෙ හංගගෙන ගෙනාපු දන්ත ධාතුව ගාවට කාන්තාවට යන්ඩ බැරුව ගියෙ ඇයි?
දන්ත ධාතුව පිළිබඳ තියෙන කාරනය නං පැහැදිලියි. ඔය උඩරැටියො කියාගෙන මාන්නෙ බදාගන්ඩ හදන ගොඩක් උන් දන්නෙ නෑ. උන් ඔය කරගහගෙන ඉන්න මාන්නෙ ගත්තෙ. ඉන්දියාවෙන් ගෙනාපු නායක්කාර් පෙලපත් හින්ද කියලා. ඌව වෙල්ලස්ස පහතරට මිනිස්සු නිදහස වෙනුවෙන් ලේ හලද්දි. රට සුද්දට ලියල දීල ජීවිතෙත් බේරගෙන තනතුරු ගත්ත ජාතිය.
උන් දළදා මාලිගාවටත් නායක්කාර් දේවල් ඇතුල්කරල අපේ අම්මලට අක්කලට බුදු දහමෙ කාන්තාවට දීල තියෙන සම තත්වය නැති කලා.

ශ්‍රී මහ බෝධිය ගත්තොත් කාන්තාවට වෙච්ච අසාධාරනේට වැඩිය කොච්චර අසාධාරණ කමට ලක්වෙච්ච පිරිස් ඉන්නවද.

දරමිටි ඇද්දා - රෑ නිදිමැරුවා
ගිනිමැල ගහගෙන - රැක සිටියා
එහෙව් අපට අද - එන්න තහංචිද
ජය සිරි මා හාමුදුරුවනේ.....


මේව ක‍ලේ කව්ද? ඇයි කලේ? කොහොමද කලේ? එතකොට දැන් උඩට ගිහින් හතරගාතෙ දාල වඳින උන්? මේව කතාකලොත් වෙන්නේ උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක්.

ඉතින් අපිට මොනවද මේවට කරන්ඩ පුලුවන්?

මහාචාර්‍ය උනත් නම ගොන්සන් හින්ද ගනං ගන්ඩ එපා. ලංකාවෙ ඕන තරං ඔය ජාතියෙ කූප මන්ඩුකල ඉන්නවා....

සඳගිර

Nilaksha said...

සඳගිර, සෑම් සහ මම පැවසුවේ බුදුදහම සහ බුද්ධ ධර්මය දෙකක් කියා නෙමෙයි. බුදුදහම හා බුද්ධාගම කියන්නේ දෙකක් කියායි. "දහම (ධර්මය)" සහ "ආගම" කියන වචන දෙක අර්ථයෙන් සම්පූර්ණ වෙනස් වගේම යෙදීමෙනුත් සම්පූර්ණ වෙනස්.

ඔයා කියපු දේ පොඩි වැරැද්දකුත් කියන්නං, තරහ වෙන්න එපා.
බෞද්ධ දර්ශනය 'ගිහියන්ට' සහ 'පැවිද්දන්ට' වශයෙන් දෙකට බෙදීම තමයි ථේරවාදී - මහායාන බෙදීමට මූලික වුන ප්‍රධානම කාරණය.
මහ තෙරවරු "පැවිද්දන්ගේ මාර්ගය" වශයෙන් ථේරවාදයත් ("සුළු පිරිසකට පමණක් යා හැකි" යන අර්ථයෙන් "හීනයානය" ලෙසත්), ඊට වඩා "වැඩි පිරිසකට යැමේ හැකියාව ඇති යානය" (පැවිද්දන්ට මෙන්ම ගිහියන්ටත්) යන අර්ථයෙන් "මහායානය" ලෙසත් බෙදී වෙන් වුනේ ඔය නිසයි. මධ්‍යස්ථව ඔය කාරණය ගැන සොයා බැලුවම තේරෙන්නේ මෙය "මහතෙරවරුන්ගේ" පටු තීරණයක් කියලයි. කෙසේ වෙතත් අනේකවිධ වෙනත් කාරණාත් එම බෙදීමට ඉවහල් වී ඇති බවත් කිව යුතුයි. (වජ්ජිපුත්තක භික්ෂූන්ගේ ප්‍රශ්නය හා වෙනත් නොයෙකුත් විනය ප්‍රශ්න වැනි දෑ)
ඒක නිසා අපිත් ඔය බෙදීම ඉස්සරහට ගෙනියන එක තේරුමක් නෑ.
බුදුදහම සත්‍යාවබෝධයට යන මාර්ගය (පරමාර්ථමය වශයෙන්) මෙන්ම ජීවන දර්ශනයක් (සම්මුතික වශයෙන්) බව ඇත්ත. හැබැයි පරමාර්ථය හරි කියලවත් සම්මුතිය හරි කියලවත්, පරමාර්ථය අපේ කියලවත් සමුමුතිය අපේ කියලවත් බෙදාගැනීම වැරදියි. මොකද පරමාර්ථය කරා එළඹීමට හැක්කේ සම්මුතිය හරහා පමණක් නිසා.

අනිත් කාරණය උඩරට - පහතරට භේදය. අපි උඩරටවත්, පහතරටවත් වෙන්නේ මොකටද? සිංහලයෝ උනාම මදිද?
ඔය උඩ පහතරට භේදයත් වාද කරලා හොඳ කවුද නරක කවුද, රට රැක්කේ කවුද පාවලා දුන්නේ කවුද කියලා තීරණය කරන්න බැරි කතාවක්. එහෙම තීරණය කරන්න ඕනත් නෑ. මොකද උඩරට හිටියත් පහතරට හිටියත් දෙගොල්ලොම සිංහලයෝ වගේම දෙගොල්ලොම රට රැකගැනීමට ක්‍රියා කරලා තියනවා.

පහතරට අය කියනවා, සටනක් නැතුව කොලේක අත්සන් කරලා සුද්දට රට පාවලා දුන්නේ උඩරට රදලයෝ කියලා.
උඩරට අය කියනවා සුද්දා උඩරටට එන්න කලින් ආවේ පහතරටට, උන්ව ගහලා පන්නන්නේ නැතුව පිළිගත්තේ පහතරැටියෝ නිසා ඉස්සෙල්ලම සුද්දට රට පාවලා දුන්නේ පහතරැටියෝ කියලා.

ඉතින් ඕක කතා කරලා ඉවරයක් කරන්න පුළුවන්ද? කරන්න තියෙන්නේ ඔය බයිලා අමතක කරලා දාලා "එක ජාතියක්" විදියට හිතන්න පුරුදුවෙන් එක.

ඔය සියළුම ප්‍රශ්න විසඳාගන්න කරන්න තියෙන්නේ ඒක විතරයි!

Sam said...

මහායාන, තේරවාදය පිලිබද අලංකාර විස්තරයක් ඉංගිරිසියේන් බටහිර ඕස්ට්‍රේලියානු බෞද්ධ සංගමයේ වෙබ් අඩවියේ තියෙනවා. අහල බැලුවට පාඩු නැහැ.

http://www.bswa.org/modules/mydownloads/visit.php?cid=18&lid=441 [mp3 file]

Anonymous said...

වැරදි දෙයක් ලියුවනං සමාව, හරි පිලිගත්තා. මට හැම දාම ආගමයි දහමයි පැටලෙනවා :-D,
මම මේකට උඩ රට පහතරට බේදයක් ඇදල ගත්තේ නෑ. මේක ඇරෙන්ඩ දළදා වහන්සේ හා පත්තිරිප්පුව කාන්තාවන්ට තහනම් වෙන්ඩ හේතුවක් මට පේන්ඩ නෑ. තියෙනවනං පැහැදිලි කරන්ඩ, මම හදාගන්නං.
මම කිව්වදේ තේරැම් නොගැනීමක්ද මෙතන තියෙන්නේ.
අපිට බස් එකක යද්දි අපිට ඔන තැනින් අපි බහිනවා. බස් එක තව දුර යනවා කියල අපි ඒ ගමන සම්පූරන යන්ඩ අවශ්‍ය නෑනෙ. හැබැයි ඒ ගමන සම්පූරන යන අයට යන්ඩත් අවස්ථාව තියෙන්ඩ ඕනෙ. මම මහායානය ගැන ගොඩාක් දේවල් දන්නේ නෑ වගේම තමා හීන යානය ගෑන බොහෝ දේ දන්නේ නෑ.
හැබැයි දන්න දෙයින් මම දන්නවා සියලුදේ අනිත්‍යයි කියල ඇත්ත ඇත්තමයි. හැබැයි එහෙම කියල අපේ ජීවිතේ නවත්තන්ඩ අවශ්‍ය නෑ කියල බුදු දහමෙම තියෙනවනෙ. මම කියන්නෙ ඒ දේ ගැනයි.
සඳගිර

Wiz Kun said...

මම මෙයට Email Subscribe වී නොමැති නිසා සංවාදයේ බොහෝමයක් මගහැරී හැති හැඩයි.

බුද්ධ ධර්මය මා ඉතා ඉහලින්ම පිලිගන්නවා, බුදුරජාණන් වහන්සේද මා ඉහලින්ම ගරු කරනවා. නමුත් ඔබ ඔය කියන බුද්ධාගම මා කාලයක් ඉතා නීරසව ප්‍රතික්ෂේප කල දෙයක්. එසේ වූයේ මට එය එපා වන තැනට එය උගැන්වූ අය කටයුතු කල නිසාය. ඒ අය මට දරුණු විදියට ඉගැන්වීම, බලෙන් නොතේරෙන කවි ගාථා පාඩම් කරවීම නැවැත්වූ පසු බුදුදහම සහ බුද්ධාගම යන දෙකේ වෙනස මම තනිවම ඉගෙන ගත්තා. ඒ වන විට මම බොහෝ වෙනත් ආගම් වල පොත් ද Cover-To-Cover කියවා තිබුනා. එය ඉතා දිග කතාවක්. ලියන්න වචන මදි.

බුදු දහම කෙසේ වෙතත් ඒ ආශ්‍රිත සාහිත්‍ය තමයි බොහෝ හුදී ජනයාට (ධර්මය අවබෝධ නොවන) අයට නිරාවරණය වන්නේ. මා මේ අදහස් කරන්නේ ජාතක කතා නොව මෑත කාලීනව ලංකාවේ අබෞද්ධ කලා කරුවන් විසින් නිර්මානය කල බෞද්ධ සාහිත්‍යාංග. ඉදින් එයත් බුද්ධාගමට අයිති නොවේද. බොහෝ සෘන ආකල්ප ගැබ්ව තිබෙන්නේ මේවායේ.

සෘන දේවල් එකින් එක ලැයිස්තුවක දැක්වීමට මා කැමති නැති වුවත් කිහිපයක් දක්වමි.
* කවදා හෝ මැරෙන නිසා මුදල් ඉතිරි කර වැඩක් නෑලු
* නිවන් දකින්න ජීවිතය කල කිරෙන්නට ඕනෑලු
* හැමදේම වෙන්නේ කරුමය නිසාලු
* ...
මේවා වැරදි බව නියම බුදු දහම දන්නා කෙනෙකුට අවබෝධ වනු ඇති. නමුත් දහම් පාසලෙන් ඉගෙනගත් කෙනෙකුටනම් මේවා තේරෙන්නේ නැති වනු ඇති.

දැන් දේශපාලනය ගැන කියමු. සමහරු හිතා ඉන්නේ නියෝජිත ප්‍රජාතාන්ත්‍රවාදය අති උතුම් බවයි. එක් පිරිසක් විසින් තමාගේ උවමනාවන් ඉටු කර ගැනීම සඳහා නියෝජියතින් පිරිසක් පත් කරගෙන එම නියෝජිත පිරිස හරහා වෙනත් මතවද සහ හැසිරීම් ඇති අයගේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම, බහුතරයකගේ කැමැත්තට සුලුතරය පාගා දැමීම හරිද? ඒත් අනෙක් ක්‍රම වලට වඩා ඒක හොඳයි තමයි. නමුත් අර සුලුතරයකගේ කාටවත් පාඩුවක් නොවන හැසිරීම් පවා අර බහුතරයට ඕනෑ විදිහට පාලනය වෙනවා. අපේ රටේ යුද්ධය ඇති වුනේ මේ හේතුව නැතිව වෙනත් හේතුවක් නිසා නම් පෙන්වා දෙන්න.

Wiz Kun said...

මම මෙයට Email Subscribe වී නොමැති නිසා සංවාදයේ බොහෝමයක් මගහැරී හැති හැඩයි.

බුද්ධ ධර්මය මා ඉතා ඉහලින්ම පිලිගන්නවා, බුදුරජාණන් වහන්සේද මා ඉහලින්ම ගරු කරනවා. නමුත් ඔබ ඔය කියන බුද්ධාගම මා කාලයක් ඉතා නීරසව ප්‍රතික්ෂේප කල දෙයක්. එසේ වූයේ මට එය එපා වන තැනට එය උගැන්වූ අය කටයුතු කල නිසාය. ඒ අය මට දරුණු විදියට ඉගැන්වීම, බලෙන් නොතේරෙන කවි ගාථා පාඩම් කරවීම නැවැත්වූ පසු බුදුදහම සහ බුද්ධාගම යන දෙකේ වෙනස මම තනිවම ඉගෙන ගත්තා. ඒ වන විට මම බොහෝ වෙනත් ආගම් වල පොත් ද Cover-To-Cover කියවා තිබුනා. එය ඉතා දිග කතාවක්. ලියන්න වචන මදි.

බුදු දහම කෙසේ වෙතත් ඒ ආශ්‍රිත සාහිත්‍ය තමයි බොහෝ හුදී ජනයාට (ධර්මය අවබෝධ නොවන) අයට නිරාවරණය වන්නේ. මා මේ අදහස් කරන්නේ ජාතක කතා නොව මෑත කාලීනව ලංකාවේ අබෞද්ධ කලා කරුවන් විසින් නිර්මානය කල බෞද්ධ සාහිත්‍යාංග. ඉදින් එයත් බුද්ධාගමට අයිති නොවේද. බොහෝ සෘන ආකල්ප ගැබ්ව තිබෙන්නේ මේවායේ.

සෘන දේවල් එකින් එක ලැයිස්තුවක දැක්වීමට මා කැමති නැති වුවත් කිහිපයක් දක්වමි.
* කවදා හෝ මැරෙන නිසා මුදල් ඉතිරි කර වැඩක් නෑලු
* නිවන් දකින්න ජීවිතය කල කිරෙන්නට ඕනෑලු
* හැමදේම වෙන්නේ කරුමය නිසාලු
* ...
මේවා වැරදි බව නියම බුදු දහම දන්නා කෙනෙකුට අවබෝධ වනු ඇති. නමුත් දහම් පාසලෙන් ඉගෙනගත් කෙනෙකුටනම් මේවා තේරෙන්නේ නැති වනු ඇති.

දැන් දේශපාලනය ගැන කියමු. සමහරු හිතා ඉන්නේ නියෝජිත ප්‍රජාතාන්ත්‍රවාදය අති උතුම් බවයි. එක් පිරිසක් විසින් තමාගේ උවමනාවන් ඉටු කර ගැනීම සඳහා නියෝජියතින් පිරිසක් පත් කරගෙන එම නියෝජිත පිරිස හරහා වෙනත් මතවද සහ හැසිරීම් ඇති අයගේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම, බහුතරයකගේ කැමැත්තට සුලුතරය පාගා දැමීම හරිද? ඒත් අනෙක් ක්‍රම වලට වඩා ඒක හොඳයි තමයි. නමුත් අර සුලුතරයකගේ කාටවත් පාඩුවක් නොවන හැසිරීම් පවා අර බහුතරයට ඕනෑ විදිහට පාලනය වෙනවා. අපේ රටේ යුද්ධය ඇති වුනේ මේ හේතුව නැතිව වෙනත් හේතුවක් නිසා නම් පෙන්වා දෙන්න.

Nilaksha said...

Wiz Kun, මෙහෙම කිව්වට තරහ ගන්න එපා.
මට හිතෙන්නේ ඔයා බුද්ධාගම පිළිගන්නවා කිව්වට බෞද්ධයෙක් නෙමෙයි කියලයි. (බෞද්ධයෙක් නම් සමාවෙන්න).
ඔයා ඍන ආකල්ප කියල කියලා තියෙන දේවල් අපේ වයසක අත්තම්මලා කියන කතා. සාමාන්‍යයෙන් ඔය ලාමක කතා කියන හාමුදුරුවරු නම් මම දැකල තියෙන්නේ අල්ප වශයෙන්.
බුද්ධාගම ගැනත් බුදුදහම ගැනත් උඩින් අතගාලා විග්‍රහ කරන මිනිස්සු ලංකාවේ ඕන තරම් ඉන්නවා. එහෙම අය තමයි ඔය වගේ ලාමක කතා කියන්නේ.
මම නම් දකින සෘන ආකල්ප ඔය යාන භේද, නිකාය භේද වගේ දේවල්.

ඔයා ප්‍රජාතන්තුවාදය ගැනවත්, දේශපාලනේ ගැනත් කියන කතාවත් හරි බොළඳයි නේ...
ඕනම රටක 'බලය' හෙවත් 'ආධිපත්‍යය' තියෙන ජන කොට්ඨාෂයේ අභිලාෂයන්ට අනුව තමයි රට කෙරෙන්නේ. කොහෙවත් සුළුතරයට ඕන විදියට රටක් පාලනේ වෙන්නේ නෑ. බහුතරය විසින් තමයි සුළුතරයේ සීමාවන් තීරණය කරන්නේ, පාලනය වෙන්නේ.
අපේ සමහර අය මහ ඉහලින් කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය රජ කරනවයි කියන බ්‍රිතාන්‍යයේ, ඇමරිකාවේවත් සුළුතරයට අපේ රටේ සුළුතරයට තරම්වත් නිදහසක් නෑ.

ලංකාවේ යුද්ධය ඇතිවෙන්න ඔය හේතුව නෙමෙයි මුල් වුනේ. ඔයා කියන්නේ කොටින්ට සුදුහුණු ගාන මාධ්‍ය හා එන්.ජී.ඕ. සහ සමහර දේශපාලකයින් ඇදබාන තර්කය. කළු ජූලිය ගැන.

ලංකාවේ දෙමළ ත්‍රස්තවාදයට මුල හොයාගන්න 83 එහා ඉතිහාසය කියවන්න. පසුගිය සියවසේ ඊළාම් සංකල්පයේ මූලබීජ ඇතිවෙන්නේ 1931 තරමි ඈතක. ඉංග්‍රීසීන් විසින් "බෙදා පාලනය කිරීම" කියන සංකල්පය සාක්ෂාත් කරගන්න සිංහලයින්ගේ මට්ටමට වරප්‍රසාද ලත් දෙමළ පැලැන්තියක් බිහි කළා, යාපනය මුල් කරගෙන. එසේ වැඩි වරප්‍රසාද ලැබීමෙන් හා ඉංග්‍රීසීන් විසින් බෙදා පාලනය කිරීමේ ක්‍රමය ඇති කිරීමෙන් පසු ඉංග්‍රීසීන් නිදහස දීලා රට අතඇරලා යනකොට තමන්ටත් මේ රටේ අයිතියක් තියෙනවාය කියන උද්දච්ඡකම අර වරප්‍රසාද ලත් දෙමළ පැලැන්තියට ඇතිවුනා. අන්න ඒ උද්දච්ඡකම නිසා තමයි ලංකාවේ මේ ප්‍රශ්නය ඇතිවුනේ.
නමුත් සිංහල මිනිස්සු පිට වරද පටවන්න අවශ්‍ය නිසා (කොහොමත් කොටිත් එක්ක යුද්ධ කරන්නේ සිංහල මිනිස්සු නිසා සිංහල මිනිස්සු දෙමළ ත්‍රස්තවාදයේ ප්‍රතිවාදීන් වන නිසා) 83 කළුජූලිය අලලා මේ ප්‍රශ්නයේ මුල සිංහල මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය කියලා මතයක් ගොඩනැගුවේ ඔය ඊළාම්වාදීන්මයි.

Wiz Kun said...

පළමු කාරණාවට එකඟ වෙන්න බැහැ. ඒක ටිකක් විතර සංකීර්ණයි.
ඒත් කිසි තරහක් නැහැ :)

ඉතිරිය...
හොඳයි, ඔබ කියන දේත් නිවැරදි වෙන්න පුලුවන්!

මම දේශපාලනය ගැන එච්චර දෙයක් දන්නේ නැහැ, මට හිතුන දේ තමයි කිව්වේ. ඒක බොලඳ අදහසක් වෙන්නැති, කමක් නැහැ...
හැබැයි මම අදහස් කලේ ලෝකේ කොහේත් සිද්ධ වෙන්නේ ඒක බව මිසක් අහවල් රටේ එහෙම නෙමෙයි කියලා මම අදහස් කලේ නැහැ.
Libertarian කියන වචනය ගූගල් Search කලොත් මා අදහස් කල දේ වැටහේවි.

පොඩි ප්‍රශ්නයක්, ඔය කියන වයසක අත්තම්මලයි ලාමක කතා කියන හාමුදුරු වරුයි බෞද්ධයෝ නෙමෙයිද?

Wiz Kun said...

මේක තමයි මෙච්චර වෙලා හෙව්වේ...
http://www.leechvideo.com/video/view664156.html
මේ වීඩියෝ එක බලන්න. YouTube වල තිබිච්ච එක අයින් කරලා!

මේක අදාල වෙන්නේ අර දේශපාලනය ගැන කියපු එකට මිසක් බුදුදහම ගැන නෙමෙයි...

Nilaksha said...

මාතෘකාවට අදාල නැති උනත්, යන්තම්හරි පැහැදිලි කරනවා නම්;
Liberation කියන වචනේ දැං ත්‍රස්තවාදය වෙනුවෙන් වෛශ්‍යාවෘත්තියේ යොදවලානේ තියෙන්නේ. ඇත්ත Liberation Struggle වලට Terrorism කියන්නත්, ඇත්ත Terrorism Movement වලට Liberation Movements කියන්නත් විවිධ රටවල් කණ්ඩායම්, මාධ්‍ය පෙලඹිලා තියෙනවා.
LTTE එකේ නමේ Liberation කියලා තිබ්බට ඒක ලාංකාව ඇතුලෙදි එහෙම වෙන්නේ නෑ. උන්ට Liberation Movement එකක් වෙන්න ඕන නම් ඉන්දියාවෙන් කෑල්ලක් ඉල්ලලා යුද්ධ කරන්න ඕන. මොකද දෙමළ මිනිස්සුන්ගේ නිජබිම ඉන්දියාවෙ නිසා.

ලාමක කතා කියන අත්තම්මලා බෞද්ධයෝ උනාට, ශාස්ත්‍රීය සංවාදයක කතා කරන්න තරම් දෙයක් ඒ අතරෙ නෑනේ. බොරුවට නිකම් පල් හෑලි කියවන්න නම් ඒ වගේ බොළඳ කතා හොඳයි.

Wiz Kun said...

මාතෘකාවෙන් පිට යාම ගැන සමා වන්න.

Libertarian ≠ Liberation
L I B E R T A R I A N
L I B E R A T I O N
මේ දෙක වෙනස් දෙකක්.

මා කීවේ Libertarian මිස Liberation නොවේ

ත්‍රස්තවාදයට මා විරුද්ධයි. ඔවුන් ඉල්ලන නිදහසක් නැහැ. ඊලම Libertarian සංකල්පයට විරුද්ධයි! වීඩියෝව බලන්න...

Nilaksha said...

ආ සමාවෙන්න මම දැක්කෙ liberation කියලා.

Wiz Kun said...

හරි හරි :) , මටත් සමා වෙන්න මට හිතෙන දේ කෙලින්ම කියනවා, අර වයසක අත්තම්මලයි හාමුදුරු වරුයි ගැන මම නොකිව්වනම් තමයි හොඳ කියලා හිතෙනවා.

ඔහේ said...

රසවත් තර්ක පෙළකට පොඩි වචන වැලක් එකතු කරන්නට සිතුනා.
divide et impera (also known as divide and conquer) යනු රෝමන් වරුන් විසින් අන් රටවල් ආක්‍රමණය කර තමනතට ගැනීමේ දි උපයෝගි කොටගන්නා ලද උපක්‍රමයකි.
යම් බිමක වෙසෙන ජාතින් වර්ග, කුල, ආගම්, උඩරට පහතරට ආදි කාරණා වශයෙන් බෙදීමෙන් අසමගිය ඇති කොට ඒකිය විය යුතු බලවේගය බිඳ ඳමා එය සත් දිසාවන්ට යොමු කිරීම තුලින් පහසුවෙන් එම රටවල් යටත් කරගත හැකිබව ප්‍රායෝගික සත්‍යයක්.

Anuradha Ratnaweera said...

"නො" යන්න ගැන මා කී දේ වැරදි බව අන්තිමට සොයා ගත්තා. නිසි ලෙස සොයා බලා නොකීම ගැන සමා වන්න.

මේ ගැන කුමරතුඟුවන්ගේ ව්‍යාකරණ විවරණයේ වැඩි විස්තර නැත. මෙය පොදු ගැටළුවක් නිසා, පසුව '"නො" යෙදීම' මැයෙන් කෙටි ලිපියක් ලෙස කුමරතුඟුවන් විසින් ම (සුබස සඟරාවේ විය යුතුයි) පල කලා.

ඒ අනුව, පවතු නමු හෙවත් කෘදන්ත නාම වලට කලින් "නො" යන්නක් පැමිණි විට, එය එක් ව ලිවිය යුතුයි. උදාහරණ ලෙස දී ඇත්තේ, "නොකරන", "නොයන", "නොකළ", "නොගිය" ආදියයි.

මේ අනුව, "නොවදාල" ලෙස ඔබ මුලින්ම ලියූ මැය නිවැරදි බව පෙනේ. වැරදි අදහස ගැන සමා වන්න!

Anuradha Ratnaweera said...

ප්‍රසිද්ධ නිකායක අක්ත පත්‍රයකින් උපුටා ගත් කොටස් දෙකකි මේ:

"... උතුම්වූ ඉංග්‍රීසි කිරීටයට ලඞ්කා රාජ්‍යය සහ බුද්ධාගමත් භාරවෙන්ට යෙදී ..."

"... නෛකශ්‍රීන් විරාජමාන වික්ටෝරියා මහා රාජිනියගේ නියෝගය ලෙස ..."

මේ යටත් විජිත කාලයේ නොව දැනටත් පිලිවන්වන අක්ත පත්‍රයේ ඇති සැටියයි! කරුණු දැක්වීමේ දොසක් නැත, නමුත් අර විශේෂණ පද නම් අනවශ්‍යයි නේද?

Nilaksha said...

ඇත්ත අනුරුද්ධ, මේක පුදුම රටක්!
සුද්දොන්ගේ කාලේ ඔය මහානායක කියන පට්ටම් තියාගත්තේ (රජකම සහ සංඝරාජ පදවි අහෝසි කර) ශාසනය ඇතුලේ ඇතිවෙන රහස් ටික හෙළිකරගන්නලු. විශේෂයෙන්ම කැරලි, සටන් ගැන වගේ රහස්. එහෙම කළේ මහානායකවරුන්ට විශේෂ වරප්‍රසාද ලබාදීමෙන්.
ඒ දවස්වල ඉඳලා අපේ ඔය මහානායකවරු ආණ්ඩුවට/කිරීටයට ගැතියි.
අහල තියද දන්නෑ අර ඉංග්‍රීසි ලංකාව යටත් කරගත්තට පස්සේ ගිවිසුම අත්සන් කරපු දවසේ මහනුවර මහමළුවේ සිදුවීම් පිළිබඳ විස්තරය? ඒකට සහභාගී ‍වුන මල්වත්තේ මහානායක හිමි උත්සවය හමාර වී වැව එහාපැත්තේ තියෙන තමන්ගේ පන්සලට වඬින්න සුද්දන්ගේ තූර්යවාදක කණ්ඩායම ලබාදෙන්න කියලා ඉල්ලීමක් කළාලු! ආණ්ඩුකාරයාත් බොහොම කැමැත්තෙන් තූර්යවාදක කණ්ඩායම දුන්නට පස්සේ මහානායක හාමුදුරුවෝ බොහොම විරාජමානව සුදු තූර්යවාදක කණ්ඩායමේ සංගීතය මැද්දේ, ගෝල හාමුදුරුවරු දෙදෙනෙකුගේ සහාය ඇතිව (එච්චරට වයසයිලු) පන්සලට වැඩියලු! :O :o

මම නම් ලංකාවේ බුද්ධ ශාසනය මෙච්චර පිරිහෙන්න කාරණාව හැටියට සලකන්නේ රාජ්‍යය හා ශාසනය අතර තිබූ සම්බන්ධතාවය අහෝසි වීමයි. ඉස්සර රජු ලෞකික රාජ්‍යයත්, සංඝරාජ හිමි ආධ්‍යාත්මික රාජ්‍යයත් පාලනය කරමින් මේ දෙක අතර අනෝන්‍ය සම්බන්ධතාවයක් සැමවිටම පවත්වාගෙන ගොස් තිබෙනවා. එම සම්බන්ධතාවය ඇතිකළ පුරුක තමයි දළදා කරඬුව.

Sam said...

ආනන්ද,
විශේශන පදයන් කීමේ කිසිම වැරද්දක් නැහැ, අපේ ආතා කියාපු හැටියට. ඒය හැදියාවේ ලක්ශනයක් මිසක, පහත් කමක් නොවෙයී. අපේ ජනාදිපති උන්දැ, එංගලන්තේ ගියාම, එහේ උදවිය අති ගරැ ජනතිපති කියලා කියන්නේ, අපිට තියන බයට නේමේයී. ඒ නිසා ගරු නම්බු දීලා කතා කොරන ඒකේ කිසිම වැරද්දක් නැතෙයී කියලා තමයී අපේ ආතා කීවේ.

ඒ වුනාට මට තියන පුරස්නේ, අපේ සංගයා වහන්සේ බුදු බන පසක තබා, වික්ටොරියා රැජිනගේ අවවාද තවමදේශානා කොරන එකයී. දැන් ගැනු ලමයෙකුට කලිසමක් ඇදන් ගමේ පන්සලට යන්න බැහැ. මොකෝ ඒවා වික්ටෝරියානු ක්රමේට විරුද්දයිනේ. සිල් ගන්න, සිල් රෙද්දක් පොරවන්න ඕනේ. ඕක, වික්ටොරියානු ක්රමේට තිබිච්ච වේල් ඒක නොවැ. අපේ උන්දෙලා ඔක ඔලුවට දානව වෙනුවට අතේ දාගෙන ගියා. දැන් ඉතින් ඔය රෙද්ද නැත්තම් සිලුත් නැහැ. අර එන්ගලන්තේ කුමාරයෝ දානවා වගේ, අපේ කොලුවොත් හරහට රෙද්දක් ඔතාගන්න ඔනේ සිල් රෙද්ද කියලා. ඒංගලන්තේ ඔය රෙද්දට කියන නමනම් මට මතක නැහැ.

මට මතකයී දවසක් දැන් කාලේ හැදෙන පිරිමි ලමයී, කෙල්ලෝ වගේ කොන්ඩෙ වවාගෙන ඉන්නා කියල ලොකු හාමුදුරු උන්නසෙ ගහපු පොලුපාරවල් ටික. වෙන කොහෙවත් නෙමෙයී. රූපවාහිනියේ. අනේ අනිජ්ං කියලා හිතුනේ, කහ රෙද්ද පෙරොගෙන මේ උන්දෙලත් බයිබලෙ (Corinthians 11: 14-15) කාරනා හරියට බුදුබන වගේ දෙසාබන කොටයී.

අපේ පන්සලේ, ඔය වගේ කතෝලික දෙශානා කෝටියක් මට කිය හැකීයී. සුද්දට බෞද්ධයා කතෝලික කරන්න බැරි උනහම, බොහම කලකිරියාවේන්, බුද්ධාගම කතෝලික කෙරුවා. ඊලගට බෞධදයා කතෝලික කොරන එක හරිම ලේසේයී.

මටනම් රාජ්යය සහ සාසනය අතර කිසිම අහෝසි සම්බන්දයක් පෙනෙන නැහැ. කොටින්ම කියනවානම් දැන්, රජ්යයයී, සාසනයි කියනේ එක ගෙදර උදවිය වගේ. ඕනෑම ආගමක් හැම තිස්සෙම හදන්නේ, හැකි තාක් රජ්යය පාලන බලය ලබා ගන්නයී. ඊලගට මොකද වෙන්නේ කියලා, හිත හිතා ඉන්න ඕනේ නැහැ. ලෝක ඉතිහාසේ ඔන තරම් සාදක තියෙනවා.

Wiz Kun said...

තෙවන පාර්ශවීය දෘශ්ටි කෝණයකින් බැලූ විට, නිලක්ශ ආදීන්ගේ ප්‍රතිචාරද දෙස බැලූ කල මා විසින් ලියන ලද සමහර ප්‍රතිචාර සමහරුන්ගේ සිත් රිදීමකට හේතු වුනාදෝ යි සිතුනි. අනේ මම එසේ අදහස් නොකලෙමි. මා උත්සාහ ගත්තේ මා දුටු ආකාරය දුටු සැටියෙන් විස්තර කිරීමට මිස පහර ගැසීමට හෝ වෙනත් අරමුණකින් නොවේ. එසේ කිසිවෙකුගේ හෝ සිත් රිදීමකට මාගේ ප්‍රතිචාර හේතු වුනි නම් කරුණාකර සමා වන්න, මා අදහස් කල දේ තේරුම් ගන්න.

සෑම් ගේ බොහෝ අදහස් වලට මා එකඟ වන්නේ අපගේ සිතීමේ රටාවේ යම් සමාන කමක් නිසා මිස මුට්ටි ඇල්ලීම හෝ වෙන අදහසකින් නම් නොවේ. එකම කාරණය දෙස විවිධ පුද්ගලයින්ට විවිධ දෘශ්ටි කෝන වලින් දැකිය හැකි බවට එය හොඳ උදාහරණයක්.

විවෘත ඇසකින් බැලූ විට සමහර දේවල් ඇති සැටියෙන් දැකිය හැකියි, නැතිනම් අපට පෙනෙන්නේ අප දකින්නට කැමති දේ පමණයි.

නිලක්ශ කියූ කතාව විශ්ලේශනය කර බැලූ විට යම් ආකාරයක දුකක් සහ කලකිරීමක් ඇති වේ. එයින් අවබෝධ වන්නේ "මහානායක ස්වාමීන් වහන්සේ" තනතුර හෙබවූ "පුද්ගලයාට", රාජ්‍ය පෙරළුනු පසු ඇතිවූ, තුබූ බලය අහෝසි වීම පිලිබඳ දුකක් (nostalgia). සහ පසුව බලයට පත් වූ ඉංගිරිසීන් ගේ ආණ්ඩුව හරහා එම නැතිවී ගිය බලය (dominance) ලබා ගැනීමේ ආශාවයි. ආණ්ඩුකාරයාගේ පැත්තෙන් බැලූ විට, මිනිසුන් විශ්වාස කරන ආගම හරහා එම මිනිසුන් මත බලය පෑම සඳහා හොඳම උපකරණය වන්නේ මිනිසුන් අදහන ආගම නියෝජනය කරන පුද්ගලයා සමඟ සබඳතාවයක් ගොඩනගා ගැනීමයි.

මධ්‍යකාලීන යුගයේ අවසාන කාලයේ ඇතිවූ ස්පාඤ්ඤ එංගලන්ත යුද්ධ සඳහාද මූලිකම හේතුවක් ලෙස දැකිය හැක්කේ ආගම සහ දේශපාලනය අතර ඇති වූ ඕනෑවට වැඩි ඇයි හොඳැයිය බව පෙනී යයි.

දැන් කාලයේ අපේ දේශපාලකයෝ වුනත් "මතභේදයට තුඩුදෙන කාරණා" ඇතිවූ විට මේ මහානායක හාමුදුරුවරු "බැහැ දැක" උන්නාන්සේලා ලවා තමන්ට අවශ්‍ය දේ කියවාගන්නේ "ඇදහිලිවන්තයින්" තමාගේ පැත්තට නම්මාගැනීමට නොවේනම් වෙන කුමකටදැයි මටනම් නොතේරේ.

Anuradha Ratnaweera said...

සෑම්,හාමුදුරුවරු විතරක් නො වෙයි, "සංස්කෘතිය" රැක ගැනීමට කියන අයත් කියන්නේ, වික්ටෝරියානු යුගයේ වැපිරූ "හැදියාව" ගෙනියන්නනේ.

Wiz Kun said...

මට මතක හැටියට, අනුරාධ කියූ ලෙස නොවදාල යන්නෙහි නො යන්න වෙන් කර ලිවිය යුතු යැයි සම්මතයක් ඇති කලේ ආචාර්ය ටී.බී. ජයා මහතා අධ්‍යාපන අමාත්‍ය වරයා ව සිටි කාලයේදීයි.

Anuradha Ratnaweera said...

wiz kun, කුමරගුඟුවන්ට අනුව, මා කී දේ වැරදියි. ඒ ගැන මා මේ කතිකාවේදී ම නැවත ලියුවා.

Anuradha Ratnaweera said...

සෑම්, විශේෂණ පද වල වෙනස මේකයි: අපේ ජනාධිපතිතුමා එහේ යන්නේ හමුදාවත් එක්ක ඒ රට අල්ලගෙන එහේ සම්පත් මෙහාට අදින්න නෙවෙයි නෙ. එතකොට ගරු නම්බු දීල කතා කරන එකනම් යටත් කමක් නෙවෙයි තමයි.

KAS said...

මම මේ සිංහල බ්ලොග් කියවීමට පුරුදු වෙලා තවම දවස් 5 කි වත් නැහැ. ඉතින් අසිපතේ මේ පෝස්ට් එකත් දැක්කේ අද. ඒ වුනත් හොද කාලීන මාතෘකාවක් නිසා comment එකක් ලියන්න හිතුනා.

ඇත්තටම මම කිසිම ආගමක් අදහන්නේ නැහැ. ඒත් බුද්ධ ධර්ශනය ජීවන ධර්ශනයක් විදිහට මගේ පිළිගැනීමක් තියෙනවා. ඔබගේ ලිපියේ කරුණූ වලට 100% ක් ම එකග නොවුනත් බුදු දහමට පසු කලෙක වුනු විකෘති කිරීම් ගැන තිබුණ කරුණු වලට නම් එකග වෙනවා. බුදුන් වහන්සේ දේශනා කළේ මේ ලොව සිටින සියලුම මිනිසුන් සමාන බවයි. කිසිමයම්ම හෝ ආකාරයක බෙදීමක් උන් වහන්සේ ප්‍රතික්ශේප කළා. පරලොව සුඛිත මුදිත කිරීමට වඩා මෙලොව ජීවිතය සාර්ථක කර නැගීම තමයි උන් වහන්සේගේ දේශනය වුනේ.

බුද්ධ දර්ශනය කිසිම අවස්ථාවක මේ බෙදීම් අනුමත නොකරපු නිසා තමයි අංගුලිමාල ටත් සෝපාකටත් බුදු දහමේ දොර ඇරුනේ. මේ නිකාය භේදය මගින් බුදු දහමේ ඉගැන්වෙන මූලිකම පදනමකට එරෙහිව යනවා කියලා මේ කිසිම පන්ඩිතයෙකුට තේරෙන්නේ නැති එක තමයි පුදුමේ.

බලන්න එක නිකායක හාමුදුරු කෙනෙක් ගමනක් වැඩියොත් නවාතැන් ගැනීමේදී වෙන නිකායක පන්සලක ඉඩ නැහැ. එකම ධර්මය දේශනා කරන එකම ධර්මය ප්‍රචාරය කරන එකම සංඝ පරපුරේ වෙලත් බෙදීමක්. බලන්න කොච්චර කැතද කියලා.

මම නම් හිතන්නේ කව්රු හරි මේකට විරුද්ධ වෙන්න ‍‍‍‍වෙනවා.